slc
logo
Home   |    News
ජූලි 2, 2023
වනිඳුට දඬුවම් ලකුණක්

sinhala editor

සුපිරි කණ්ඩායම 6 අතර තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහි තරගය අතරතුරදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන ලෙස හැසි‌රීම නිසා වනිඳු හසරංගට එක් දඬුවම් ලකුණක් ලබා දී තිබේ.

වනිඳුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ ඔහු දැවී යෑමෙන් පසු පිටියෙන් ඉවතට පැමිණීමේදී තම පිත්තෙන් ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩාංගණය වටා යොදා ඇති හතරේ සීමාවට පහර දීම වේ.

එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙ චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝණය කිරීමක්වේ. ජාත්‍යන්තර තරගයකදී ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම්, ක්‍රීඩාංගණයේ ඇති උපකරණ සවි කිරීම් මෙන්ම උපාංග අනිසි ලෙස භාවිතා කිරීම මෙම වගන්තියට ඇතුළත් වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයේදී වනිඳු හසරංග වරද පිළිගත් බැවින් තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලද දකුණු අප්‍රිකානු ජාතික ශයිඩ් වද්වලා මහතා විසින් යෝජනා කරන ලද අවසරය ඔහු පිළිගනු ලැබීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee