slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2023
ඔස්ට්‍රේලියානුවෝ කඩුලු 5 ක ජයක් ලබති

sinhala editor

ලෝක කුසලාන ක්‍රිිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියානු පිල සහභාගිවුණු තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (16 දා) රාත්‍රියේදී සමත්වූහ. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 210 ක පහසු ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඒ සඳහා ගත වූයේ පන්දුවාර 35.2 ක් පමණි.

දුනිත් වෙල්ලාලගේගේ පන්දුවකට ලෝන් ඕන් කළාපයට ඉහළින් පන්දුව හයේ සීමාවට යෑමට සැලැස්සූ මාකස් ස්ටෝයින්ස් ඔස්ට්‍රේලියානු පිලේ ජයග්‍රහණය ඉක්මන් කළේය. කඩුලු 5 ක ජයග්‍රහණයක් ලෙසින් තරගය නිමාවට පත් වන විට ශ්‍රී ලංකා පිලට පිට පිටම තෙවැනි තරග පරාජයට මුහුණ දී තිබුණේය.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ඩිල්ෂාන් මදුශංක ඔස්ට්‍රේලියානු පිලේ දැවී ගිය කඩුලු 5 න් 3 කටම හිමිකම් කීවේය. ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු පිල හමුවේ නිලකුණු පන්දුවාර 2 ක් ද සටහන් කර ගැනීමට සමත්වූ වමත් වේග පන්දු යවන්නා පන්දුවාර 9 දී ලකුණු 38 කට තම කඩුලු 3 සටහන් කර ගත්තේය. ඔහුට සහයෝගයක් ලබා දීමට වෙනත් කිසිදු පන්දු යවන්නකුට අපොහොසත් විය.

ඩිල්ෂාන්ගේ පන්දු යැවීම නිසා ඔස්ට්‍රේලියානු පිලේ පළමු කඩුලු 2 ම ලකුණු 24 කදී බිඳ වැටිණ. එහෙත් මිචෙල් මාෂ් පන්දු 35 කදී ලකුණු 52 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු පිල අපහසුතාවයෙන් මුදවා ගත්තේය. වැඩි කලබලක් නොපෙන්වූ මානස් ලැබුෂේන් පන්දු 60 කදී ලකුණු 40 ක් රැස් කරමින් ජයග්‍රහණයේ කොදු නාරටිය බවට පත්වූවේය. ඔහු සහ මාස් අතර වාර්තා වුණු තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව  පන්දු 62 කදී ලකුණු 56 ක් විය. ඉනිමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූයේ ජොෂ් ඉංග්ලිෂ් වන අතර ඔහු ලකුණු 58 ක් රැස් කර ගත්තේය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේය. නායකත්වයට පත්ව මෙහෙයවන ලද පළමු තරගයේම කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට නව නායකයා සමත් වූ නමුත් එය ජයග්‍රාහී නිමා කිරීමට අපොහොසත් වය.

අද තරගයේදීද ශ්‍රී ලංකා පරාජයට මූලිකම හේතුව බවට පත්වූයේ කණ්ඩායෙම් මැද පෙළ පිතිකරුවන් දක්වන ලද අසාර්ථක පිතිහරඹය විය. කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125 ක සම්බන්ධතාවක් පැවැත් වුවද ශ්‍රී ලංකා කණ්ඩායම 44 වැනි පන්දුවාරයේ තෙවැනි  පන්දුව යැවීමත් සමඟ ලකුණු 209 කට සීමා විය. ශ්‍රී ලංකා ඉනිම විටෙක සටහන් ව තිබුණේ කඩුල්ලකට ලකුණු 157 ක් වශයෙනි. ඒ වන විටත් ශ්‍රී ලංකා ඉනිමේ නිමාව තිබුණේ හරි අඩකට පන්දු 8 ක් වැඩිපුර පමණි.

කුසල් පෙරේරා දැවි යෑමත් සමඟ අවසන් කඩුලු 9 ම ලකුණු 52 ක් ඇතුළත බිඳ වැටීම කණගාටුදායක විය. කඩුලු දවා ගැනිමේදී පෙරමුණ ගත් ඇඩම් සම්පා ලකුණු 47 කට කඩුලු 4 ක් දවා ගත්තේය. පා දඟ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වනු ලබන දුර්වලතාවය අද තරගයේදී එලෙසින්ම පැවැති අතර ඉන් කදිමට ප්‍ර යෝජන ගත් ප්‍රතිවාදී නායක පැට්කමිින්ස් සිය තුරුම්පුව වූ ඇඩම් සම්පාව දිගින් දිගටම පන්දු යැවිමට කැදවූවේය. සම්පාට පන්දුව ලබා දිමට පෙර නායකත්වයේ වගකීම කමිනිස් ඉටු කළේ පැතුම් සහ කුසල් පෙරේරා ව පිටියෙන් ඉවත් කරමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්ද 130 කදී ලකුණු 125 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැවීමට පැතුම් නිස්සංක (61) සහ කුසල් පෙරේරා (78) සමත්වූහ. පන්දු 67 ක් ඒ සඳහා වැය කළ පැතුම් ඊට හතරේ පහර 8 කින් ඉනිම වර්ණවත් කරන ලද්දේ සිය 11 වැනි අර්ධ ශතකයද වාර්තා කරගනිමිනි. ඔහුට නොදෙවැනි ඉනිමක දියත් කරමින් සිටි කුසල් පෙරේරා පන්දු 82 කට මුහුණ දුන්නේ ඉන් 12 ක් හතරේ සීමාවට යවමිනි. කුසල් අද රැස් කරන ලද්දේ 16 වැනි එක්දින අර්ධ ශතකය විිය.

අනතුරුව සම්පා සිය ග්‍රහණය තර කරන ලද්දේ පිට පිට පන්දු 2 කදී නායක කුසල් මෙන්ඩිස් (09) සහ සධීර සමරවික්‍රම(08) ගේ කඩුලු දවා ගනිමිනි. ඒ අතරතුර තරගයට වර්ෂාවෙන්ද බාධා පැමිණීම නිසා මඳ වේලාවෙකට තරගය නතර කර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

වර්ෂාවෙන් පසු ආරම්භ කරන ලද තරගයේදී දෙවැනි  පන්දුවේදීම සාර්ථක ඵල නෙළාගත් මිචේ ස්ටාර්ක් ධනංජය ද සිල්වාව ලකුණු 07 කදී නරඹ්නකු බවට පත් කළේය. කඩුලු අතර දිව යෑමට ගත් උත්සාහයේදී දුනිත් වෙල්ලාලගේ අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වය ගියේය. දසුන් වෙනුවට අද තරගයේදී කණ්ඩායමට කැඳවා තිබූ චාමික කරුණාරත්නටද කැපී පෙනන යමක් කළ නොහැකි විය. එක අන්තයකින් පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී මිනිත්තු 100 කට ආසන්න කායක් තම කඩුල්ල ආරක්ෂා කර ගත් චරිත් අසලංක පන්ද 39 කදී ලකුණු 25 ක් රැස් කරමින් ඉනිමේ දැවී ගිය අවසන් පිතිකරුවා බවට පත්වූවේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 433 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (පැතුම් නිස්සංක 61, කුසල් පෙරේරා 78, කුසල් මෙන්ඩිස් 09, සධීර සමරවික්‍රම 08, චරරතු අසලංක 25, ධනංජය ද සිල්වා 07, දුනිත් වෙල්ලාලගේ 02, චාමික කරුණාරත්න 02, මශීෂ් තීක්ෂණ 00, ළහිරු කුමාර 04, දිල්ෂාන් මදුශංක 00*, මිචෙල් ස්ටාක් 43/2, පැට් කමින්ස් 32/2 ග්ලෙන් මැක්ස්වෙල් 36/1, ඇඩම් සම්පා 47/4)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 35.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 215 යි – (මිචෙල් මාෂ් 52, ඩේවිඩ් වෝනර් 11, ස්ටීවන් ස්මිත් 00, මානස් ලැබුෂේන් 40, ජොෂ් ඉංග්ලිෂ් 58, ග්ලෙන් මැක්ස්වෙල් 31*, මාකස් ස්ටොයින්ස් 20*, ඩිල්ෂාන් මදුශංක 38/3, දුනිත් වෙල්ලාලගේ 53/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar