slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2023
ඉන්දු-පකිස්තාු ගැටුම නවතපු තැනින් හෙට ඇරඹෙයි

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි‌යේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ වැඩිම අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙන ඉන්දු-පකිස්තාන අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතර මග නතර කර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ අතිරේක දිනයක් වෙන් වුණු එකම තරගය බවට පත් වුණු මෙම තරගය අද නතර කළ තැනින් හෙට (11 දා) ප.ව. 3.00 ට යළි ආරම්භ වනු ඇත.

පාකිස්තානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට ක්‍රීඩාංගණයට පැමිණි ඉන්දීය කණ්ඩායමේ පන්දුවාර 24.1 ක් අවසන් වද්දී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිණ. ඒ් වන විටත් ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 147 ක් ලෙසින් සටහන් විය. විරාත් කෝලි පන්දු 15 කදී ලකුණු 08 ක් සහ ලොකේෂ් රාහුල් පන්දු 29 කදී ලකුණු 17 ක් ද ලබා පන්දුවට පහර දෙමින් සිටියහ.

තරගය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය අපමණ ‌වෙහෙසක් ගනිමින් තම කාලය වැය කළ බැවින් තරගය ආරම්භ කිරීම වෙනුවෙන් විනිසුරුවරුවෝ තෙවරක් ක්‍රීඩාංගණය පරික්ෂාවට ලක් කලහ. පළමුව රාත්‍රී 7.30 ටත්, දෙවැන්න රාත්‍රී 8.00 ටත් සහ තෙවැන්න රාත්‍රී 8.30 ටත් පරීක්ෂා කිරීමෙන් පසු තරගය රාත්‍රී 9.00 ට ආරම්භ කිරීමට කටයුතු යෙදුණද නැවතත් රාත්‍රී 8.45 වන විට ධාරානිපාත වර්ෂාවක් ක්‍රීඩාංගණයට ඇද හැළීම නිසා තරගය එදිනට තරගය අතහැර දැමීමට විනිසුරුවරුවෝ තීරණය කළහ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් නායක රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් පන්දු 100 කදී ලකුණු 121 ක් රැස් කළහය.  ෂර්මා ලකුණු 56 ක් සහම ගිල් ලකුණු 58 ක් ලබා ඉන්දියාවට ශක්තිමත් පදනමක් එක් කළහ.  හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 කින් ෂර්මාගේ ඉනිමද හතරේ පහර 10 කින් ගිල්ගේ අර්ධ ශතකයද වර්ණවත් විණ

ශදාබ් ඛාන් යවන ලද පන්දුවක් හමුවේ ඩීප් ලෝන් ඔෆ් කළාපයේ පන්දු රැකි ෆාහිම් අෂ්රෆ් විසින් උඩ පන්දුවක් රැක ගැනීම නිසා පළමු කඩුල්ල ලෙසින් ෂර්මා පිටියෙන් ඉවත් වූයේ මුහුණ දුන් 49 වැනි පන්දුවේදී දැවී ගියේ ඉන්දීය පිට පළමු කඩුල්ල අහිමි කර මිනි. අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් ගිල් ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ දැවි ගියේ මුහුණ දුන් 52 වැනි පන්දුවේදීය.

ඉන්දියාව පන්දුවාර 24.1 කදී කඩුලු 2 කට ලකුණු 147 යි – (රෝහිත් ෂර්මා 56, ශුබ්මන් ගිල් 58, විරාත් කෝලි 08*, ලෝකේෂ් රාහුල් 17*, නසීම් ෂා 37/1, ශදාබ් ඛාන් 45/1)

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee