slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2023
එංලන්තය පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතිහාසය අලුතින් ලියති

sinhala editor

ඩර්බිහි පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සැප්තැබ්බර් 06 වැනිදා රාත්‍රියේදී සමත්වූහ. මෙය එංගලන්ත කාන්තා පිලට ඒරෙහිව ඔ්නෑම තරගාවලියකදී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද ඉතිහාස ගත විය.

ඩර්බිහි පැවැති මෙම තරයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19 කදී ලකුණ 116 කට සීමා කිරීමට නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ පන්දු යවන්නියෝ සමත්වූහ. සෙසු පන්දු යවන්නියන්ට ආදර්ශයක් වෙමින් පන්දු යැවූ ශ්‍රී ලංකා නායිකාව පන්දුවාර 4 දී ලකුණු 21 ක් කඩුලු 3 ක් දවා ගනිද්දී කවීෂා දිල්හාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2 බැගින් දවා ගත්හ. මොවුන්ගේ දක්ෂතාවය නිසා එංගලන්ත කාන්තා පිල පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවාර 20 අවසන් වීමට මත්තෙන් යෑම කැපී පෙනිණ. එංගලන්ත කාන්තා පිල මීට දින 4 කට පෙර හෙවත් ඉකුත් සෙනසුරාදා පැවැති තරගයේදී ද පන්දුවාර 18 ක් ඇතුළත ලකුණු 104 කට දැවී ගියාය.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී පිත්තෙන්ද සාර්ථක වුණු චමරි අතපත්තු හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 28 කදී වේගවත් ලකුණු 44 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අඩිතාලම එක් කළාය. පෙර තරගයේදී අර්ධ ශතකයක් රැස් කළද අද දිනයේදී චමරිට අර්ධ ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වුවත් දැවී යෑමට මත්තෙන් තම කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රාහී පදනම ඒක් කිරීමට ඇය සමත්වූවාය.

මෙම පිතිහරඹය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම එම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 18 ක් සහ කඩුලු 7 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. මෙම තරගාවලි පරාජය එංගලන්ත කාන්තා පිල හමුවේ සටහන් වූයේ 2010 වසරෙන් පසු ද්වී පාර්ශවීය තරගාවලියකදී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු පරාජයට පත් වුණු පළමු තරගාවලි පරාජය වශයෙනි.

එංගලන්ත කාන්තා පිල පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 116 යි – (ඇමී ජෝන්ස් 20, හීතර් නයිට් 18, ඩනැයෙල් ගිබ්සන් 21, සාරා ග්ලෙන් 16*, චමරි අතපත්තු 21/3, කවීෂා දිල්හාරි 16/2, උදේශිකා ප්‍රබෝධනී 16/2, ඉනෝෂි ප්‍රියදර්ශනී 15/1, ඉනෝකා රණවීර 20/1)

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 17 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 117 යි – (චමරි අතපත්තු 44, අනුෂ්කා සංජීවනී 20, හර්ෂිතා සමරවික්‍රම 26*, විශ්මි ගුණරත්න 08, හසිනි පෙරේරා 09*, සරා ග්ලෙන් 23/2, ඇලිස් කැප්සි 21/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ පසුබසිති
    පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කන්ඩායම සහ පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායම අතර ආරම්භ වුණු පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]
  • වනිඳුට ආබාධයක් – දුෂාන් හේමන්ත එක්දින තරගාවලියට කැඳවයි
    නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්තව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන […]
  •  කෝල්ට්ස් පිළ ලකුණු 145 කින් බී.ආර්.සී. පරදවයි
     කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන […]
  • නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් […]
  • අභිනව ටී-10 තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි
    පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player Draft)මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee