slc
logo
Home   |    News
සැප්තැම්බර් 13, 2023
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය අභියස

sinhala editor

ඓතිහාසික දඹුල්ල නගරයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ දෙවන සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (13) තරගය නිම වන විට ශ්‍රී ලංකා යෞවනයෝ පසු වූයේ පහසු ජයග්‍රහණයක් අභියසය.

කොදෙව් කණ්ඩායම ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 127ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අද (13) දිවා ආහාරය වන විට නිමා වූයේ සියලු පිතිකරුවන් ලකුණු 326කට දැවී ගොස් මුල් ඉනිමේ දී ලකුණු 199ක් ඉදිරියෙන් පසුවෙමිනි.

අද තරගය නිම වන විට කොදෙව් දෙවන ඉනිම ද කඩුලු 8ක් දැවී ලකුණු 251කට සීමා වී තිබූ හෙයින් මේ වන විට කොදෙව් පිල දෙවන ඉනිමේ දී පසු වන්නේ කඩුලු දෙකක් පමණක් ඉතිරිව ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 52ක් පමණක් ඉදිරියෙන් පසුවෙමිනි. කිසියම් ආශ්චර්යයක් සිදු නොවන්නේ නම් පමණක් මේ තරගය හෙට (14) දිවා ආහාරයට පෙර නිම වන ලකුණු මේ වන විට පහළ කර තිබේ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේ දී ලකුණු 52ක් රැස් කළ ජෝර්ඩ්න් ජොන්සන් දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 133ක් ලබා මේ වන විට කඩුල්ලේ රැඳී සිටී. ශ්‍රී ලංකා යෞවනයන් වෙනුවෙන් මේ වන විට විහස් තෙව්මික සහ මල්ෂා තරුපති තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් සිටිති.

දෙවන දිනය සඳහා අද (13) තරගය ආරම්භ කරන විට කඩුලු හතරකට ලකුණු 191ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ දිවා ආහාරය වන විට සියලු පිතිකරුවන් දැවී තම මුල් ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 326කි. මෙදින උදෑසන පන්දුවාර 26.5කට මුහුණ දුන් ලංකා කණ්ඩායම ඉතිරි පිතිකරුවන් හයදෙනා දැවී තවත් එක් කළේ ලකුණු 135කි.

අද උදෑසන ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් තුළින් දක්නට ලැබුණේ තවත් සාර්ථක සබඳතා දෙකකි. සිව්වන කඩුල්ලට සරුජන් ෂන්මුගනාදන් සහ දිනුර කළුපහන ප්‍රථම දිනයේ ගොඩ නඟමින් සිටි පස්වන කඩුල්ලේ සබඳතාව ලකුණු 61ක් දක්වා ඉහළ නංවා ගැනීමට පිතිකරුවන් ක්‍රියා කළහ. ශ්‍රී ලංකා මැදපෙළ මේ පිතිකරුවන් දෙදෙනා ගොඩ නැංවූයේ පරීක්ෂාකාරීව අඩු වේගයකිනි.

සරුජන් සහ දිනුර මේ සබඳතාවයට (ලකුණු 61) වැය කළ පන්දු ප්‍රමාණය 152කි. සරුජන් ෂන්මුගනාදන් පන්දු 105කට මුහුණ දී හතරේ දෙකක් සමඟ ලකුණු 36ක් ද දිනුර කළුපහන පන්දු 74කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 33ක් ද ලබා සිටියත් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ ඔවුනගේ උත්සාහය සාර්ථක වී තිබිණි. මොවුන් දැවී ගියේ හත්වන සහ පස්වන කඩුලු බිඳ වැටීම් වශයෙනි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දැඩි ප්‍රහාරාත්මක පිතිහරඹය ප්‍රදර්ශනය වූයේ කණ්ඩායමේ අංක අට පිතිකරු මල්ෂා තරුපති සහ අංක නවය පිතිකරු විහස් තෙව්මික අටවන කඩුල්ලට පන්දුවට පහර දෙන අවස්ථාවේදීය.

මල්ෂා තරුපති සහ විහස් තෙව්මික අටවන කඩුල්ලට කඩිනමින් ලකුණු 81ක් රැස් කළේ පන්දු 63කට පමණක් මුහුණදෙමිනි. මෙහිදී මල්ෂා ප්‍රබල පිති හරඹයක් දියත් කළේ පන්දු 49කට පමණක් මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් සමඟ ලකුණු 70ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. කොදෙව් මුල් ඉනිමේ දී ලකුණු 43කට කඩුලු පහක් දවාලු විහස් තෙව්මික මෙහිදී තුන් ඉරියව්වේම දස්කම් දැක් වූයේ පන්දු 38කට මුහුණ දී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 31ක් රැස් කරමිනි.

කොදෙව් යෞවනයන් වෙනුවෙන් කැපී පෙනුණු පන්දු යවන්නන් වූ නේතන් සීලි ලකුණු 82කට කඩුලු හතරක් ද ටරික් එඩ්වඩ් ලකුණු 75කට කඩුලු දෙකක් ද ඉෂායි ත්‍රොන් ලකුණු 64කට කඩුලු දෙකක් ද දවාලුහ.

දිවා ආහාරයෙන් පසු සිය දෙවන ඉනිම ඇරැඹු බටහිර ඉන්දීය කොදෙව්  19න් පහළ කණ්ඩායම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 251ක් පමණක් රැස් කරමින් පසු වූයේ අසීරු තත්ත්වයකය. ඒ වන විට නැවත වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටි විහස් තෙව්මික ලකුණු 55කට දවා සිටි කඩුලු සංඛ්‍යාව තුනකි.

මීට අමතරව කවීෂ පියුමල් සහ මල්ෂා තරුපති කඩුලු දෙක බැගින් දවා කොදෙව් ඉනිම නැවතත් අඩු සංඛ්‍යාවකට දවාලීමට දායකවෙමින් පන්දු යැවූහ.

කොදෙව් යෞවනයන් වෙනුවෙන් නැවත දක්ෂ පිතිහරඹයක නියැලුණු ජෝර්ඩ්න් ජොන්සන් අද (13) තරගය නිම වන විට නොදැවී ලකුණු 133ක් ලබා සිටියේ එක්දින තරගයක මෙන් පන්දුවට පහර දෙමින් පන්දු 136ක දී හතරේ 16ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 133ක් ලබා සිටිමිනි.

මීට අමතරව ස්ටීව් වේඩ්න්බර්න් පන්දු 84ක දී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 37ක් ද ස්ටීවන් පැස්කල් පන්දු 30ක දී හතරේ හතරක් සමඟ ලකුණු 25ක් ද රැස් කළහ. මේ ඉනිමේ මොවුනගේ හොඳම සබඳතාව වූයේ ජෝර්ඩ්න් ජොන්සන් සහ ස්ටීව් වේඩ්න්බර්න් පන්දු 97ක දී එක් කළ ලකුණු 71ක වේ.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් මුල් ඉනිම පන්දුවාර 36.4ක දී සියල්ල දැවී 127යි – (ජෝර්ඩ්න් ජොන්සන් 52, ස්ටීවන් පැස්කල් 28, ස්ටීව් වේඩ්න්බර්න් 24, විහස් තෙව්මික 43/5, මල්ෂා තරුපති 16/3, කවීෂ පියුමල් 32/1).

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම පන්දුවාර 77.5ක දී සියල්ල දැවී 326 – (මල්ෂා තරුපති 70, රුසඳ ගමගේ 58, පුළිඳු පෙරේරා 41, රවිෂාන් ද සිල්වා 43, සරුජන් ෂන්මුගනාදන් 36, දිනුර කළුපහන 33, විහස් තෙව්මික නොදැවී 31, නේතන් සීලි 82/4, ටරික් එඩ්වඩ් 75/2, ඉෂායි ත්‍රෝන් 64/2).

බටහිර ඉන්දීය කොදෙව් දූපත් 19න් පහළ කණ්ඩායම දෙවන ඉනිම පන්දුවාර 63ක දී කඩුලු 8ට 251 – ජෝර්ඩ්න් ජොන්සන් නොදැවී 133, ස්ටීව් වේඩ්න්බර්න් 37, ස්ටීවන් පැස්කල් 25, ජොසුවා ඩ්‍රොන් 16, ඩෙවොනි ජෝශප් 16, විහස් තෙව්මික 55/3, කවීෂ පියුමල් 55/2, මල්ෂා තරුපති 44/2).

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee