ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (15 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ බාළිකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම මහනුවර බාලිකා පිලට එරෙහිව ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට කොළඹ බාලිකා කණ්ඩායම සමත්විය.
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ බාලිකාවන් නියමිත පන්දුවාර 20 අවසනසදී කඩුලු 2 කට ලකුණු 152 ක් රැස් කර ගත් නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර බාළිකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී ලකුණු 91 කට දැවී ගියේය.
කොළඹ පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ අශානි කෞෂලයා ලකුණු 86 ක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභිණිය බවට පත්වූවාය. පන්දු 58 කට මුහුණ දුන් ඇය ඒ සඳහා හයේ පහරක් සහ හතරේ පහර 10 ක් එල්ල කරද්දී ඇයට අනගි සහායක් ලබා දුන් ශිකාරි ද සිල්වා පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින් වේගවත් ලකුණු 42 ක් ලබා ගත්තාය. මොවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 65 කදී ලකුණු 92 ක් විය. පන්දු යැවීමේදී නෙත්මි සංජනා ලකුණු 11 ක් ඇතුළත මහනුවර කණ්ඩායමේ කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය.
මේ අතර පස්වරුවේ ගාල්ල බාලිකා පිලට එරෙහිව පැවැති තරගයේදී තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ජනදි අනාලි දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ මූලිකත්වය ගත්තාය. පන්දු යවමින් ලකුණු 26 ක් ලබා දඹුල්ල පිලේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වුණු ජනදි පන්දු යවමින් ප්‍රතිවාදී පිතිකාරිණියන් දෙදෙනෙකු දවා ගනු ලැබුවේ ලකුණු 19 ක් පමණක් ලබා දෙමිනි.
කොළඹ සහ මහනුවර
කොළඹ බාලිකා පන්දුවාර 20 කදී කඩුලු 2 ට ලකුණු 152 යි – (අශානි කෞෂල්‍යා 86, ශිකරි ද සිල්වා 42, ප්‍රබුද්ධි ගයානා 12*, නිකේෂා විජේසේකර 03*, දේවගී ජෙගනාතන් 33/2)
මහනුවර බාලිකා පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 91 යි – (නෙත්මි ගුණරත්න 12, ප්‍රමුධි මෙත්සරා 12, සෙව්මිනී සසිකලා 15, ඉසිරි උමයංගනා 10, නෙත්මි සංජනා 11/3, මදාරා සමරකෝන් 11/1, රශ්මි සෙව්වන්දි 16/1, හශිනි ලියනගේ 25/1, දිනිති සේනානායක 08/1)
දඹුල්ල – ගාල්ල
දඹුල්ල පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 83 යි – (ජනදි අනාලි 26, දුලංගා දිසානායක 19*, යසන්ති හේරත් 13/3, අශානි සාමින්දි 18/2, දෙව්මි විජේරත්න 09/2)
ගාල්ල පන්දුවාර 19.1 කදී ලකුණු 69 යි – (චමෝදි දේවින්ද්‍යා 15, යසන්ති හේරත් 10*, දුලංගා දිසානායක 10/2, ලිමිනී තිලකරත්න 09/2, ජනදි අනාලි 19/2, විදුෂිකා පෙරේරා 11/2, 06/1)