slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2023
සුපිරි කණ්ඩායම් 4 අතරේ තරග ආර්. ප්‍රේමදාස පිටියේදී

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ‌අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීම කෙරෙහි අවධාන යොමු කළද ඉදිරි දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාවේ අඩුවක් වනු ඇති බව අපේක්ෂා කරමින් තරග කාල සටහනේ ‌වෙනසක් නොකිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ සියලුම තරග සැප්තැම්බර් මස 09 වැනිදා කොළඹ ආර්. ‌ප්‍රේමදාස ක්‍රීඩාංණයේ පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන 17 වැනිදා පැවැත්වෙනු ඇත.

ඉකුත් අගෝස්තු මස 31 වැනිදා ආරම්භ වුණු ආසියානු කුසලාන තරගාවලියේ තරග 3 ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඒහිදී වැඩිම අවධානය යොමු වුනු තරගයක් වුණු ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest