slc
logo
Home   |    News
මැයි 15, 2024
අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – සමාරම්භක දිනයේදී කොළඹ සහ දඹුල්ල ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (15 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ බාළිකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම මහනුවර බාලිකා පිලට එරෙහිව ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට කොළඹ බාලිකා කණ්ඩායම සමත්විය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ බාලිකාවන් නියමිත පන්දුවාර 20 අවසනසදී කඩුලු 2 කට ලකුණු 152 ක් රැස් කර ගත් නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර බාළිකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී ලකුණු 91 කට දැවී ගියේය.

කොළඹ පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ අශානි කෞෂලයා ලකුණු 86 ක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභිණිය බවට පත්වූවාය. පන්දු 58 කට මුහුණ දුන් ඇය ඒ සඳහා හයේ පහරක් සහ හතරේ පහර 10 ක් එල්ල කරද්දී ඇයට අනගි සහායක් ලබා දුන් ශිකාරි ද සිල්වා පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින් වේගවත් ලකුණු 42 ක් ලබා ගත්තාය. මොවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 65 කදී ලකුණු 92 ක් විය. පන්දු යැවීමේදී නෙත්මි සංජනා ලකුණු 11 ක් ඇතුළත මහනුවර කණ්ඩායමේ කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය.

මේ අතර පස්වරුවේ ගාල්ල බාලිකා පිලට එරෙහිව පැවැති තරගයේදී තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ජනදි අනාලි දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ මූලිකත්වය ගත්තාය. පන්දු යවමින් ලකුණු 26 ක් ලබා දඹුල්ල පිලේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වුණු ජනදි පන්දු යවමින් ප්‍රතිවාදී පිතිකාරිණියන් දෙදෙනෙකු දවා ගනු ලැබුවේ ලකුණු 19 ක් පමණක් ලබා දෙමිනි.

 

කොළඹ සහ මහනුවර

කොළඹ බාලිකා පන්දුවාර 20 කදී කඩුලු 2 ට ලකුණු 152 යි – (අශානි කෞෂල්‍යා 86, ශිකරි ද සිල්වා 42, ප්‍රබුද්ධි ගයානා 12*, නිකේෂා විජේසේකර 03*, දේවගී ජෙගනාතන් 33/2)

මහනුවර බාලිකා පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 91 යි – (නෙත්මි ගුණරත්න 12, ප්‍රමුධි මෙත්සරා 12, සෙව්මිනී සසිකලා 15, ඉසිරි උමයංගනා 10, නෙත්මි සංජනා 11/3, මදාරා සමරකෝන් 11/1, රශ්මි සෙව්වන්දි 16/1, හශිනි ලියනගේ 25/1, දිනිති සේනානායක 08/1)

 

දඹුල්ල – ගාල්ල

දඹුල්ල පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 83 යි – (ජනදි අනාලි 26, දුලංගා දිසානායක 19*, යසන්ති හේරත් 13/3, අශානි සාමින්දි 18/2, දෙව්මි විජේරත්න 09/2)

ගාල්ල පන්දුවාර 19.1 කදී ලකුණු 69 යි – (චමෝදි දේවින්ද්‍යා 15, යසන්ති හේරත් 10*, දුලංගා දිසානායක 10/2, ලිමිනී තිලකරත්න 09/2, ජනදි අනාලි 19/2, විදුෂිකා පෙරේරා 11/2, 06/1)

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee