slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2023
ධනිෂ්කට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි

sinhala editor

ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එල්ල වී ඇති අපරාධ චෝදනාවල බලපෑම පිලිබඳව විමර්ෂනය කිරීම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

2022 වසරේ නොවැම්බර් මසදී නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද සියලුම චෝදනාවලින් ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු ඔහු ඉකුත් ඔක්තෝම්බර් 03 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලා තරගාවලියට සහභාගිවෙමින් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත එරට පොලිසිය විසින් ධනිෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගන්නා ලදී. ඔහුගේ ක්‍රියාවෙන් ක්‍රිකට් මෙන්ම රටේ කීර්තිනාමයට සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් ධනිෂ්කට එරෙහිව සිදුකරනු ලබන නීතිමය ක්‍රියාමාර්ග අවසන් වන තෙක් මෙම අත්හිටුවීම පනවා තිබිණ.

මෙම තත්ත්වය මත ගෙවී ගිය මාස 11 ක කාලය පුරාවටම දනිෂ්කට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගමන් කිරීම තහනම් වී තිබිණ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු චෝදනා කීපයක් තිබූ මුත් එක් චෝදනාවක් හැරෙණු කොට අනෙකුත් චෝදනා නඩු විභාගයට පෙර පැමිණිල්ල විසින් ඉවනත් කර ගන්නා ලදී. කෙසේ වෙතත් නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණය විසින් සිදුකරන ලද පූර්ණ නඩු විභාගයෙන් පසු ධනිෂ්කට තිබූ එකම චෝදනාවෙන්ද ඔහු නිදහස් විය.

ගුණතිලකගේ ක්‍රිකට් දිවිය පිළිබඳව නිසි සැලකිල්ලග් දැක්වීමෙන් සහ ජාතියේ ක්‍රිකට් අභිලාෂයන් කරෙහි වන බලපෑම පිළිබඳව අවධානය යොමු කළ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විමර්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා තිබූ තහනම වහා ඉවත් කරන ලෙස ඒකමතිකව නිර්දේශ කර තිබේ. නීතිඥ නිරෝෂණ පෙරේරා සහ නීතිඥ අසේල රැකව මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. ඒ අනුව ධනිෂ්කට සුපුරුදු පරිදි සිය ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ අවසරය හිමිව තිබේ.

2023 වසරේ ඔක්තෝම්බර් මස 13 වැනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ධනිෂ්කගේ තහනම පිළිබඳව විමර්ෂණ කමිටුව විසින් ලබා දුන් නිර්දේශය අනුමත කිරීමට පියවර ගෙන තිබේ. කසේ වෙතත් ඉදිරි ජාතික කටයුතු ක්‍රියාකාරකම් වලදී ජාතියේ නියෝජිතයකු ලෙස සෑම විටම තම තත්ත්වය තහවුරු කොට කටයුතු කරන ලෙසද ඔවුන් විසින් ගුණතිලක මහතාට අවවාද කර තිබේ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee