slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2023
රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර කිසිදු ලබැඳියාවක් නොමැත  

sinhala editor

මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා 2017 වර්ෂවේ සිට 2018.05.31 දක්වා එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාල මහතාවේ ආරාධනත්වයෙන් “ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විදයාලය” ඉදිකිරිම සදහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සදහා Colombo School of Business and Management ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කල අතර එකී සේවාවන් සැපයීම වෙනුවෙන් එම ආයතනයට සිදු කරන ලද වෘත්තීමය සේවා සඳහා වන ගෙවීම් හැර වෙනත් කිසිදු දීමනාවක් හෝ ගෙවීමක් ඒ මහතා හට සිදු නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටීමට කැමැත්තෙමු.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හට මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සමඟ කිසිදු ලබැඳියාවක් නොමැති බව ඉතා අවධාරණයෙන් යුතුව දන්වා සිටිමු.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee