slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2023
පර්සි අබේසේකර දැයෙන් සමුගනියි

sinhala editor

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ඒක පුද්ගල දිරිගන්වන්නා ලෙසින් කටයුුත කරන ලද පර්සි අබේසේකර මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි හෝකය පළ කර සිටියි. පුරා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙසින් කටයුතු කරන ලද අබේසේකර මහතාගේ අවසන් කටයුතු නොවැමබ්ර් 02 වැනි බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තයේදී සිදුකෙරිණ.

අවසන් කටයුතු සිදු කිරීමට පෙර ඒ මහතාගේ දේහය නොවැම්බර් 01 වැනිදා සඋදෑසන සිට බොරැල්ල පිහිටා ඇති ජයරත්න මල්ශාලාවේ වී.අයි.පී. මල්ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබිණ. වසර 60 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ දිරිගන්වන්නා ලෙසින් කටයුතු කළ අබේසේකර මහතාව දේශීය ක්‍රීඩා ලෝලීන් අතට පමණක් නොව ලෝකය පුරා වූ ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩකයින්ගේ නොමඳ ආදරයට පාතූ වූවෙකි.

අබේසේකර මහතාගේ අභාවය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපතිවරයා වන ශම්මි සිල්වා මහතා පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ ඔහුගේ අභාවය ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවටම බරපතල පාඩුවක් වන බවයි.

“ඔහුගේ අභාව ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පරපතල පාඩුවක් ගෙන දෙන්නක්. මෙම කණගාටු දායක මොහොතේදී ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන් පර්සි අබේසේකර මහතාගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ඔහුගේ සමීප හිතවතුන් වෙත අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කර සිටින්නෙමු“ යැයි ක්‍රිකට් සභාපතිවරයාගේ ශෝක පණිවිඩයේ සදහන් කර තිබේ.

“පර්සි කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සන්නාමක් වගේ පුද්ගලයෙක්. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය වචන වලින් විස්තර කරන්න බෑ. ඔහු ඉතාම ජනප්‍රිය, ශ්‍රී ලංකාව වගේම මුලු ලෝකයම පිළිගත් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පරම්පරා කීපයකටම මහත් ගෞරවාදරයට පත්වූ අයෙක්“ යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

1936 වසරේ උපත ලබා ඇති අබේසේකර මහතා දෙදරු පියකු වන අතර ඔහුට සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ ඉතිරිව සිටි එකම සාමාජිකයා වේ.

පර්සි අබේසේකර මහතාට උපහාර දැක්වීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කලු පටි පැළඳ ක්‍රීඩා කරති. ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරන ලද පර්සි අබේසේකර අද අවසන් ගමන් ගියද තරග දිරිගන්වන්නකු ලෙස ඔහු ශ්‍රී ලංකාවට ලබා දුන් කීර්තිය හේතුවෙන් ඔහුගේ නම රිකට් ලෝලීන් අතර සදාකාලික වනු ඇත.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee