Chamila Karawita reporting from Pallekele
පන්දු යැවීම පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම දක්වන ලද විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් ගිය වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අද (05 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කඩුලු 8 ක විශිෂඨ ජයක් වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත්විය. පළමු තරග 2 ම පරාජයට පත්ව සිටි කැන්ඩි කණ්ඩායම පිට පිටම ලද දෙවැනි තරගය ජය ලෙසින් අද තරගය ජයග්‍රහණය සනිටුහන් විය.
ලකුණු 118 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී පන්දුවාර 13 ක් පමණක් වැය කළ කැන්ඩි පිතිකරුවෝ වඩා වැඩි ලකුණු වේගයක් සමඟින් මෙම තරගය අද ජය ගත්තේය. පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදුකරමින් අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නායක වනිඳු හසරංග පන්දු 22 කදී වේගවත් ලකුණු 52 ක් ලබා ගනිමින් කැන්ඩි ජයග්‍රහණය ඉක්මන් කළේය. හයේ පහර 3 කින් සහ තවත් හතරේ පහර 5 කින් තම ඉනිම සැරසූ හසරංග අර්ධ ශතකය සපුරා ගත්තේ මුහුණ දුන් 21 වැනි පන්දුවේදීය.
ඉනිම ආරම්භයේදී දිනේෂ් චන්දිමාල් (22) මුලු ලකුණු සංඛ්‍යාව 31 ක්ව තිබියදී දැවී යෑමෙන් අනුතරවු පිටියට පිවිසි වනිදු හසරංග, ෆකාර් සමාන් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී වේගවත් ලකුණු 71 ක් රැස් කළහ. එම සම්බන්තාව අතරතුරදී ඔවුන් දෙපළට තරගයක් තිබුණේ නම් ඒ පළමුව අර්ධ ශතකය සම්පූර්ණ කරන්නේ කවුරුන්ද යන්න යන තරගය පමනි. ඒ තරමටම ඔවුන් දෙපළ ජැෆ්නා පන්දු යවන්නන්ව අසරණ කළහ. කෙසේ වෙතත් ජයග්‍රහණයට ලකුණු 16 ක් තිබියදී ෆකාර් සමාන් දැවී යෑමත් සමඟ අර්ධ ශතකය රැස් කර ගැනීම වනිඳුට අභීයෝගයක් නොවීය. සමාන්ගේ දැවී යන විට වනිදු රැස් කරගෙන සිටියේ ලකුණු 37 ක් පමණි. එහෙත් අනතුරුව අර්ධ ශතකයත් තරගය නිමා කිරීමටත් වනිඳුට අවශ්‍ය වූයේ තීක්ෂණ යැවූ පන්දු 4 ක් පමණි. එම පන්දු 4 සටහන් වූයේ 4-6-4 සහ 1 ක් ලෙසිනි.
මෙම තරගයේදී කැන්ඩි කණ්ඩායමේ පන්දු යැවීම ඉතාම විශිෂ්ට මට්ටමක පැවැති අතර ඔවුන් ඉතා අර පිරිසැස්මෙන් යුතුව පන්දු යැවීය. ඔවුනගේ පන්දු යැවීම කෙතරම් විශිෂ්ඨ මට්ටමක පැවැතියේද කිවහොත් ඔවුන් එම පන්දුවාර 20 ඇතුළතදී ලබා දී තිබුණේ අතිරේක ලකුණු 04 ක් පමණි. ඉන් තුනක් වියිඩ් පන්දු වද්දී ඉතිරි එක පා ලකුණක් ලෙසින් සටහන්ව තිබිණ.
ඇන්ජලෝ මැතිව්ස් ලබා දුන් සාර්ථක ආරම්භයත් වනිඳු හසරංග සහ නුවන් ප්‍රදීප් මැද පෙළ කඩුලු වලට වගකීමත් නිසා ජැෆ්නා කණ්ඩායම විටෙක ලකුණු 100 සීමාව ඉක්මවාලීම දැඩි අවධානම් තත්ත්වයක පැවැතිණ. ඔවුන් සතු පන්දුවට පහර දිය හැකි මට්ටමේ අවසන් පිතිකරුවා වන මහීෂ් තීක්ෂණද 8 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වන විට ජැෆ්නා ලකුණු පුවරුව ලකුණු 78 ක් ලෙසින් සටහන් විය. මෙම තත්ත්වය මත ජැෆ්නා පිල එල්.පී.එල්. ඉතිහාසයේ දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වූ ලකුණු 109 කෙසේ වෙතත් ලකුණු 100 ඉක්මවාලීම අවධානම් තත්ත්වයක පසුවිය. මැද පෙළින් පැමිණි දුනිත් වෙල්ලාලගේ බර කරට ගනිමින් පන්දු 27 කදී නොදැවී ලකුණු 38 ක් ලබා ගනිමින් ජැෆ්නා කණ්ඩායම අවධාමෙන් මුදවා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 6 කින් සමන්විත එම ඉනිම නිසා ජැෆ්නා පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ට ලකුණු 117 ක් ලබා ගැනීමට හැකි වුවත් එය ඔවුන් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.
පළමු පන්දුවාරයේ සිට පන්දුව අතට ගත් ඇනජලෝ මැතිව්ස් පළමු පන්දුවාරයේදීම කැන්ඩි පිලට වාසිය ගෙන ආවේ ජැෆ්නා පිල සතු ප්‍රබලම පිතිකරුවකු වන රාමනුල්ලා ගුර්බාස්ව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගනිමිනි. ඩීප් මිඩ් විකට් කලාපයේ පන්දු රැකි දුෂ්මන්ත චමීර උඩ පන්දුව රැක ගැනීම නිසා ගුර්බාස් පිටියෙන් ඉවත් වූ අතර නැවතත් තවත් පන්දු 2 කින් පසු චරිත් අසලංකව දවා ගත්තේ ජැෆ්නා පිලේ ආරම්භයම අසීරුවට පත් කරමිනි.
කඩා වැටුණු ඉනිම ටව්හිඩ් රිඩෝයි සහ ඩේවිඩ් මිලර් එක්ව ගොඩ නැගීමට සැරෙසද්දී ඊට හරස් වුණු කැන්ඩි නායක හසරංග දුෂ්මන්ත චමීරගේ සහයෝගයද ඇතුව රිඩෝයිව (19) දවා ගත්තේය. ඒ අනුව කණ්ඩායමේ සියලු බර ඩේවිඩ් මිලර් කර පිට පැටවුණු අතර ඔහු ප්‍රියමාල් පෙරේරා (22) එක්ව කණ්ඩායම ඉදිරියට රැගෙන යෑමට උත්සාහ ගත්තද ඉසුරු උදාන මැදිහත්ව මිලර්ව (21) දවා ගත්තේ සහන් ආරච්චිගේ උඩ පන්දුව රැක ගැනීම නිසාය.
මැතිව්ස් ලබා දුන් සාර්ථක ආරම්භයෙන් පන්නරය ලබා ගත් වනිඳු හසරංග සහ නුවන් ප්‍රදීප් මැද පෙළ කඩුලු 3 බැගින් දවාලූහ. මෙහිදී වනිදු තම පන්දුවාර 4 ලකුණු 09 කට සීමා කරද්දී නුවන් ප්‍රදීප් කඩුලු 3 ලබා ගැනිම සඳහා ලකුණු 36 ක් පිරිනමා තිබුණි.
තරගයේ වීරයා – වනිඳු හසරංග
ලකුණු පුවරුව |
|||||||||
ජැෆ්නා කිංගස් | ලකුණු | පන්දු | 4 | 6 | |||||
රාමනුල්ලා ගුර්බාස් | ඇ.දුෂ්මන්ත චමීර | ප.ඇන්ජලෝ මැතිව්ස් | 0 | 5 | 0 | 0 | |||
චරිත් අසලංක | ඇ.දිනේෂ් චන්දිමාල් | ප.ඇන්ජලෝ මැතිව්ස් | 5 | 6 | 1 | 0 | |||
ටව්හිඩ් රිඩෝයි | ඇ.දුෂ්මන්ත චමීර | ප.වනිඳු හසරංග | 19 | 22 | 3 | 0 | |||
ඩේවිඩ් මිලර් | ඇ.සහන් ආරච්චිගේ | ප.ඉසුරු උදාන | 21 | 22 | 3 | 0 | |||
ප්‍රියමාල් පෙරේරා | ඇ.වනිඳු හසරංග | ප.නුවන් ප්‍රදීප් | 22 | 22 | 1 | 1 | |||
තිසර පෙරේරා | ඇ.වනිඳු හසරංග | ප.නුවන් ප්‍රදීප් | 2 | 3 | 0 | 0 | |||
දුනිත් වෙල්ලාලගේ | නොදැවී | 38 | 27 | 6 | 1 | ||||
වී. වියස්කාන්ත් | 0 | 1 | 0 | 0 | |||||
මහීෂ් තීක්ෂණ | ප.වනිඳු හසරංග | 0 | 4 | 0 | 0 | ||||
නුවන් තුෂාර | කඩුල්ල මුවා කළා | ප.වනිඳු හසරංග | 0 | 1 | 0 | 0 | |||
නැන්ඩ්‍රෙ බර්ගර් | නොදැවී | 6 | 7 | 1 | 0 | ||||
අතිරේක | 4 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු | 117 | ||||||||
කඩුලු වැටීම / 1-02 (ගුර්බාස් 0.5), 2-07 (අසලංක 2.1), 3-34 (රිඩෝයි 6.6), 4-58 (මිලර් 11.2), 5-72 (ප්‍රියමාල් 13.1), 6-75 (තිසර 13.5), 7-75 (වියස්කාන්ත් 13.6), 8-78 (තීක්ෂණ 14.6), 9-86 (තුෂාර 16.1) | |||||||||
පන්දු යැවීම | |||||||||
ඇන්ජලෝ මැතිව්ස් 2-0-08-2 | මුජීබ් උර් රෙහ්මාන් 4-0-23-0 | ||||||||
දුෂ්මන්ත චමීර 4-0-23-0 | වනිඳු හසරංග 4-0-09-3 | ||||||||
ඉසුරු උදාන 2-0-17-1 | නුවන් ප්‍රදීප් 4-0-36-3 | ||||||||
බී ලව් කැන්ඩි | |||||||||
ෆකාර් සමාන් | ඇ.ඩේවිඩ් මිලර් | ප.මහීෂ් තීක්ෂණ | 42 | 39 | 2 | 2 | |||
දිනේෂ් චන්දිමාල් | ප.නැන්ඩ්‍රෙ බර්ගර් | 22 | 16 | 3 | 0 | ||||
වනිඳු හසරංග | නොදැවී | 52 | 22 | 5 | 3 | ||||
සහන් ආරච්චිගේ | නොදැවී | 1 | 1 | 0 | 0 | ||||
අතිරේක | 1 | ||||||||
එකතුව පන්දුවාර 13 කදී කඩුලු 2 ක් දැවී ලකුණු | 118 | ||||||||
කඩුලු වැටීම / 1-31 (චන්දිමාල් 6.1), 2-102 (සමාන් 12.1), | |||||||||
පන්දු යැවීම | |||||||||
තිසර පෙරේරා 3-0-23-0 | මහීෂ් තීක්ෂණ 4-0-35-1 | ||||||||
නුවන් තුෂාර 2-0-12-0 | නැන්ඩ්‍රෙ බර්ගර් 2-0-17-1 | ||||||||
විජයකාන්ත් වියස්කාන්ත් 1-0-13-0 | දුනිත් වෙල්ලාලගේ 1-0-17-0 | ||||||||