slc
logo
Home   |    News
ජනවාරි 5, 2024
වනිඳු නැවත එක්වීමත් සනත්, තිළිණ සහ උපුල්ගේ සහයත් කණ්ඩායමේ විශාල ප්‍රගතියත් ඇති කරාවි – කුසල් මෙන්ඩිස්

Sri Lanka Cricket

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හෝ තුන්වන එක්දින තරගයේ සිට වනිඳු හසරංග නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමත්, සනත් ජයසූරිය (උපදේශක) තිළිණ කන්දම්බි (පිතිකරණ පුහුණුකරු) සහ උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු) යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සහය ලැබීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රගතියක් ඉක්මනින්ම දැක ගැනීමට හැකි වෙතැයි තමා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් එක්දින තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.

හිටපු නායක දසුන් ශානක දක්ෂ තුන් ඉරියව්වේම දස්කම් පෙන්වන ක්‍රීඩකයකු වන අතර පසුගිය දිනවල ඔහු අසාර්ථක වීමට යම් පීඩනයන් හේතුවන්නට ඇතැයි තමා සිතන බව පවසන කුසල් මෙන්ඩිස් ඔහු නැවත කණ්ඩායමට එක් වන්නේ නම් ඉන් කණ්ඩායමට ලැබෙන දායකත්වය තමාට හිමිකර ගත හැකි බව ද මෙන්ඩිස් කියයි.

ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත් වීමෙන් ඇති වන පුරප්පාඩුව සහන් ආරච්චි හෝ නුවනිඳු ප්‍රනාන්දු විසින් පුරවනු ඇතැයි පවසන ශ්‍රී ලංකා නායකයා පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙසත් තමා (අංක තුන) සධීර සමරවික්‍රම, චරිත් අසලංක පසුව පැමිණීමෙන් ශ්‍රී ලංකා පිතිකරණය හොඳින් ක්‍රියාත්මක වනු ඇතැයි ද කියයි.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු රකින්නන් දැක් වූ අසාර්ථකත්වයන් කණ්ඩායමේ පසුබෑමට හේතු වුවා දැයි විමසු විට කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ පිතිකරුවන් බොහෝ අවස්ථාවන්හි අසාර්ථක නොවු බවත් සධීර සමරවික්‍රම, පැතුම් නිශ්ශංක ඇතුළු පිතිකරුවන් සිව්දෙනකු ලකුණු අතර සිට තරග රැසක්ම දස්කම් පෙන් වූ බවය.

ලකුණු රැස් කිරීමේදීත් පන්දු යැවීමේදීත් කොතරම් හොඳින් දක්ෂතා දැක්වුවත් පන්දු රැකීම දුර්වල නම් තරග සාර්ථක නොවන බව පවසන මෙන්ඩිස් එහෙත් පසුගිය සති දෙක තුන තුළදී සිදු කළ නිරීක්ෂණයන්ගෙන් තමා දුටුවේ මේ වන විට ශ්‍රී ලංකා පන්දු රැකීම පෙරට වඩා ශක්තිමත්ව ඇති සෙයක් පෙනී යන බවය.

කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට පෙර තේරීම් කමිටුව තමාගෙන් කළ විමසීමක් වුයේ දක්ෂ ලෙස පන්දුවට පහරදීම සහ කණ්ඩායමේ නායකත්වය එක සමානව දක්ෂ ලෙස ඉටු කළ හැකි ද යන්න බව කී කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙන විට තම අවධානය එය කෙරෙහි පමණක් යොමු කරන අතර පන්දු රකින විට තම කාර්යය වන්නේ ප්‍රතිවාදී කණ්ඩායම දවා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම බව ද කියයි.

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් තමාටත් තම කණ්ඩායමටත් දිගු කලක සිටම සහය දුන් බව ස්තුති පූර්වකව සඳහන් කිරීමට කැමති බව පවසන කුසල් මෙන්ඩිස් තරග ජයග්‍රහණ කරන අවස්ථාවන්හි සහ තරග අසාර්ථක වන අවස්ථාවන්හිදීත් කණ්ඩායම සමඟම එකට එක්ව සිටින මෙන් තමා ඔවුන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින බව ද කීය.

හොඳින් ලකුණු රැස් කිරීමට මනා අවධානයකින් කටයුතු කිරීමත් සාර්ථකව නායකත්වය ඉසිලීම යන කරුණු දෙකම එකවර ඉටු කිරීම ඔබට බාධාවක් දැයි විමසු විට ඔහු කීවේ මීට පෙර ජාත්‍යන්තර තරගාවලියන්හිදීත් එල්.පී.එල් වැනි දේශීය තරගාවලියන්හිදීත් මෙම කරුණු දෙකම තමා සාර්ථකව ඉටුකර ඔප්පු කර පෙන්වා ඇති බවය.

‘මේ වන විට අප පුහුණු තරග දෙකකට සහභාගි වී සිටිනවා. අපට අවශ්‍ය ආකාරයේ තණතිලි ලබා දෙන ලෙසටත් අප මේ වන විට ඉල්ලීම් කළා. එය ඉටුවේවි. අපගේ ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ මීට පෙර ක්‍රීඩා කර ඇති හෙයින් ඔවුන්ගේ දුර්වලතා ද අප දන්නවා. මේ තරගාවලිය පහසුවෙන් ජය ගැනීම අපගේ අපේක්ෂාව යැයි කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කරයි.

සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් අදහස් දක්වමින් නව වසරේ නව බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට දර්ශනීය ස්ථානයක් ලෙස තමා දකින බව පවසන සිම්බාබ්වේ නායකයා තම කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ශ්‍රී ලංකා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම තම උපාය මාර්ගය බව ද කීවේය.

මේ සංචාරයේදී තම කණ්ඩායමේ අපේක්ෂාව වන්නේ තියුණු තරග රැසකටම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මෙහිදී තරග වැදීමට යැයි ද සිම්බාබ්වේ නායකයා පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee