slc
logo
Home   |    News
මැයි 17, 2024
ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති

sinhala editor

මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සදහන් කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර වන 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ පිළිබඳව අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී තරගාවලි අධ්‍යක්ෂකවරයා ඒ බව සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පළමුවෙන්ම 2020 වසරේදී පවත්වනු ලබන මෙම තරගාවලියේදී ක්‍රීඩක වෙන්දේසියක් අඛණ්ඩව පවත්වනු ලබන්නේ දෙවැනි වතාවට වේ. මෙහි පළමු වන්න ඉකුත් 2023 වසරේදී සිදුකෙරිණ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජුලි මස 01 වැනිදා සිට 21 වැනිදා මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ලේදීද පැවැත්වෙන අතර අවසන් අදියර කොළඹදී පැවැත්වෙනු ඇත. “අපි නුවරින් පටන් ගන්න තීරණය කළේ ගියපාර නුවර තමයි ජයග්‍රහණය කළේ. නුවරින් පටන්ගෙන ඊට පස්සේ අපි දඹුල්ලට යනවා. දඹුල්ලෙන් ඊට පස්සේ ෆයිනල් ස්ටේජ් එක කොළඹින් පවත්වනවා ඛෙත්තාරාම ක්‍රීඩා පිටියේ. එතකොට ෆයිනල් එක පවත්වන්නේ 21 වැනිදා. 22 වැනිදාත් දීලා තියෙනවේ රේන් රිසර්ව් ඩේ එකක් හැටියටත්“.

“ජාත්‍යන්තර එහෙමත් නැත්නම් වෙනත් රටවල ක්‍රීඩකයෝ 616 ක් රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒකෙන් අපි ෂෝර්ට් ලිස්ට් කළා දෙසිය හැට ගාණක් මට මතක විදියට. ඒ කළේ ඒ කළේ ඒ ක්‍රීඩකයින්ගේ හැකියාවන් අනුව. ඒ වගේම ජාතික තේරීම් කමිටුව අපිට නම් ලැයිස්තුවක් එවලා තියෙනවා. නම් 140 ක් විතර. ඒ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ඉන්න කන්ට්‍රැක් ප්ලේයර්ස්ලයි ඒ වගේම අපි ප්‍රිමියර් ක්ලබ්ස් වලින් ඉල්ලුවා නම් ලැයිස්තුවක්. ඔය ඔක්කොම ආවම අපිට ක්‍රීඩකයෝ 420 කට වැඩි ප්‍රමාණයක් අපි මේ අඟහරුවාදා පවත්වන ක්‍රීඩක වෙන්දේසියේදි විකිණීමට බලාපොරොතේතු වෙනවා“ යැයි තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වට 18 කින් සමන්වත වන අතර එහිදී පළමුවෙන්ම පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, කඩුලු රකින්නන්, වේග පන්දු යවන්නන්, දඟ පන්දු යවන්නන් සහ යොවුන් ක්‍රීඩකයින් වෙන වෙනම වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 6 දෙනෙකුව වෙන්දේසියට පෙර කණ්ඩායමේ රඳවා තබා ගැනීමට හැකියාව ලබා දී තිබේ. ඒ සඳහා ඔවුනට සෘජුවම හෝ ඉකුත් වසරේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ව මේ වසර සඳහාද රඳවා ගැනීම යන විකල්ප දෙකම කණ්ඩායම් හිමිකරුවන්ට භාවිතා කළ හැක. දොඩන්වෙල මහතා සඳහන් කරන ආකාරයට මේ වන විටත් ඇතැම් කන්ඩායම් එම විකල්ප භාවිතා කරමින් තමන්ට අවශ්‍ය සන්නාම ක්‍රීඩකයින් තම කණ්ඩායම් වෙනුවෙන් වෙන්කරගෙන අවසන්ය.

ක්‍රීඩකයකු කණ්ඩායමට එක් කර ගැනීමේදී සෑම කණ්ඩායමකටම ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක බැගින් වූ උපරිම මුදලක් වැය කිරීමට සිදුවන අතර එහිදී වෙන්දේසියට පෙර කණ්ඩායම්වලට ඇතුළත් කර ගන්නා ක්‍රීඩකයින්ටද ගෙවීම් සිදුකළ යුතු වන්නේද එම මුදලින්ය. ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක ක මුදලෙන් වෙන්දේසියට පෙර වියදම් කරන මුදල අඩු කළ පසු ඉතිරි වන මුදල කණ්ඩායමේ හිමිකරුවන් ක්‍රීඩක වෙන්දේසියට රැගෙන ආ යුතු වේ. ිඑහිදී ඉන් 85% ක මුදලක් නිසැකයෙන්ම වෙන්දේසියේදී ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් එම හිමිකරුවන් වැය කළ යුතු වේ. තරගාවලි සංවිධායකයින් සදහන් කරන ආකාරයට මෙවර තරගාවලියේදී ක්‍රීඩක වෙන්දේසිය සඳහා බෙදී යන සමස්ථ මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක් පමණ වේ.

කණ්ඩායම් කීපයකට පෙර වසරට සාපේක්ෂව හිමිකරුවන්ගේ වෙනසක් මෙවර තරගාවලියේදී සිදුවන බවද තරගාවලි අධ්‍යක්ෂකවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. තරගාවලියේදී කණ්ඩායම් හිමිකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය නිසි ලෙස පිළිනොපැදීම නිසා මෙලෙස නව හිමිකරුවන් සොයා ගැනීමට සිදුවූ බවද මෙහිදී සදහන් කර සිටියේය. කෙසේ වෙතත් සියලුම කණ්ඩායම් පිළිබඳව ඉදිරි දින දෙක තුන ඇතුළත තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කරන බවද දොන්ඩවෙල මහතා සඳහන් කර සිටියේය.

පෙර වසරේ පරිදිම එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු මිලදී ගත හැකි වන අතර එහිදී දේශීය ක්‍රීඩකයින්ද සමඟ අවම 20 දෙනෙකුත් උපරිමය ක්‍රීඩකයින් 24 දෙනෙකුත් වශයෙන් එක් කණ්ඩායමකට මිලදී ගැනීමේ අවස්ථාව පවතිනු ඇත. අවසන් 11 දෙනා අතර සිටිය යුත්තේ විදෙස් ක්‍රීඩකයින් සිවුදෙනෙකු පමණක් වුවත් ඉතිරි දේශීය ක්‍රීඩකයින් 7 දෙනාගෙනුත් එක් ක්‍රීඩකයකු වයස අවුරුදු 23 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයකු වීම අනිවාර්යය බවද මෙහිදී තරගාවලි අධ්‍යක්ෂකවරයා දැනුම් දී සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහාා සමන්ත දොඩන්වෙල මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ තරගාවලිය සංවිධානය කරනු ලබන අයි.පී.ජී. ආයතනයේ හිමිකරු අනිල් මොහාන් යන මහත්වරුද සහභාගිව සිටියහ.

Active filters

Recent Posts

  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]
  • NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා […]
  • ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee