slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2023
ශ්‍රී ලංකා යෞවනයෝ ‍එක්දින තරගාවලිය ජය ගනිති

sinhala editor

Chamila Karawita reporting from Rangiri Dambulla

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ඉතිහාසයේ පිතිකරුවකු රැස් කර ඇති දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පුළිඳු පෙරේරා (155) සමත්වීම ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ පිලට රෙහිව අද (සැප්තැම්බර් 01) නිමාවට  පත් වුණු තෙවැනි ක්දින තරගයෙන් ලකුණු 51 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ සමඟම තරග 3 කින් සමන්විත ඒක්දින තරගාවලියේ ජයද ශ්‍රී ලංකා යෞවනයෝ අත්පත් කර ගත්හ.

රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පුළිඳුගේ වර්ණවත් ඉනිම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 304 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට අවස්ථාව උදාවිය. එම ඉලක්කය හඹා යෑමේදී කොදෙව් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවා‌ර 40.3 කදී ලකුණු 253 ක් පමණි.

කොදෙව්කණ්ඩායමේ පළමු කඩුල්ල මුලු ලකුණු 20 දී බිඳ දැමීමට ගරුක සංකෙත් සමත්වූවේය. ඒ් නායක ස්ටීවන් පැස්කල්ගේ කඩුල්ගල දවා ගනිමිනි. දෙවැනි කඩුල්ලට ඒක් වුණු ඒඩ්‍රියන් වියර් (52) සහ ජොෂුවා ඩෝර්න් ලකුණු 72 ක් ඒක් කළද ඒ් අතරට පැමිණි ගරුක සංකෙත් වියර්ව දවා ගත්තේය. අනතුරුව තරගයට අවතීර්ණ වුණු පන්දු යවන්නෝ කොදෙව් කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 175 වන විට දවා ගත්හ. ඒ් අතර තීරණාත්මක කඩුල්ලක් වුණු දෙවැනි තරගයේදී ශකයක් ලබා ගත් ජෝර්ඩ්න් ජොන්සන්ගේ කඩුල්ලද විය. එය දවා ගැනීමේ වගකීම නායක සිනෙත් ජයවර්ධන විසින් සිදු කළේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජුවෙල් ඇන්ඩෘ පන්දු 64 කදී ලකුණු 80 ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු ඒ්ඩ්‍රියන් වියර් පන්දු 41 කදී ලකුණු 52 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන් සන්තකයේ තබා ගත් විශ්ව ළහිරු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තම කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. ගරුක සංකෙත්, සිනෙත් ජයවර්ධන සහ විහස් තෙව්මික කඩුලු 2 බැගින් දවාලූහ.

එම දැවැන්ත ලකුණු පුවරුවේ නියමුවා බවට පත් වුණු පුළිඳු පෙරේරා ඒ සඳහා පන්දු 140 ක් පමණක් වැය කළේ ඊට අලංකාර හයේ පහර 4 ක් සහ හයේ පහර 17 ක් ද ඇතුළත් කර ගනිමිනි. වයස අවුරුදු 19 න් පහළ තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු තැන රැදී සිටින්නේ 2018 වසරේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යානු පිලට එරෙහිව ලකුණු 191 ක් ලබා ඇති හසිත බෝයෙගොඩ වේ.

වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවා මහනුවර ධර්මරාජ විදුහල නියෝජනය කරන්නේය. පළමු වතාවට ජාතික යොවුන් කණ්ඩායමට තේරී පත්ව ඇති පුළිඳු 2022 වසරේදී අන්තර් පාසල් පළමු පෙළ තරගාවලියේදී ලකුණු 1000 ක් සම්පූර්ණ කරමින් පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇත. නිමාවට පත් වුණු අවුරුදු 19 න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශතකයක්ද සමඟ ලකුණු 178 ක් ලබා ගනිමින් දක්ෂතම පිතිකරුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉනිම ආරම්භයේ සිටම පන්දුවට පහර දුන් පුළිඳු සමඟ දිර්ඝ සම්බන්ධතා ගොඩනැංවීම සඳහා කිසිදු පිතිකරුවකුගේ සහාය නොලැබිණ. එසේ වූයේ නම් ශ්‍රී ලංකා පිලට මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක ලබා ගැනීමේ අවස්ථාව තිබිණ. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 199 ක් තිබියදී මල්ෂ තරුපතිද දැවී යන විට තවත් ඉනිම අවසන් වීමට තවත් පන්දුවාර 11 පන්දු 2 ක් ඉතිරිව තිබිණ. කෙසේ වෙතත් විහස් තෙව්මිකට එක් වුණු පිළුඳු 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් පවත්වමින් පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදා කර දුන්නේය. මෙහිදී විහස් තෙව්මික පන්දු 30 කදී ලකුණු 28 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ඉනිම 4 6
පුළිඳු පෙරේරා ඇ.නේතන් සීලි ප.නේතන් එඩ්වර්ඩ් 155 140 17 4
විශේන් හැළඹගේ ඇ.සහ ප.ටරික් එඩ්වර්ඩ් 19 13 4 0
සිනෙත් ජයවර්ධන ඇ.ස්ටීවන් පැස්කල් ප.ටරික් ඒඩ්වර්ඩ් 15 28 1 0
රවිෂාන් නෙත්සර ඇ.ස්ටීවන් පැස්කල් ප.ඉසියා තෝර්න් 27 42 4 0
සුපුන් වඩුගේ ඇ.ජොෂුවා ඩෝර්න් ප.නේතන් එඩ්වර්ඩ් 3 10 0 0
දිනුර කලුපහන ඇ.ටරික් එඩ්වර්ඩ් ප.නේතන් එඩ්වර්ඩ් 13 8 3 0
සරුජන් ශම්මුගනාතන් ඇ.ඒ්ඩ්‍රියන් වියර් ප.ඩේෂෝව්න් ජේම්ස් 16 18 1 0
මල්ෂ තරුපති ඇ. නේතන් එඩ්වර්ඩ් ප.ඩේෂෝව්න් ජේම්ස් 7 5 1 0
විහස් තෙව්මික නොදැවී 28 30 3 0
විශ්ව ළහිරු නොදැවී 7 11 0 0
අතිරේක 14
ඒකතුව පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 304
කඩුලු වැටීම / 1-44 (විශේන් 5.3), 2-78 (සිනෙත් 13.5), 3-125 (රවිෂාන් 26.2), 4-138 (සුපුන් 28.4), 5-154 (දිනුර 30.6), 6-189 (සරුජන් 36.6), 7-199 (මල්ෂ 38.4), 8-279 (පුලිඳු 46.4)
පන්දු යැවීම
නේතන් එඩ්වර්ඩ් 9-0-66-3 දේෂෝව්න් ජේම්ස් 10-0-70-2
ටරික් එඩ්වර්ඩ් 10-0-41-2 නේතන් සීලි 9-0-54-0
ඉසායි තෝර්න් 10-1-52-1 මවෙන්ද්‍ර දින්ද්‍යාල් 2-0-15-0
බටහිර ඉන්දීය කොදෙව් අවුරුචදු 19 න් පහළ ඉනිම
ඒ්ඩ්‍රියන් වියර් ඇ.සිනෙත් ජයවර්ධන ප.ගරුක සංකෙත් 52 41 7 2
ස්ටීවන් පැස්කල් ඇ.දිනුර කලුපහන ප.විශ්ව ළහිරු 5 5 1 0
ජොෂුවා ඩෝර්න් ඇ.සරුජන් සම්මුගනාතන් ප.විශේන් හැළඹගේ 34 28 4 1
ජෝර්ඩන් ජොන්සන් ඇ.විශ්ව ළහිරු ප.සිනෙත් ජයවර්ධන 14 11 0 1
මවෙන්ද්‍ර දින්ද්‍යාල් ප.සිනෙත් ජයවර්ධන 21 32 2 0
‌ජුවෙල් ඇන්ඩෘ ‌කඩුල්ල මුවා කළා ප.විශ්ව ළහිරු 80 64 8 4
නේතන් සීලි ඇ.විශ්ව ළහිරු ප.විහස් තෙව්මික 20 29 1 0
ටරික් එඩ්වර්ඩ් කඩුල්ල මුවා කළා ප.විශ්ව ළහිරු 7 15 0 0
නේතන් එඩ්වර්ඩ් ප.විහස් තෙව්මික 2 9 0 0
ඉසායි තෝර්න් ප.ගරුක සංකෙත් 8 7 2 0
දේශෝව්න් ජේම්ස් නොදැවී 0 2 0 0
අතිරේක 10
එකතුව පන්දුවාර 40.3 කදී සියලු දෙනා දැවී ලකුණු 253
කඩුලු වැටීම / 1-20 (පැස්කල් 2.3), 2-92 (වියර් 11.6), 3-96 (ඩෝර්න් 12.3), 4-124 (ජෝර්ඩ්න් 17.6), 5-133 (දින්ද්‍යාල් 19.6), 6-175 (සීලි 28.4), 7-220 (ටරික් 34.2), 8-225 (නේතන් 36.1), 9-234 (තෝර්න් 37.4)
පන්දු යැවීම
ගරුක සංකෙත් 9-0-44-2 දිනුර කලුපහන 3-0-31-0
විශ්ව ළහිරු 8.3-0-48-3 මල්ෂ තරුපති 4.5-0-38-0
විශේන් හැළඹගේ8.1-0-34-1 සිනෙත් ජයවර්ධන 3-0-29-2
විහස් තෙව්මික 4-0-29-2

පළමු තරගයේ වීරයා වූ දිනුර කලුපහන තරග තීරක ප්‍රදීප් ජයප්‍රකාශදරන් මහතාගෙන් කුසලාන ලබා ගනිමින්

දෙවැනි තරගයේ වීරයා වූ ජෝර්ඩ්න් ජොන්සන් තරග තීරක ප්‍රදීප් ජයප්‍රකාශදරන් මහතාගෙන් කුසලාන ලබා ගනිමින්

තෙවැනි තරගයේ වීරයා වූ පුළිඳු පෙරේරා තරග තීරක ප්‍රදීප් ජයප්‍රකාශදරන් මහතාගෙන් කුසලාන ලබා ගනිමින්

තරගාවලියේ වීරයා වූ දිනුර කලුපහන තරග තීරක ප්‍රදීප් ජයප්‍රකාශදරන් මහතාගෙන් කුසලාන ලබා ගනිමින්

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar