slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2023
එංලන්තය පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතිහාසය අලුතින් ලියති

sinhala editor

ඩර්බිහි පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සැප්තැබ්බර් 06 වැනිදා රාත්‍රියේදී සමත්වූහ. මෙය එංගලන්ත කාන්තා පිලට ඒරෙහිව ඔ්නෑම තරගාවලියකදී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද ඉතිහාස ගත විය.

ඩර්බිහි පැවැති මෙම තරයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19 කදී ලකුණ 116 කට සීමා කිරීමට නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ පන්දු යවන්නියෝ සමත්වූහ. සෙසු පන්දු යවන්නියන්ට ආදර්ශයක් වෙමින් පන්දු යැවූ ශ්‍රී ලංකා නායිකාව පන්දුවාර 4 දී ලකුණු 21 ක් කඩුලු 3 ක් දවා ගනිද්දී කවීෂා දිල්හාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2 බැගින් දවා ගත්හ. මොවුන්ගේ දක්ෂතාවය නිසා එංගලන්ත කාන්තා පිල පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවාර 20 අවසන් වීමට මත්තෙන් යෑම කැපී පෙනිණ. එංගලන්ත කාන්තා පිල මීට දින 4 කට පෙර හෙවත් ඉකුත් සෙනසුරාදා පැවැති තරගයේදී ද පන්දුවාර 18 ක් ඇතුළත ලකුණු 104 කට දැවී ගියාය.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී පිත්තෙන්ද සාර්ථක වුණු චමරි අතපත්තු හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 28 කදී වේගවත් ලකුණු 44 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අඩිතාලම එක් කළාය. පෙර තරගයේදී අර්ධ ශතකයක් රැස් කළද අද දිනයේදී චමරිට අර්ධ ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වුවත් දැවී යෑමට මත්තෙන් තම කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රාහී පදනම ඒක් කිරීමට ඇය සමත්වූවාය.

මෙම පිතිහරඹය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම එම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 18 ක් සහ කඩුලු 7 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. මෙම තරගාවලි පරාජය එංගලන්ත කාන්තා පිල හමුවේ සටහන් වූයේ 2010 වසරෙන් පසු ද්වී පාර්ශවීය තරගාවලියකදී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු පරාජයට පත් වුණු පළමු තරගාවලි පරාජය වශයෙනි.

එංගලන්ත කාන්තා පිල පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 116 යි – (ඇමී ජෝන්ස් 20, හීතර් නයිට් 18, ඩනැයෙල් ගිබ්සන් 21, සාරා ග්ලෙන් 16*, චමරි අතපත්තු 21/3, කවීෂා දිල්හාරි 16/2, උදේශිකා ප්‍රබෝධනී 16/2, ඉනෝෂි ප්‍රියදර්ශනී 15/1, ඉනෝකා රණවීර 20/1)

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 17 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 117 යි – (චමරි අතපත්තු 44, අනුෂ්කා සංජීවනී 20, හර්ෂිතා සමරවික්‍රම 26*, විශ්මි ගුණරත්න 08, හසිනි පෙරේරා 09*, සරා ග්ලෙන් 23/2, ඇලිස් කැප්සි 21/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest