slc
logo
Home   |    News
ඔක්තෝබර් 4, 2023
13 වැනි ලෝක කුසලාන සටන හෙට සිට – ජයග්‍රාහී පිලට රුපියල් කෝටි 130 ක්

sinhala editor

ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (ඔක්තෝම්බර් 05 වැනිදා) ඉන්දියාවේදී ආරම්භ වනු ඇත. වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය සහ එහි අනුශූරයින් වන නවසීලන්ත කණ්ඩායම සමාරම්භක දිනයේදී අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරග වදින අතර එම තරගය ප.ව. 2.00 ට ආරම්භ වනු ඇත.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට ආසියානු රටක් තනි සත්කාරකත්වයක් දරනු ලබන පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන ඉන්දියාවේ පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලියේදී රටවල් 10 ක් ශූරතා කුසලාන වෙුනවෙන් තරග වදිනු ඇත. සත්කාරක ඉන්දියාව හැරුණු කොට ලෝක ශූර එංගලන්තය, අනුශූර නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව තරගවදිනු ඇත. මේ අතරින් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඉකුත්දා සිම්බාබ්වේහි පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයින් සහ අනුශූරයින් බවට පත් වෙමින් මෙම ලෝක කුසලාන වරම දිනා ගැනීමට සමත්ව සිටිති.

දින 46 ක් මුලුල්ලේ ලෝක මට්ටමේ ක්‍රීඩාංගණ 10 ක් පුරා පැවැත්වෙන මෙවර තරගාවලියේ පැවැත්වෙන සමස්ථ තරග සංඛ්‍යාව 48 ක් වේ. අහමදාබාද් හැරුණු කොට හයිද්‍රාබාද්, චෙන්නායි, ධර්මශාලා, බැංගලෝර්, දිල්ලි, කොල්කටා, මුම්බායි සහ පුනේ යන නගරවල තරග පැවැත්වෙනු ඇත. මෙහිදී අවසන් පූර්ව තරග මුම්බායි සහ කොල්කටාහි පැවැත්වෙන අතර අවසන් මහ තරගය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සුපුරුදු පරිදි තරගාවලියේ මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම එක් වරක් බැගින් ප්‍රතිවාදීන් මුණ ගැසෙති. ඒ අනුව මූලික වටයේදී පැවැත්වෙන තරග සංඛ්‍යාව 45 ක් වේ. මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන අතර එහිදී පළමු ස්ථානයට පත්වන කණ්ඩායම් සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතරද දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම ද සමඟද තරග වදිති.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගාවලියට අවතීර්ණව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන තරගාවලියේ පළමු සහභාගිත්වය ඔක්තෝම්බර් 07 වැනිදා සිදුකරනු ඇත. ඒ දකුණු අප්‍රිකානු පිලට එරෙහිවයි. තරගාවලිය ආරම්භයට පෙර තරග වැදුණු පුහුණු තරග 2 දීම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණු නමුත්, මෙවැනි දැවැන්ත තරගාවලිවල දක්ෂතා අතරට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීම සාමාන්‍ය තත්ත්වයකි.

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි 12 න් අවස්ථා 5 කම ශූරතාව තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත්ව සිටින අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අවස්ථා 2 කදීද, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය එක් අවස්ථාව බැගින්ද ලෝක කුසලාන දිනා සිටිති.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පැය 24 ක කාලයකට මත්තෙන් තරගාවලිය නියෝජනය කරනු ලබන රටවල් 10 නායකයින් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට තරගාවලි සංවිධායකයින් වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබූ අතර එහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේ, කණ්ඩායමක් ලෙස මෙම තරගාවලියේදී හොඳින් දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

“බැලුවොත්, අපේ ගොඩක් ක්‍රීඩකයින් පසුගිය කාලයේදී ගොඩක් ආබාධ වලට පත් වුණා. එය අපිව දුෂ්කරතාවයකට පත් කරවන්න්. ඒ වගේම එහෙම වුණත් අපි හොද වාර්තා කීපයක්ම පවත්වීමට සමත්ව තිබෙනවා. ඔබ දන්නවා කන්ඩායමක් ලෙස ලෝක කුසලාන තරගාවලි දෙස මහත් බලාපොරොත්තු සහිතව බලා සිටින බව. මේ වෙලාවේ කියන්න කැමැතියි අපි මේ තරගාවලියට පැමිණ සිටින්නේ ඉතා හොදින් දස්කම් දක්වන්න කියලා“ යැයි ශ්‍රී ලංකා නායකයා අදහස් දක්වා සිටියේය.

 

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee