Chamila Karawita reporting from Dambulla
ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින වේග පන්දු යවන ගරුක සංකෙත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් රවිෂාන් නෙත්සර (65), සුපුන් වඩුගේ (56) සහ දිනුර කලුපහනගේ (52*) අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩාමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (27 දා) පැවැති පළමු පන්දුවාර 50 තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ් සමඟම තරග 3 කින් සමන්විත දෙපිළ අතර තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ සමත්ව සිටිති.
ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 44 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී ජයග්‍රහණය සනිටුහන් කර ගත්තේය. දිනුර කලුපහනගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණු 2 වාර්තා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ පන්දු 41 ක් සහ කඩුලු 6 ක් ඉතිරිව තිබිණ.
ශ්‍රී ලංකා යොවුන් පිලේ ජයග්‍රහණය සනිටුහන් වන විට කඩුල්ලේ රැඳී සිටි දිනුර කලුපහන පන්දු 42 කදී ලකුණු 52 ක් ද් ශරුජන් ශම්මුගනාතන් පන්දු 35 කදී ලකුණු 20 ක්ද ලබා සිටියහ. ශ්‍රී ලංකා ජයග්‍රහණය වේගවත් කළ දිනුරගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් වී තිබිණ.
ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු 2 ම ලකුණු 11 දී බිඳ වැටුණද දෙවැනි කඩුල්ලට එක්වුණු රවිෂාන් ද සිල්වා සහ සුපුන් වඩුගේ ලකුණු 134 ක සාර්ථක සම්බන්ධතාවත් පවත්වමින් තම කණ්ඩායම ශක්තිමත් කළහ. පන්දු 154 කදී වාර්තා වුණු ඒම සම්බන්ධතාවයේදී රවිෂාන් පන්දු 85 කදී ලකුණු 65 ක් ද සුපුන් වඩුගේ පන්දු 78 කදී ලකුණු 56 ක්ද රැස් කළහ.
කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලට එරෙහිව වේග පන්දු යවන ගරුක සංකෙත් පළමු පන්දු යැවීමේ වාරයේදී පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කළද කඩුලු දවා ගැනීමට හැකියාවක් නොලැබිණ. ඒහෙත් 18 වැනි පන්දුවාරයේදී නැවත පන්දු යැවීමට පැමිණි සංකෙත් සාර්ථක වෙමින් යවන ලද පන්දුවාර 5 දී ලකුණු 17 කට කඩූ 4 ක් දවා ගැනීමට සමත්විය.
ගරුකගේ මෙම පන්දු යැවීම නිසා කඩුලු 2 කට ලකුණු 82 ක් වශයෙනි තිබූ කොදෙව් ලකුණු පුවරුව ලකුණු 96 දී කඩුලු 6 ක් ලෙසින් සටහන් විය. එතැන් පටන් පිටියට එක් වූ නේතන් සීලි (75) සහ ටරික් එඩ්වර්ඩ් (27) 7 වැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 74 ක සම්බන්ධතාවත් පවත්වමින් කොදෙව් ලකුණු පුවරුව 200 ඔබ්බට රැගෙන යෑමයට අවශ්‍ය අඩිතාලම එක් කළහ. පන්දු 104 ක් ඒම සම්බන්ධතාව සඳහා වැය වුණිද කොදෙව් කණ්ඩායම සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට එය කදිමට ඉවහල් විය.
ගරුකට අමතරව පන්දුවෙන් දස්කම් දැක්වූ අනෙක් වේග පන්දු යවන්නා වන දිනුර කලුපහන ලකුණු 45 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඒ් හැරුණු විට විශ්ව ළහිරු සහ මල්ෂ තරුපති එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
ඉනිමේ වැඩි ලකුණු ලාභියා වූයේ නේතන් සීලිය. ඔහු පන්දු 82 කදී ලකුණු 75 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් තම ඉනිමට ඇතුළත් කරමිනි.
ලකුණු පුවරුව |
|||||||
බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ | ල | ප | 4 | 6 | |||
ඒ්ඩ්‍රියන් වෙයර් | ඇ.විශ්ව රාජපක්ෂ | ප.විශ්ව ළහිරු | 32 | 45 | 4 | 2 | |
ස්ටෙෆාන් පැස්කල් | ඇ.ශාරුජන් ශම්මුගනාදන් | ප.ගරුක සංකෙත් | 29 | 36 | 4 | 0 | |
ජොශුවා ඩොර්න් | ප.මල්ෂ තරුපති | 0 | 3 | 0 | 0 | ||
ජෝර්ඩන් ජොන්සන් | ඇ.දිනුර කලුපහන | ප.ගරුක සංකෙත් | 18 | 28 | 2 | 0 | |
ස්ටීව් වෙඩර්බර්න් | ප.ගරුක සංකෙත් | 0 | 2 | 0 | 0 | ||
ජුවෙල් ඇන්ඩෘ | ඇ.විශ්ව රාජපක්ෂ | ප.ගරුක සංකෙත් | 11 | 25 | 0 | 1 | |
නේතන් සීලි | ප.ගරුක සංකෙත් | 75 | 82 | 5 | 3 | ||
ටරික් ඒඩ්වර්ඩ් | ඇ.සහ | ප.දිනුර කලුපහන | 27 | 53 | 1 | 0 | |
නේතන් ඒඩවර්ඩ් | ඇ.ශාරුජන් ශම්මුගනාදන් | ප.දිනුර කලුපහන | 9 | 9 | 1 | 0 | |
රියෝන් ඒඩ්වර්ඩ්ස් | නොදැවී | 9 | 10 | 1 | 0 | ||
ඉසායි තෝර්න් | ඇ.සිනෙත් ජයවර්ධන | ප.දිනුර කලුපහන | 1 | 2 | 0 | 0 | |
අතිරේක | 12 | ||||||
ඒකතුව පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු | 223 | ||||||
කඩුලු වැටීම / 1-58 (ඒ්ඩ්‍රියන් වෙයර් 11.4), 2-59 (ජොෂුවා 12.4), 3-82 (පැස්කල් 17.3), 4-82 (වෙදර්බර්න් 17.5), 5-87 9ජොන්සන් 21.6), 6-96 (ඇන්ඩෘ 23.6), 7-170 (41.2ටරික් 41.2), 8-182 (නේතන් 43.3), 9222 (නේතන් 48.5) | |||||||
පන්දු යැවීම | |||||||
ගරුක සංකෙත් 10-0-48-5 | දිනුර කලුපහන 8.1-0-45-3 | ||||||
විශ්ව ළහිරු 10-3-28-1 | මල්ෂ තරුපති 10-0-27-0 | ||||||
විහස් තෙව්මික 10-0-27-0 | විශ්ව රාජපක්ෂ 2-0-20-0 | ||||||
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ | |||||||
පුළිඳු පෙරේරා | ඇ.ස්ටේවන් පැස්කල් | ප.රියෝන් ඒඩ්වර්ඩ්ස් | 11 | 17 | 1 | 1 | |
සිනෙත් ජයවර්ධන | ඇ.ටරික් ඒඩ්වර්ඩ් | ප.නේතන් ඒඩ්වර්ඩ් | 0 | 2 | 0 | 0 | |
රවීෂාන් ද සිල්වා | රවිෂාන් ද සිල්වා | ප.නේතන් ඒඩ්වර්ඩ් | 65 | 85 | 7 | 1 | |
සුපුන් වඩුගේ | ඇ. සහ | ප.නේතන් ඒඩ්වර්ඩ් | 56 | 78 | 8 | 0 | |
දිනුර කලුපහන | නොැදවී | 52 | 42 | 7 | 1 | ||
ශාරුජන් ශම්මුගනාදන් | නොදැවී | 20 | 35 | 3 | 0 | ||
අතිරේක | 20 | ||||||
ඒකතුව පන්දුවාර 43.1 කදී කඩුලු 4 කදී ලකුණු | 224 | ||||||
කඩුලු වැටීම / 1-05 (සිනෙත් 2.1), 2-11 (පුළිඳු 3.6), 3-145 (රවිෂාන් 29.4), 4-148 (සුපුන් 31.3), | |||||||
පන්දු යැවීම | |||||||
නේතන් ඒඩ්වර්ඩ් 8-0-43-3 | රියෝන් ඒඩ්වර්ඩ්ස් 8.1-1-49-1 | ||||||
නේතන් සීලි 10-0-38-0 | ඉසායි ත්‍රෝර්න් 8-0-44-0 | ||||||
ටරික් ඒඩ්වර්ඩ් 9-0-50-0 | |||||||