slc
logo
Home   |    News
මාර්තු 22, 2024
කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සුදුස්සන් තේරීම අප්‍රේල් 25දා ඇරැඹේ

Sri Lanka Cricket

මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබන අප්‍රේල් මස 25 වැනිදා අබුඩාබි ටොලරන්ස් ඕවල් පිටියට පිවිසෙයි.

අබුඩාබි සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ටොලරන්ස් ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිත මෙම ලෝක කුසලාන කාන්තා විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගාවලියට කණ්ඩායම් 10ක් සහභාගී වෙති.

‘ඒ‘ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, තායිලන්තය, උගන්ඩාව හා අමෙරිකාව තරගවදින අතර, ‘බී‘ කාණ්ඩයෙන් නෙදර්ලන්තය, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජය, වනුවාටු හා සිම්බාබ්වේ යන රටවල් එක්ව සිටිති. කාණ්ඩ දෙකේ මුල් කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය මැයි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී බංග්ලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියේ ස්ථාන දෙකක් සඳහා මෙම සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන අතර, දැනටමත් සත්කාරක බංග්ලාදේශය, පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ මුල් ස්ථාන 6ට පත්වූ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ලෝක කුසලානයට සුදුසුකම් ලබා සිටිති. එමෙන්ම 2023 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අවසන් වෙද්දී ශ්‍රේණිගත කිරීම අනුව පාකිස්තානයද සුදුසුකම් ලබා ගත්තේය.

අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩා මධ්‍යස්ථානයේ කොටසක් වන සයෙඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ටොලරන්ස් ඕවල් පිටියේදී මෙන්ම එම ප්‍රදේශයේම පිහිටි මොහාන් ඕවල් ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 21 සහ 23 දිනවල පෙරහුරු තරග පැවැත්වීමට නියමිතය.

ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ‘ඒ‘ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහභාගීවන තරග මෙසේය:

අප්‍රේල් 25 – ශ්‍රී ලංකාව – තායිලන්තය
අප්‍රේල් 27 – ස්කොට්ලන්තය හා ශ්‍රී ලංකාව
මැයි 1 – ශ්‍රී ලංකාව – උගන්ඩාව
මැයි 3 – ශ්‍රී ලංකාව – අමෙරිකා එක්සත් ජනපදය.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee