slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2023
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් නඩු මඟට

sinhala editor

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුකරනු ලබන හානිදායක මෙන්ම අපහසාත්මක ප්‍රකාහ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණු කොට ගෙන නඩු මඟට පිවිස සිටියි. ඒ අනුව ඉකුත් නොවැම්බර් මස 13 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරිකවරයා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව රුපියල් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලා සිටිමින් කොළඹ දිසා අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කිරීමට පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දිගින් දිගටම සිදුකරනු ලබන අසත්‍ය සහ හානිකරදායක ප්‍රකාශ ප්‍රචාරය වීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශීය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල හානියක් සිදුකර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරනු ලබන ඉහළ නායකත්වය සියලු කටයුතුවලදී විනිවිදභාවය, වගකීම සහ ක්‍රීඩාවේ සාධාරණය තහවුරු කිරීමට නිරන්තරයෙන් කැපව සිටියි.

ක්‍රිිකට් ප්‍රජාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවරත්වයට සිදුව ඇති අනවශ්‍ය හානිය නැවතත් යහපත් අතරට පත් කර ගැනීම මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමේ ප්‍රධාන අරමුණ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම එහි සාමාජිකයින්ගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ විශ්වාසය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවේ ජීවගුණය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි නිරන්තරයෙන්ම අවධානය යොමු කර සිටින අතරම ක්‍රීඩකයින්, නිලධාරීන් මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට ධනාත්මක පරීක්ෂණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කරනු ලබන්නේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ආරම්භ කර ඇති මෙම නීතිමය ක්‍රියාමාර්ගය මඟින් අවධාරණය කර සිටිනු ලබන්නේ ආයතනයේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට මෙන්ම එහි පාර්හ්වකරුවන්ට එරෙහිව නැගෙන පදනම් විරහිත චෝදනා වලින් ආරක්ෂා කර ගැනීමට ඇති කැපවීමය.

මෙම නීතිමය ක්‍රියාමාර්ගය හරහා කටයුතු කරන අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩාව මෙන්ම එහි ආධාරකරුවන්ගේ යහපත පිළිබඳව ප්‍රමුඛත්වය වෙනුවෙන් කටයුතු කරනු ලබයි. මේ පිළිබඳ නඩුව ඉදිරියට ටයැවෙන විට එහි යාවත්කාලීන කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී සිදුකරනු ඇත.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar