slc
logo
Home   |    News
අගෝස්තු 15, 2023
තරග වෙනස් කළ හැකි දක්ෂ ක්‍රීඩකයන් අප සතුයි – ධනංජය

sinhala editor

ඕනෑම තරගයක ස්වරූපය ඉක්මනින්ම වෙනස් කළ හැකි ක්‍රීඩකයන් රැසක්ම දඹුල්ල අවුරා කණ්ඩායම නියෝජනය කිරීම අප කණ්ඩායමට විශේෂ වාසියක් වී ඇතැයි දඹුල්ල අවුරා – බී ලව් කැන්ඩි තරගයේ වීරයා ලෙස තේරුණු දඹුල්ල කණ්ඩායමට නායකත්වය දුන් ධනංජය ද සිල්වා ප්‍රකාශ කරයි.

අපගේ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ දක්ෂතම ක්‍රීඩකයන් රැසක්ම සිටින හෙයින් ඔවුනට උපරිමයෙන් අවස්ථාව ලබාදීමට අප නිතර උත්සාහ ගන්නා බව පවසන ධනංජය ද සිල්වා එම කරුණ හිසරදයක් වුවත් එය වැදගත් වන්නේ හොඳම ක්‍රීඩක පිරිසක් කණ්ඩායමට තෝරා ගැනීමට අවස්ථාව ලැබීම මත යැයි ද පවසයි.  අවසාන තරගයට ක්‍රීඩකයන් නම් කිරීමේදී මෙය ප්‍රබල ලෙස බලපානු ඇතැයි ද ඔහු කියයි.

නායක කුසල් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, හසන් අලි ඇතුළු ක්‍රීඩකයන් පස් දෙනෙකුටම විවේක ලබාදී අතිරේක ක්‍රීඩකයන් කිහිපදෙනකුම එක්කර ගැනීම පිළිබඳව අදහස් දැක් වූ දඹුල්ල අවුරා නායකයා මෙයින් ඔප්පු වන්නේ අතිරේක ක්‍රීඩකයන් තුළ පවතින විශිෂ්ට දක්ෂතාවයන් බවත් දඹුල්ල සංචිතයට මෙවැනි ප්‍රබල ක්‍රීඩකයන් පිරිසක් එක් වූයේ ක්‍රීඩක වෙන්දේසියේදී හොඳම ක්‍රීඩකයන් තෝරා බේරා ගැනීම මතයැයි  ද කියයි.

දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි තරගයේ කැන්ඩි කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙද්දී ආරම්භක පන්දු යවන්නකු ලෙස තමා පන්දු යැවීමට පැමිණියේ මීට පෙර තරගයේදී ද කැන්ඩි කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු ෆකාර් සමාන් තමාගේ පන්දුවකට දැවී යාම මත යැයි කී ධනංජය මෙවර ද එය සාර්ථක වූවා යැයි ද කීය. එපමණක් නොව මා පවා විශ්වාස නොකළ අයුරින් ඉනිම ආරම්භයේ පන්දුවාර දෙකක් යවද්දී ලකුණු හයකට කඩුලු හතරක් දවාලීමට තමාට අවස්ථාව ලැබුණු බව ද ඔහු පැවසීය.

අවසාන පන්දු වාරය මෙතරම් කඩුලු ලබා සිටි ඔහු යැව්වේ නැත්තේ ඇයි දැයි විමසූ විට දඹුල්ල අවුරා නායකයා පැවසුවේ එම පන්දුවාරය දීර්ඝ හතරේ සීමාව පෙදෙසින් යැවීමට තිබූ අතර ප්‍රමෝද් මධුශාන්ට පිතිකරුගේ පාදය දෙසට හොඳින් යෝකර් පන්දු යැවිය හැකි හෙයින් තමාට ලබා ගැනීමට තිබූ කඩුලු පහ ගැන නොසිතා ප්‍රමෝද්ට අවසාන ඕවරය භාර දුන් බවය.

කුසල් ජනිත් පෙරේරාගේ ඊළඟ තරග සහභාගිත්වය සහ ප්‍රධාන පුහුණුකරුවන්ගේ දායකත්වය පිළිබඳව විමසූ විට දඹුල්ල අවුරා නායකයා ප්‍රකාශ කළේ “කුසල් ජනිත් ඊළඟ තරගයට සහභාගිවීම පිළිබඳව තීරණය කළ යුත්තේ තේරීමේ කමිටුව මඟිනුයි. ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මීට කලින් ද ‘ඒ‘ කණ්ඩායම සමඟ එතෙර සංචාරයන්ට සහභාගිවීමෙන් අප අතර හොඳ අවබෝධයක් තිබෙනවා. පුහුණුකරු සනත් ජයසූරිය තරග රාශියකට සහභාගි වී ඇති අත්දැකීම් රාශියක් ඇති අයෙක්. ඔහු අපට දැනටත් ඉතා වැදගත් උපදෙස් වරින්වර ලබා දෙනවා” යි ධනංජය පැවැසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar