දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එක්ව පාකිස්තානු දෙවැනි ඉනිම බිඳ දැමීමට දැඩි උත්සාහයක් ගත් නමුත් සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් ඉතිරි නොමැති වීම නිසා කඩුලු 4 ක් ඉතිරිව තිබියදී පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අද (20 දා) උදෑසන සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද කඩුලු 4 ක ජයත් සමඟ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක කණ්ඩායම සමත්ව සිටියි.
ලකුණු 131 ක ජයග්‍රාහී ඉලක්කය කරා යෑමේදී කඩුලු 7 ක් අතැතිව ලකුණු 83 ක් හඹා යෑම ඇරැඹූ පාකිස්තානු පිතිකරුවන්ගෙන් කඩුලු 3 ක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා සමත්වූහ. නායක බාබර් අසාම්ව ලකුණු 24 කට ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගනිද්දී පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලද සෞද් ශකීල්ව (30) රමේෂ් මෙන්ඩිස් විසින් දවා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 5 ක් ලබා ගත යුතුව තිබියදී පිටියට පිවිසි සෆ්‍රාස් අහමඩ්ගේ කඩුල්ල දවා ගැනීමට යළිත් ජයසූරිය සමත් වුවත්, ඊළඟ පන්දුවට පහර දීම සඳහා පිවිසි අඝා සල්මාන් හයේ පහරක් එල්ල කරමින් පාකිස්තානු පිලේ ජය තහවුරු කළේය.
එම ජයග්‍රහණය සනිටුහන් වන විට ප්‍රභාත් ජයසූරිය ලකුනු 56 කට කඩලු 4 ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 62 කට එක් කඩුල්ලක් දවාගෙන සිටියහ. පාකිස්තානු කණ්ඩායම මෙම ටෙස්ට් තරග ජය සනිටුහන් කර ගන්නා ලද්දේ අවසන් වතාවට ටෙස්ට් තරග ජය වාර්තා කරන ලද ඉකුත් 2022 වසරේදී වීම කැපී පෙනෙයි. 2022 වසරේ ජූලි 20 වැනිදා එම ජයග්‍රහණය වාර්තා කරගෙන ඇත්තේද ශ්‍රී ලංකාවට එරෙහිව අද නිමාවට විට තරගය පැවැති ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වීම විශ්ෂත්වයකි.
ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය ලබන සඳුදා (24 වැනිදා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
- ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 2 කදී ලකුණු 312 යි
- පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 2 කදී ලකුණු 461 යි
- ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 1 කදී ලකුණු 279 යි –(නිශාන් මදුහ්ක 52, දිමුත් කරුණාරත්න 20, කුසල් මෙන්ඩිස් 18, ඇන්ලෝ මැතිව්ස් 07, දිනේෂ් චන්දිමාල් 28, ධනංජය ද සිල්වා 82, සධීර සමරවික්‍රම 11, රමේෂ් මෙන්ඩිස් 42, ප්‍රභාත් ජයසූරිය 10, විශ්ව ප්‍රනාන්දු 00*, කසුන් රජිත 05, නෝමන් අලී 75/3, අබ්‍රා අහමඩ් 68/3, අඝා සල්මාන් 39/2, ශහීන් ෂා අෆ්රිඩි 64/2)
- පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 32.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 133 යි –(අබ්දුල්ලා ශෆික් 08, ඉමාම් උල් හක් 50*, ශාන් මසූඩ් 07, නෝමන් අලී 00, බාබර් අසාම් 24, සෞද් ශකීල් 30, සෆ්‍රාස් අහමඩ් 01, අඝා සල්මාන් 06*, ප්‍රභාත් ජයසූරිය 56/4, රමේෂ් මෙන්ඩිස් 62/1)