slc
logo
Home   |    News
අගෝස්තු 5, 2023
කුසල් සහ සධීරගේ වාර්තාගත සම්බන්ධතාවයෙන් දඹුල්ල වැඩිම ලකුණු ලබයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවේ වාර්තාවද සමඟින් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක්ව පන්දු 64 කදී රැස් කරන ලද ලකුණු 120 ක සම්බන්ධතාව නිසා නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 192 ක් රැස් කිරීමට දඹල්ල අවුරා කණ්ඩායමට අවස්තාව උදාවිය. මෙය මෙවර තරග වාරයේදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය.

අර්ධ ශතක සම්බන්ධතාවක් ලෙසින් සටහන් වුණු මෙම සම්බන්ධතාවේදී කුසල් ‌පන්දු 46 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 87 ක් රැස් කළේය. කුසල් අද දිනයේ එල්ල කරන ලද හයේ පහර 8 ද මෙතෙක් තරග ඉතිහාසයේ ඉනිමක එල්ල වුණු වැඩිම හයේ පහර සංඛ්‍යාව සම කරන්නක් ද වූවේය. ‌මීට පෙර තරගයකදී හයේ පහර 8 ක් එල්ල කිරීමට සමත්ව සිටින එකම පිතිකරුවා වී ඇත්තේ ඉකුත් වසරේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ටොම් කොලර්-කැඩ්මෝර් වන අතර ඔහු කලම්බු ස්ටාර්ස්ට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එම දක්ෂතාව දක්වා තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12 කට දැවී යෑමත් සමග කුසල් ට එක් වුණු සධීර පළමු තාක්ෂණික විවේකය වූ 9 වැනි පන්දුවාරය අවසන් වන විට දඹුල්ල ලකුණු පුවරුව ලකුණු 58 ක් දක්වා ඉහළ දැමූහ. කෙසේ වෙතත් අනතූරුව ප්‍රවේගකාරී පිතිහරඹයක නියැළි සධීර සහ කුසල් මොහොමඩ් නවාස් ක්‍රියාත්මක කරන ලද 10 වැනි පන්දුවාරයේදී ලකුණු 20 ක් උදුරා ගත්තේ කුසල් මෙන්ඩිස් එල්ල කරන ලද හයේ පහර 3 ත් සමඟිනි. ඉන් පසු දැඩිම ප්‍රහාරයකට ලක් වූයේ චාමික කරුනාරත් වන අතර ඔහු විසින් ක්‍රියාත්මක කර ලද තෙවැනි පන්දුවාරයේදී කුසල් සහ සධීර එක්ව ලකුණු 23 ක් රැස් කර ගත්තේ දෙදෙනාම හයේ පහර බැගින් එල්ල කරමිනි.

කුසල් මෙන්ඩිස් අද ලබා ගත් ලකුණු 87 ඔහු‌ගේ විස්සයි-20 තරග දිවියේ මෙතෙක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. අද දිනයේදී ඔහුට පහසුවෙන්ම ශතකය කරා යෑමට හැකියාව තිබුණද ලකුණු ලබා ගැනීමේ නොඉවසිල්ලට ම කුසල්ට හරස් විය. නසීම් ෂාගේ පන්දුවකට ලෝන් ඔෆ් කළාපයට ඉහළින් එල්ල කරන ලද පහර වැරදී යෑම නිසා එය මිඩ් ඔෆ් පන්දු රැකි බාබර් අසාම්ගේ දෙඅත් අතර සිරවීම නිසා කුසල්ට එම වටිනා අවස්ථාව අද දිනයේදී අහිමි විය. කෙසේ වෙතෙත් ‌අද ඉනිම සමඟින් මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර කුසල් පෙරමුණ ගත්තේ තරග 4 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 31 ක් සමඟින් ලකුණු 124 ක් ලෙසිනි.

මොවුන් දෙදෙනාගේ පිති ප්‍රහාරය නිසා අවසන් පන්දුවාර 11 දී ලකුණු 134 ක් රැස් කර ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමට හැකියාව ලැබිණ. කුසල්ට අනගි සහායක් ලබා දුන් සධීර සමරවික්‍රම හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 59 ක් රැස් කරගත්තේය.

ලකුණු 200 කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් රැස් කළද පන්දු යවන්නන් අතරින් මතීෂ පතිරණ සහ නසීම් ෂා කැපී පෙනිණ. මොවුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 8 දී ප්‍රතිවාදීන් රැස් කරගෙන තිබුණේ ලකුණු 52 ක් පමණක් වන අතර දැවී ගිය කඩුලු 6 න් 5 ක්ම ඔවුන් දෙදෙනා අතර බෙදා ගත්තේ මතීෂ කඩුලු 3 ක් සහ නසීම් කඩුලු 2 ක් වශයෙනි. අද දවා ගත් කඩුලු 3 ත් සමඟ මතීෂ පන්දු වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගත්තේ තරග 3 කදි කඩුලු 4 ක් දවා ගනිමිනි.

ලකුණු පුවරුව

දඹුල්ල අවුරා ලකුණු පන්දු 4 6
අවිශ්ක ප්‍රනාන්දු ඇ.ධනජය ලක්ෂාන් ප.මතීෂ පතිර 12 18 1 1
කුසල් මෙන්ඩිස් ඇ.බාබර් අසාම් ප.නසිම් ෂා 87 46 4 8
සධීර සමරවික්‍රම   ප.චාමික කරුණාරත්න 59 35 7 1
කුසල් පෙරේරා   ප.මතීෂ පතිරණ 2 3 0 0
ධනංජය ද සිල්වා නොදැවී   15 7 2 0
ඇලෙක්ස් රොස්   ප.නසීම් ෂා 4 7 0 0
හෙඩ්න් කර්   ප.මතීෂ පතිරණ 0 2 0 0
හසන් අලී නොදැවී   6 2 1 0
අතිරේක 7  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 192
කඩුලු වැටීම / 1-24 (අවිශ්ක 4.4), 2-144 (කුසල් මෙන්ඩිස් 15.2), 3-164 (සධීර 16.5), 4-168 (කුසල් පෙරේරා 17.1), 5-179 (රොස් 18.5), 6-186 (කර් 19.4)
පන්දු යැවීම
නසීම් ෂා 4-0-21-2 චාමික කරුණාරත්න 4-0-55-1
මෙහොමඩ් නවාස් 3-0-37-0 මතීෂ පතිරණ 4-0-31-3
ජෙෆ්රි වැ්ඩර්සි 4-0-33-0 ධනංජය ලක්ෂාන් 1-0-14-0

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest