slc
logo
Home   |    News
ජූලි 29, 2023
ග්ලැඩියේටර්වරුන් ටයිටෑන්ස්වරුන් වූ වගයි

sinhala editor

මෙතෙක් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයේදීම ගෝල් ග්ලැඩියේටර්ස් නාමයෙන් යුතුව තරග වැදි ගෝල් කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ නවතම හිමිකාරීත්වයක් යටතේයය. එබැවින් ඔවුහු ගෝල් ග්ලැඩියේටර්ස් යන නාමය ගෝල් ටැයිටෑන්ස් නමින් සං‌ශෝධනය කර තිබේ. මෙතෙක් තරගාවලියේ ශූරතා කුසලාන අනුශූරතාව දෙවතාවක් හිමිකරගත් එකම කණ්ඩායම වන්නේද ගෝල් ටැයිටෑන්ස් කණ්ඩායමයි.

ඔවුහු සමාරම්භක තරගාවලිය වු 2020 තරගාවලියේදී සහ 2021 වසර වලදී පිට පිටම අනුශූරතාවයෙන් සැහිමකට පත් වුණු කණ්ඩායම විය. නිමාවට වසරේදි ඔවුන්ට ජය ගැනිමට අවස්ථාව උදාවූයේ තරග 2 ක් පමණක් වීමද කැපී පෙනෙයි.

මෙතෙක් පැවැති තරගාවලිවලදී ශහීඩ් අෆ්රිඩි, භානුක රාජපක්ෂ සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් ගෝල් කණ්ඩායමේ නායකයින් ලෙස කටයුතු කර තිබේ. ඒ අතරින් අනුශූරතාව දිනාගනු ලබන්නේ භානුක රාජපක්ෂගේ නායකත්වය යටතේ වීම කැපි පෙනෙයි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියට ගෝල් කණ්ඩායම අවතීර්ණ වනුයේ දසුන් ශානකගේ නායකත්වය යටතේය. මෙතෙක් දිනක් දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන්, තරගාවලි‌ ඉතිහාසයේ දඹුල්ල කණ්ඩායමෙන් ඉවත්ව වෙනත් කණ්ඩායමකට එක් වන පළමු තරගාවලිය වන්නේද මෙවර තරගාවලිය වේ.

දසුන් ශානක, භානුක රජපක්ෂ ඇරණු විට කණ්ඩායම සතු පතාකම චරිතය වන්නේ බංග්ලාදේශ පිලේ නායකයා වන ශකීබ් අල් හසන් ගෝල් ටයිටෑන්ස් පිල සතු වීමය. මෙවර තරග වාරයේප්‍රමුඛතම විදෙස් ගත ක්‍රීඩකයා ලෙසින් ගෝල් ටයිටෑන්ස් කළමනාකාරීත්වය ශකීබ්ව තෝරාගෙන තිබේ. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන අල් හසන් ලොව විස්සයි-20 සහ එක්දින තරග වල තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හිද ඉදිරි ස්ථානවල රැදී සිටීමට සමත් ක්‍රීඩකයෙකි.

මේ වන විට 36 වැනි වියේ පසුවන අල් හසන්, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්, ඉන්දියන් පිමියර් ලීග්, කැරිබියන් පිමියර් ලීග් සහ පාකිස්තානු සුපර් ලීග් යන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි නියෝජනය කරනු ලබයි. ඊට අමතරව ‌ඔහු කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි-20 තරගාවලියේද යාවජීව සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන්නේය.

ඊට අමතරව ටැයිටෑන්ස් සතු අනෙක් චරිතය වන්නේ 33 හැවිරිදි වියේ පසුවන දකුණු අප්‍රිකානු ජාතික වමත් දඟ පන්දු යවන ටබ්‍රේස් ශම්සි වේ. ඔහුද මෙම තරගාවලියට එක්ව සිටින්නේ සෘජුවම ගිවිසුම් ගතවීම අතුරුවය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කළ ඇති වමත් දඟ පන්දු යවන්නා එක්දින තරග 44 කට සහ විස්සයි-20 තරග 61 කදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

මොහොමඩ් මිතුන් ඔවුන් සතු කඩුලු රකින්නා වන්නේය. ඉදිරි පෙළ පිතිකරුවකු වන වන මොහොමඩ් මිතුන්, 32 වැනි වියේ පසුවන්නේය. බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 10 කට සහ එක්දින ජාත්‍යන්තර 34 කට ක්‍රීඩා කර ඇති මිතුන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 17 කට සිය දායකත්වය ලබා දී තිබේ. ඇමරිකානු ඩොලර් 20,000 ක මුදලකට මිතුන්ගේ සේවය ටයිටෑන්ස්වරු ලබාගෙන තිබේ.

නවසීලන්තයෙන් ටයිටෑන්ස් පිලට ක්‍රීඩකයින් දෙදෙනකු එක්ව සිටියි. ටිම් සීෆර්ට් සහ චැඩි බෝව්ස් ඔවුන් සතු එම ක්‍රීඩකයින් දෙදෙනා.ය. ඉදිරි පෙළ පිතිකරුවන් වන මොවුන් දෙදෙනාම තවමත් 28 වැනි හ 30 වැනි වියයන්හි පසුවන්නෝ වෙති. ඔහුව මෙවර තරග වාරයේදී ගාලු කණ්ඩායම මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් 58,000 ක මුදකටය.

ගෝල් ටැයිටෑන්ස්

දේශීය ක්‍රීඩකයින් – දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න, ළහිරු කුමාර, අශාන් ප්‍රියන්ජන්, ලසිත් කෲස්පුල්ලේ, සොහාන් ද ලිවේරා, මිනෝද් භානුක, පසිඳු සූරයබණ්ඩාර, ෂෙවෝන් ඩනියෙල්, මොහොමඩ් ශිරාස්, ළහිරු සමරකෝන්, කසුන් රජිත, අකිල ධනංජය, විශ්ව ප්‍රනාන්නදු, සොාාල් දිනූෂ, අවිශ්ක පෙරේරා,, සහ අනුක් ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයින් – ශකීබ් අල් හසන්, ටබ්‍රේස් ශම්සි, බෙන් කටිං, මොහොමඩ් මිතුන්, ටිම් සීෆර්ට්. චැඩ් බෝව්ස්.

Active filters

Recent Posts

  • වසර 5 කට පසු නවසීලන්ත ටෙස්ට් පිල ශ්‍රී ලංකාවට
    ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14 දා) පස්වරුවේදීි ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ටිම් සවුතිගේ […]
  • එස්.එස්.සී සහ ටැමිල් යුනියන් මුල් ඉනිමේ දී ඉදිරියෙන්
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන මේජර් අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී එස්.එස්.සී. සහ ටැමිල් යුනියන් කණ්ඩායම් ප්‍රථම ඉනිමේ ඉදිරියෙන් සිටීමට සමත් විය. […]
  • සහන් කෝසලගෙන් ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ අද (13) ආරම්භ වු කැන්ඩි කස්ටම් – එස්.එස්.සී. තරගයේ දී කාසියේ […]
  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee