slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2023
ශ්‍රී ලංකා පිලට දඩයක්

sinhala editor

ශ්‍රී ලංකා පිලට දඩයක්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නියමිත කාලසීමාව ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය තරග මුදලින් දඩ ගෙවීමට නියම කර තිබේ.
තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා විසින් සිය තරග මුදලින් 10% ක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ.
ශ්‍රී ලංකාවට ලකුණු 102 ක පරාජයක් හිමිකර දෙමින් නිමාවට පත්වුණු අදාළ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර සංඛ්‍යාව යවා නිමකිරීමට තිබූ කාලයෙන් පන්දුවාර දෙකක් අඩුවෙන් යවා තිබීම නිසා මෙම දඩ නියම කිරීමට හේතු වී තිබේ. ප්‍රමාද වන සෑම පන්දුවාරයක් සඳහාම තරග මුදලින් 5% ක් දඩ වශයෙන් ගෙවීමට නියම වන බැවින් ශ්‍රී ලංකා පිලට 10% මුදලක් ගෙවීමට සිදුව තිබේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest