ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් ඉනිමකින් හා ලකුණු 104කින් පරාජයට ත් කිරීමට හලාවත මේරියන්ස් පිල සමත් විය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම හලාවත මේරියන්ස් මෙම ජයග්‍රහණය වාර්තා කළේ අද බ්ලුම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයේදීය.
මේ අතර අද දිනයේ අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් 7ක් ශතක වාර්තා කිරීම කැපී පෙණුනි. කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් වැඩිම ලකුණු ගණන වාර්තා කරමින් ලකුණු 172ක් වාර්තා කළේය. මැතිව්ස් පන්දු 263කදී හයේ පහර 4ක් හා හතරේ පහර 18ක් මෙම ලකුණු ගණනට ඇතුලත් කර ගත්තේය.
එයට අමතරව සීසීසී පිලේ පවන් රත්නායක ලකුණු 103ක්, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජයේ ෂබීර් තෘන්ක්වල නොදැවී ලකුණු 105ක්, පානදුර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඉන්දීය ජාතික සමාත් සේත් ලකුණු 101ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ සිතාර ගිම්හාන ලකුණු 126ක්, මුවර්ස් පිලේ ෂොහාන් ඩී ලිවේරා ලකුණු 130ක් හා ජනිෂ්ක පෙරේරා ලකුණු 124ක් ලබා ගත්හ. එස්එස්සී පිලේ ෂෙවෝන් ඩැනියෙල් මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව ඊයේ (30) පළමු දිනයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
හලාවත මේරියන්ස් – බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේදී හලාවත මේරියන්ස් පළමු ඉනිමට ලකුණු 344ක් ලබාගත් අතර, බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 103කට සීමා වූ හෙයින් යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවිය. ඉනිමක පරාජයෙන් බේරීමට බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 241ක් ලබාගත යුතුව තිබුණද දෙවැනි ඉනිමට ලබාගත හැකි වූයේ ලකුණු 137ක් පමණි. බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිමේ කඩුලු 5ක් බිදහෙලූ මේරියන්ස් පිලේ කේසර නුවන්ත පළමු ඉනිමේදී කඩුලු 3ක් දවාගත් හෙයින් සමස්ත තරගයේ කඩුලු 8ක් බිදහෙලා ඉදිරියෙන් සිටියේය.
හලාවත මේරියන්ස් පළමු ඉනිම ලකුණු 344 (ඕවර් 89.1) – සරූල් කන්වර් 18, කසුන් විදුර81, රවීන් යසස් 54, චමෝද් සඳරූ 44, කේසර නුවන්ත 18 (ළහිරු මධුසංඛ 37/3, සහන් නානායක්කාර 89/3, සදුන් වීරක්කොඩි 34/2)
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 103 (ඕවර් 37.4) – අශාන් ප්‍රනාන්දු 23, ගජිත කොටුවේගොඩ 15, නිපුන් කරුණානායක 17, මනෙල්ක ද සිල්වා 19 ( නිපුන් ප්‍රේමරත්න 29/5, කේසර නුවන්ත 29/3)
බ්ලුම්ෆීල්ඩ් දෙවැනි ඉනිම ලකුණු 137 (ඕවර් 47.2) – හසිත බොයගොඩ 15, මනෙල්ක ද සිල්වා 47, ජෙෆ්රි වැන්ඩර්සේ 44 ( කේසර නුවන්ත 74/5, අවිඳු තීක්ෂණ 17/3)
එස්එස්සී – මීගමුව අතර තරගය එස්එස්සී පිටියේදී
මෙම තරගයේදී එස්එස්සී පළමු ඉනිමට වඩා මීගමුව දෙවැනි ඉනිමේ ලකුණු ලකුණු 180ක් පසුපසින් සිටීම කැපී පෙනේ. එස්එස්සී ෂෙවෝන් ඩැනියෙල් දිවිත්ව ශතකයක් වාර්තා කළ අතර මීගමුව පිලේ ෂෙෂාන් ප්‍රනාන්දු ශතකය පෙනි පෙනී ලකුණු 97කට දැවී ගියේය.
එස්එස්සී පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 442 (ඕවර් 89.4) – අවිශ්ක ප්‍රනාන්දු 76, ක්‍රිෂාන් සංජුල 26, ෂෙවෝන් ඩැනියෙල් 209, නිසල තාරක 28, දිනුර කලුපහන නොදැවී 57 (ධනුෂ්ක සඳරුවන් 82/3, සචිඳු කොළඹගේ 78/2, ජාටින් සක්සේනා 56/2)
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 252 (ඕවර් 84.2) – දිමුත් සඳරුවන් 24, ජාටින් සක්සේනා 27, හිමාෂ ලියනගේ 58, ෂෙෂාන් ප්‍රනාන්දු 97 (නිසල තාරක 34/4, කළන පෙරේරා 36/2, ප්‍රභාත් ජයසූරිය 34/2, ලක්ෂිත මානසිංහ 71/2)
මීගමුව ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම නිසිවෙකු නොදැවී ලකුණු 10 (ඕවර් 3)
සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය අතර තරගය සීසීසී පිටියේදී
දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය කඩුලු 4ක් අතැතිව සීසීසී පිලට වඩා ලකුණු 118ක් ඉදිරියෙන් සිටී.
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය පළමු ඉනිම ලකුණු 168 (ඕවර් 56.1) – ජේසන් පෙරේරා 72, පැතුම් දිල්ෂාන් 23, රනිත ලියනාරච්චි 29 ( අශාන් ප්‍රියංජන 32/2, චතුරංග ද සිල්වා 38/2, සොනාල් දිනූෂ 14/3)
සීසීසී පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 143 (ඕවර් 33) – මිනෝද් භානුක 24, පවන් රත්නායක 103, අශාන් ප්‍රියංජන 56, ලක්ෂාන් සඳකැන් නොදැවී 18 (දිල්ෂාන් අබේසිංහ 32/2, චලන ද සිල්වා 57/4, ටී. එම් . සම්පත් 48/4)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය දෙවැනි ඉනිම කඩුලු 6කට ලකුණු 200 (ඕවර් 49.1) – පැතුම් දිල්ෂාන් 41, ෂබීර් තෘන්ක්වල නොදැවී 105, දුලීක තිස්සකුට්ටි 20 ( සොනාල් දිනූෂ 62/2, ලක්ෂාන් සඳකැන් 36/3)
කොල්ට්ස් – බීආර්සී අතර තරගය කෝල්ට්ස් පිටියේදී
කෝල්ට්ස් පිල පළමු ඉනිමට ලකුණු 387ක් ලබාගත් හෙයින් දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බීආර්සී ක්‍රීඩකයෝ කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 146ක් පිටිපසින් සිටීම කැපී පෙනේ.
බීආර්සී පළමු ඉනිම ලකුණු 144 (ඕවර් 47.2 ) – භාග්‍ය දිසානායක 21, ලියෝ ප්‍රනාන්දු 21, දිල්රුවන් පෙරේරා 56 ( අකිල ධනංජය 59/3, ධනංජය ලක්ෂාන් 29/2, මල්ක මධුසංඛ 0/2)
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 387 ( ඕවර් 102 ) – යශෝද ලංකා 18, සංගීත් කුරේ 92, ධනංජය ලක්ෂාන් 35, ඇන්ජලෝ මැතිව්ස් 172, කවිෂ්ක අංජුල 28 (මොහොමඩ් සිරාෂ් 96/4, සශික දිල්ෂාන් 103/2, දිල්රුවන් පෙරේරා 86/3)
රාගම – පානදුර අතර තරගය තර්ස්ටන් පිටියේදී
පානදුර පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 396ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කරන රාගම පිල කඩුලු 8ක් අතැතිව පළමු ඉනිමේ තවත් ලකුණු 179ක් පසුපසින් සිටී.
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 396 (ඕවර් 111) – සිනෙත් ජයවර්ධන 15, පවන් සංදේශ් 52, රොෂාන් විජේනායක 71, සමාත් සේත් 101, කොෂාන් ධනුෂ්ක 31, නිමේෂ් විමුක්ති 59, රජීව විජේසිංහ 25 සන්තුෂ් ගුණතිලක 35/2, ශෂීක දුල්ෂාන් 86/5, කල්හාර සේනාරත්න 95/2)
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 2කට ලකුණු 217 (ඕවර් 53) – නිශාන් මධූෂ්ක 69, ළහිරු තිරිමාන්න 84, සමින්ද ප්‍රනාන්දු නොදැවී 23, ජනිත් ලියනගේ නොදැවී 29 ( නිමේෂ් විමුක්ති 75/1, කොෂාන් ධනුෂ්ක 25/1)
කුරුණෑගල තරුණ – ටැමිල් යූනියන් අතර තරගය වෙලගෙදර පිටියේදී
ටැමිල් යූනියන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 360ට පිළිතුරු ලෙස කුරුණෑගල තරුණ පිල පළමු ඉනිමේ කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබාසිටී. මේ හෙයින් කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම ලකුණු අනුව තවත් ලකුණු 173ක් පසුපසින් සිටී.
ටැමිල් යූනියන් පළමු ඉනිම ලකුණු 360 (ඕවර් 96.3) – නවෝද් පරණවිතාන 32, ලසිත් අබේරත්න 99, රවිඳු ප්‍රනාන්දු 107, දිලුම් සුධීර 26, ප්‍රමොද් මධුෂාන් 44 ( චමින්ද බණ්ඩාර 101/3, සනෝජ් දර්ශික 54/3)
කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 187 (ඕවර් 84) – දිලාන් ජයලත් 17, සමිට් ගෝහෙල් 42, දිල්හාර පොල්ගම්පොල 55, සනෝජ් දර්ශික 49 ( ශිරාන් ප්‍රනාන්දු 34/2, සචිත් පතිරණ 57/2, රවිඳු ප්‍රනාන්දු 31/2)
ගුවන් හමුදාව – මුවර්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී
මුවර්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 463ක් ලබා ඉනිම අත්හිටවූ අතර, ගුවන් හමුදා පිල පළමු ඉනිමේ තවත් ලකුණු 263ක් පසිපසින් සිටී.
මුවර්ස් පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 463 (ඕවර් 111.2) – ෂොහාන් ඩී ලිවේරා 130, පසිඳු සූරියබණ්ඩාර 15, ජනිෂ්ක පෙරේරා 124, රමේෂ් මෙන්ඩිස් නොදැවී 60, මොහොමඩ් සමාෂ් නොදැවී 26 ( ලසඳ රුක්මාල් 53/1, මොවින් සුබසිංහ 103/1, නිපුන් කාරියවසම් 53/1, චතුර රන්දුනු 119/1, සෙනෂ් ප්‍රනාන්දු 76/2)
ගුවන් හමුදාව පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 200 (ඕවර් 64) – සහීල් ඩයස් 30, සන්ජීට් දේශායි 15, කෙමිර විජේනායක 18, මොවින් සුබසිංහ 19, සෙනෂ් ප්‍රනාන්දු 26, ප්‍රවීන් ද සිල්වා 59 ( තේෂාන් විදුෂාන් 41/5, ප්‍රවීන් ජයවික්‍රම 54/2)
බදුරලිය – ඒස් කැපිටල් අතර තරගය මග්ගොන සරේ පිටියේදී
ඒස් කැපිටල් පිල දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින අතර, තවත් කඩුලු 4ක් අතැතිව ලකණු 263ක් ඉදිරියෙන් සිටී.
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 239 (ඕවර් 82.3) – සිතාර ගිම්හාන 126, හර්ෂ කුරේ 29, වනුජ සහන් 32 (පර්වස් රසූල් 95/3, අලංකාර අසංක සිල්වා 67/4, චානක කොමසෝරු 59/3 )
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 141 (ඕවර් 43.1) – අදීල් රෙෂී 26, ගිහාන් කෝරළගේ 36, රනේෂ් සිල්වා 24 (වනුජ සහන් 63/5, රොෂාන් ජයතිස්ස 63/4)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම කඩුලු 6කට ලකුණු 165 (ඕවර් 43) – පවන්ත වීරසිංහ 16, කවිඳු අමන්ත 54, සිතාර ගිම්හාන 60, සකුන ලියනගේ නොදැවී 29 (පර්වස් රසූල් 70/3, චානක කොමසෝරු 71/2 )
කැන්ඩි කස්ටම් – යුද හමුදාව අතර තරගය පනාගොඩ ක්‍රීඩාංගණයේදී
ඇදහැලුන වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තෙත බරිතවී තරගය අද දෙවැනි දිනයේ ප්‍රමාදවී ආරම්භ විය. මේ හේතුවෙන් දෙවැනි දිනයේ ඕවර් 19ක් පමණක් යැවීමට සිදුවිය.
කැන්ඩි කස්ටම් පළමු ඉනිම ලකුණු 189 ( ඕවර් 67.4) – තෙවිදු දික්වැල්ල 20, අභිෂේක් ගුප්තා 38, මිතුන් ජයවික්‍රම 56, අනුරීට් සිං 31 ( කෞමාල් නානායක්කාර 84/5, ෂෙහාඩා සොයිසා 61/4)
යුද හමුදාව පළමු ඉනිම කඩුලු 1කට ලකුණු 8 (ඕවර් 6) (මිතුන් ජයවික්‍රම 0/1)