ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව අවසන් පූර්ව වටයේදී ජය තහවුරු කරගත් ගුවන් – යුද කාන්තා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය මේ මස 5 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
මූලික වටයේදී ‘ඒ‘ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදා ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 2ක ජයක් ලැබූ අතර, ‘බී‘ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල හා ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණි හලාවත මේරියන්ස් කාන්තා පිල අතර බීආර්සී පිටියේ පැවැති තරගයෙන් ගුවන් හමුදාව ජයක් ලකුණු 24ක ජයක් වාර්තා කළේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා ක්‍රීඩිකාවෝ ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 130ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල කඩුලු 8කට ලකුණු 117ක් ලබා සිටියදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය නතර කළ ද ඩක්වර් ලුවිස් න්‍යාය අනුව ඉදිරියෙන් සිටියේය. යුද හමුදා පිලේ ක්‍රීඩිකාවන් 4ක් දුවද්දී දැවී යෑමට හසුවීම කැපී පෙණුනි.
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පිල කඩුලු 8කට 130 (ඕවර් 50)
ප්‍රසාදිනී වීරක්කොඩි 14, හර්ෂිතා සමරවික්‍රම 13, රශ්මි සිල්වා 15, හසිනි පෙරේරා 25, නිලක්ෂනා සඳමිණි 25, තාරිකා සෙව්වන්දි නොදැවී 14 අතිරේක 12 (අචිනි කුලසූරිය 26/3, නිමේෂා මධුෂානි 12/3)
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල කඩුලු 8කට ලකුණු 117 (ඕවර් 43.2)
අනුෂ්කා සංජීවනී 32, නෙත්මි සේනාරත්න 24, අචිනි කුලසූරිය 10, අතිරේක 11
(උදේශිකා ප්‍රබෝධනී 8/2)
ගුවන් – හලාවත මේරියන්ස්
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඕවර් 43කදී සියලු දෙනා දැවී ලකුණු 109ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හලාවත මේරියන්ස් කාන්තා පිලේ සියලු දෙනා ලකුණු 85කට දැවී ගියහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල සියලු දෙනා දැවී 109 (ඕවර් 43)
සඳුනි අබේවික්‍රම 30, දිලනි මනෝදරා 17, අමා කාංචනා 12, මල්ෂා ෂෙහානි 20, අතිරේක 15 (සචින් නිසංසලා 16/3, දෙව්මි විජේරත්න 28/3, කවීෂා දිල්හාරී 14/2, සඳුනි නිසංසලා 21/2)
හලාවත මේරියන්ස් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 85 (ඕවර් 34)
දෙවිම් විජේරත්න 31, සුමුදු නිසංසලා 11, අතිරේක 13 ( ඉනෝෂි පුනාන්දු 8/2, තාරුකා ෂෙහානි 16/5, තරුෂි තත්සරණි 9/2)