ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ටියර් ‘බී‘ අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජය පරදා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ මොරටුව ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ අද (8) පැවැති මෙම අවසන් තරගයේදී ජයග්‍රාහී මොරටුව ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 5ක් හා අනුශූරතාව දිනාගත් සැරසන්ස් ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාග පිරිනැමුණි.50
ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික හා තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල හා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු සභාපති බන්ධුල දිසානායක යන මහත්වරු අතින් සිදු කෙරුණි.
ඒ අනුව ටියර් ‘බී‘ අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නාට හිමි කුසලානය හා රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය තරග 5 කදී කඩුලු 15ක් බිදහෙලූ ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප්ට, හොදම පිතිකරුට හිමි කුසලානය හා රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය තරග 5 කදී ලකුණු 221ක් ලබාගත් ලියෝ ක්‍රිකට් සමාජයේ අකීල් ඉන්හාම්ට හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හා රුපියල් ලක්ෂ 1.5ක මුදල් ත්‍යාගය තරග 4කදී ලකුණු 269ක් ලබාගත් සැරසන්ස් ක්‍රීඩා සමාජයේ දිනිත සිරිවර්ධනට හිමි වූහ. එමෙන්ම අවසන් තරගයේ වීරයාට හිමි සම්මානය සමඟ රුපියල් 75000ක මුදලක් පන්දු 89කදී හයේ 2ක් හා හතරේ 9ක් සමඟ ලකුණු 70ක් වාර්තා කළ මොරටුව ක්‍රීඩා සමාජයේ අනුෂ්ක සී පෙරේරාට පිරිනැමුණි.
මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් මොරටුව ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඕවර් 50දී කඩුලු 9කට ලකුණු 231ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම හඹගිය සැරසන්ස් ක්‍රීඩා සමාජය ඕවර් 38කදී කඩුලු 7කට ලකුණු 167ක් ලබා සිටියදී වර්ෂාව ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. යළි තරගය ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවූ හෙයින් ජයග්‍රහණය වෙනුවෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුගමණය කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
මොරටුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් රවීන් පෙරේරා ලකුණු 34ක් ලබාගත් අතර, උමයංග සුවාරිස් පන්දු 28කදී හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 36ක් ලැබීය. සැරසන්ස් පිලේ සෙනාල් ද සිල්වා ලකුණු 26කට කඩුලු 4යි.
මොරටුව ක්‍රීඩා සමාජය කඩුලු 9කට ලකුණු 231යි (ඕවර් 50)
සමිත දිල්ෂාන් 18, අනුෂ්ක සී පෙරේරා 70, රවීන් පෙරේරා 34, උමයංග සුවාරිස් 36, සුමල්ක ප්‍රනාන්දු 20, නිපුන් පීරිස් 15 (සෙනාල් ද සිල්වා 26/4, තනූග පළිහවඩන 39/2)
සැරසන්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7කට ලකුණු 167යි (ඕවර් 38)
සමිත රංග 16, දිනිත සිරිවර්ධන 49, ගවින් බොතේජු 38, දේශාන් ප්‍රනාන්දු 26, කසුන් ඒකනායක 22 ( අනුක් ද අල්විස් 36/3)