slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2024
සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලට ක්‍රිකට් පුහුණු පැති විකට්ටුවක් ප්‍රදානය කරයි

Sri Lanka Cricket

කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම විදුහලට පුහුණු පැති විකට්ටුවක් පරිත්‍යාග කර තිබේ.

පුහුණු පැති විකට්ටුව නොබෝදා විවෘත කරන ලද අතර වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම ආරම්භ කිරීමට විදුහල අපේක්ෂා කරයි.

බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ආරම්භ කිරීමට උපකාරී වීමට ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙහිදී විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය විදුහල වෙනුවෙන් තම ස්තූතිය පළ කළාය.

තම විදුහලට පුහුණු පැති විකට්ටුවක් ලබා දීම පිළිබඳව තම සතුට පළ කරමින් මෙහිදී කතා කළ විදුහලේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායිකාව මෙත්මි ආදිත්‍යා මෙය උපයෝගී කර ගනිමින් විදුහලේ දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් බිහිකර අනාගතයේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ද අපේක්ෂා කරන බව ද කීවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරී මොරිස් ද සිල්වා මහතා ද මේ පැති විකට්ටුව ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි විණි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar