slc
logo
Home   |    News
සැප්තැම්බර් 20, 2023
විස්සයි-20 ලෝක කුසලාන සත්කාරක ඇමරිකාවේ ක්‍රීඩාංගණ 3 ක් ප්‍රකාශයට පත් කරයි

sinhala editor

ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (20 දා) පියවර ගනු ලැබීය. ඩලස්, ෆ්‌ලොරිඩා සහ නිව්යෝක් යන නගර වලදී එම තරග සියල්ල පැවැත්වෙනු ඇත.

ඒ් අනුව ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී, ෆ්ලොරිඩාවේ බ්‍රෝවර්ඩ් ප්‍රාන්තය සහ නිව්යෝර්ක්හි නසාවු ප්‍රාන්තය යන ප්‍රාන්ත වලද ඉතිහාසයේ පළමු වතාවට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙනු ඇත.

2021 වසරේ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී පුලුල් ඇගැයීමකින් පසු බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ ඇමරිකා එක්සත් ජනපදයට මෙම තරගාවලියේ සත්කාරකත්වය පිරිනමන ලදී.

2024 වසරේදී පැවැත්වීමට නියමිත‌ මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාා රටවල් 20 ක් කුසලාන වෙනුවෙන් තරග වදිනු ලබන අතර එය විස්සයි-20  තරග ඉතිහාසයේ වැඩිම කණ්ඩායමක් සංඛ්‍යාවක් නියෝජනය කරන ලද ලෝක කුසලාන තරගාවලිය වශයෙන්ද ඉතිහාස ගත වනු ඇත.

මෙම ක්‍රීඩාංගණ පිළිබඳව නිවේදනය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලරික් සඳහන් කර සිටියේ උපාය මාර්ගික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය වැදගත් වෙ‌‌ළෙද පොළක් වන අතර ඒ හරා ලොව විශාලතම ක්‍රීඩා වෙළෙඳපොලේ ප්‍රකාශයක් කිරීමට අයි.සී.සී. යට හොද අවස්ථාවක් ලැබෙන බවයි.

මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම සුදුසුකම් ලබා සිටියි.

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar