slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2023
පොලීසියට ලකුණු 67ක ජයක්

sinhala editor

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා පොලීසිය අද (13) සෙබස්ටියනයිට්ස් පරදා ලකුණු 67ක ජයක් අත්කර ගැනීමට සමත් විණි. මේ තරගයේ මුල් ඉනිමේදී සෙබස්ටියනයිට්ස් ලකුණු 17කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේදී පොලීසිය කැපී පෙනුණු දක්ෂතා දැක්වීය.

පොලීසියේ මාලින්ද පුෂ්පකුමාර මුල් ඉනිමේදී ලකුණු 88කට කඩුලු හතක් ද දෙවන ඉනිමේදී ලකුණු 54කට කඩුලු පහක් ද දවාලමින් සම්පූර්ණ තරගයේදී කඩුලු 12ක් දවාලීමට සමත් විණි.

  • පොලීසිය ලකුණු 67කින් සෙබස්ටියනයිට්ස් පරාජය කරයි.

පොලීසියේ මාලින්ද පුෂ්පකුමාර (54/5) සහ නලින් ප්‍රියදර්ශණ (53/4) දක්ෂ පන්දු යැවීම හමුවේ සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම ලකුණු 120කට සීමා විණි. මාලින්ද පුෂ්පකුමාර මේ තරගයේදී කඩුලු 12ක් දවාලීය.

පොලීසිය මුල් ඉනිම 181 පන්දුවාර 40.4 – (හේෂාන් ධනුෂ්ක 45, අෂේන් බණ්ඩාර 67, සුපුන් මධුශංඛ 15, චාමික එදිරිසිංහ 61/4, ඉසිත විජේසුන්දර 20/3)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 198 පන්දුවාර 42.3යි – (අදීෂ නානායක්කාර 48, තරිඳු රත්නායක 61, ප්‍රමෝද් මධුවන්ත 17, මාලින්ද පුෂ්පකුමාර 88/7)

පොලීසිය දෙවන ඉනිම පන්දුවාර 66.1කදී 204යි – (ප්‍රියමල් පෙරේරා 90, චතුරංග කුමාර 44, අෂේන්  බණ්ඩාර 26, දුෂාන් විමුක්ති 68/6යි)

සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම පන්දුවාර 36.2දී 120යි – (අදීෂ නානායක්කාර 27, ඉසිත විජේසුන්දර 23, තරුෂ ප්‍රනාන්දු 15, මාලින්ද පුෂ්පකුමාර 54/5, නලින් ප්‍රියදර්ශණ 53/4යි)

  • කුරුණෑගල යූත් – බ්ලුම්ෆීල්ඩ්

අයහපත් කාලගුණික තත්ත්වය මත මේ තරගය පැවැතියේ මෙතෙක් පන්දුවාර 5.1ක් පමණකි. මේ තරගය 12 – 14 තෙදින තුළ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

කුරුණෑගල යූත් මුල් ඉනිම පන්දුවාර 5.1කදී කිසිවකු නොදැවී 17 – (ගයාන් මනීෂාන් නොදැවී 09යි)

  • බදුරලිය – මුවර්ස්

මුලින් පන්දුවට පහර දෙන බදුරලිය කණ්ඩායම දෙවන දින (13) තරගය නතර කරන විට කඩුලු 4කට ලකුණු 138ක් ලබා සිටියේය. විෂාර ප්‍රනාන්දු (62) සහ රමේෂ් සිල්වා (නොදැවී 51) අර්ධ ශතක රැස් කිරීමට සමත් විණි.

බදුරලිය ප්‍රථම ඉනිම පන්දුවාර 38කදී කඩුලු 4ට 138යි – (විෂාර ප්‍රනාන්දු 62, රමේෂ් සිල්වා නොදැවී 51, අනුක් ප්‍රනාන්දු 10, මිලාන් රත්නායක 26/2යි)

  • පාණදුර – යුද හමුදාව

කොළඹ යුද හමුදා පිටියේදී  13 – 15 දිනවල පැවැත්වෙන මෙම තරගයේදී පාණදුර කණ්ඩායමේ සමාර්ත් සෙත් (36) රොෂාන් විජේනායක (නොදැවී 34) සහ රමිඳ විජේසූරිය (නොදැවී 32) ලකුණු අතරට පැමිණියහ.

 පාණදුර ප්‍රථම ඉනිම පන්දුවාර 44කදී කඩුලු 4ට 122යි – (සමාර්ත් සෙත් 36, රොෂාන් විජේනායක නොදැවී 34, රමිඳ විජේසූරිය නොදැවී 32, සීක්කුගේ ප්‍රසන්න 48/2යි)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar