slc
logo
Home   |    News
ජූලි 24, 2023
තරගයේ පාලනය පාකිස්තානුවන් අතට

sinhala editor

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ දිවා විවේකය වන විට තරගය නිමා කරන විට සියලු ගෞරව අත්කර ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වී සිටියහ. පන්දුවාරයකට ලකුණු 3.03 ක වේගයක් සහිතව පන්දුවට  පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 4 ක් ලකුණු 79 ක් ඇතුළතදී දවා ගනිමින් දෙවැනි ටෙස්ට් තරගයේ පාලනයට අතට ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්ව සිටියි. .

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 40 කදී ලකුණු 33 ක් ද දිනේෂ් චන්දිමාල් පන්දු 36 කදී ලකුණු 09 ක් ද ලබා  පස්වැනි කඩුල්ලට නොබිඳුණු කුණු 43 ක සම්බන්ධතාවක් පවත්වාගෙන සිටිති.

වර්ෂාව හේතුවෙන් මිනිත්තු 30 ක ප්‍රමාදයෙන් ආරම්භ වුණු මෙම තරගයේදී නිශාන් මදුශ්ක කඩුලු අතර දිව යෑමේදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුවූයේ අනවශ්‍ය ලකුණක් ලබා ගැනීමට දරන ලද උත්සාහයේදීය. ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල අහිමි වන විට තෙවැනි පන්දුවාරය වත් අවසන් ව නොමැත.

අනවශ්‍ය පහරක් එල්ල කිරීමට දරන ලද උත්සාහයේද කුසල් මෙන්ඩිස් නිකරුණේ ශහීන් ෂා අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් දී දැවී ගියේය. දැවී ගිය අනෙක් කඩුලු 3 න් 2 ක්ම නසීම් ශා විසින් දවා ගනු ලැබිය. ඇන්ජලෝමැතිව්ස් සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු පන්දු 3 ක් ඇතුළතදී දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කිරීමට දකුණත් වේග පන්දු යවන්නා සමත්වූවේය.

ශ්‍රී ලංකාවට සිව්වැනි කඩුල්ල අහිමි වන විට ලකුණු පුවරුව යන්තම් 36 ක් ලෙස සටහන් විය. අසීරුතාවය මැඩ ගනනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ලකුණු 50 රැස් කර ගැනීම සඳහා පන්දු 108 ක් වැය කළේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 27 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 84 යි – (ධනංජය ද සිල්වා 33*, දිනේෂ් චන්දිමාල් 09*, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, නසීම් ෂා 27/2, ශහීන් ෂා අෆ්රිඩි 17/1)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee