slc
logo
Home   |    News
පෙබරවාරි 6, 2024
හර්ෂිතාගේ ශතකය දඹුල්ලට ජය ගෙනේ | මහනුවරට කඩුලු 1ක තියුණු ජයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) එක්දින තරගාවලියේ පළමු දිනයේදී දඹුල්ල කාන්තා පිලේ නායිකා හර්ෂිතා සමරවික්‍රමගේ අගනා ශතකයත් සමඟ දඹුල්ලට ලකුණු 178ක දැවැන්ත ජයක් හිමි විය.

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති දඹුල්ල – ගාල්ල පළාත් කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 4ක් දැවී ලකුණු 280ක් රැස් කළේය. හර්ෂිතා සමරවික්‍රම පන්දු 133කදී හයේ පහර 3ක් හා හතරේ පහර 10ක් සමඟ මෙම ලකුණු ප්‍රමාණය එක් කළ අතර, ඇය සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 81ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉමල්කා මෙන්ඩිස් හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ පන්දු 73කදී ලකුණු 51ක් ලබා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩිකාවෝ ලකුණු 102කට දැවී ගියහ. එම පිලේ වැඩිම ලකුණු ගණන වාර්තා කළේ නිලක්ෂිණා සඳමිණි (ලකුණු 27) පමණි. සත්‍යා සංදීපනී, මල්ෂා ෂෙහානී හා නිමේෂා මධුෂානී කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

මේ අතර කෝල්ට්ස් පිටියේ පැවැති කොළඹ – මහනුවර පළාත් අතර තරගයේ තියුණු අවසානයකින් පසු මහනුවර පිල එක් කඩුල්ලක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල මුලින් පන්දුවට පහරදීමට කොළඹට ආරාධනා කළ හෙයින් කොළඹ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 179ක් ලැබූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩිකාවෝ කඩුලු 9කට ලකුණු 181ක් ලබා ගත්හ. කවීෂා දිල්හාරි හා අමා කාංචනා පන්දු 119කදී ලකුණු 88ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. අංක 10 පිතිකාරිණී සවිනි කුරේ පන්දු 32කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 12ක් ලබා ගත්තාය.

ගාල්ල – දඹුල්ල

දඹුල්ල කාන්තා පිල කඩුලු 4ක් දැවී ලකුණු 280 (ඕවර් 50)
සඳලි වීරසිංහ 22, ඉමල්කා මෙන්ඩිස් 51, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 130, සත්‍යා සන්දීපනී 32, කෞෂනී නූත්‍යාංගනා නොදැවී 19, අතිරේක 21 ( තාරුකා ෂෙහානී 47/2)

ගාල්ල කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 102 (ඕවර් 38 )
හර්ෂණී විජේරත්න 12, ඔෂධි රණසිංහ 15, නිලක්ෂිණා සඳමිණි 27, අතිරේක 20 ( සත්‍යා සංදීපනී 15/2, මල්ෂා ෂෙහානී 16/2, නිමේෂා මධුෂානී 24/2)

කොළඹ – මහනුවර

කොළඹ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 179 (ඕවර් 44.2)
නවෝද්‍යා නෙත්මිණි 33, හසිනි පෙරේරා 53, පියුමි වත්සලා 24, සචික් නිසංසලා 10, තාරිකා සෙව්වන්දි 16, අතිරේක 25 ( අමා කාංචනා 27/2, කවීෂා දිල්හාරි 33/2, විහාරා සෙව්වන්දි 26/2)

මහනුවර කාන්තා පිල කඩුලු 9ක් දැවී ලකුණු 181 (ඕවර් 47.4)
හංසිමා කරුණාරත්න 14, කවීෂා දිල්හාරි 62, අමා කාංචනා 57, අතිරේක 21 ( ඉනෝෂි ප්‍රනාන්දු 18/3, ජනදි අනලි 40/2, සචිනි නිසංසලා 28/2)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee