ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් මෙම මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ල පිලට ලකුණු 175ක ඉලක්කයක් එල්ලවූ අතර, එය කඩුලු 3ක් බිද වැටී සම්පූර්ණ කොට කඩුලු 7කින් තරගය ජය ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. නැෂනල් සුපර් ලීග් තරග ඉතිහාසයේ ගාල්ල කණ්ඩායමක් ශූරතාවට හිමිකම් කියන ලද පළමු අවස්ථාව බවට පත් වුණු මෙවර තරගාවලියේදී ඔවුන්ට ශූරතා කුසලාන සමග මුදලින් රුපියල් මිලියන 5 ක මුදලක් පිරිනැමුණු අතර අනුශූරතාවට පත් කැන්ඩි කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 25 ක් පිරිනැමිණ.
මෙවර නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලිය පුරා සහභාගී වූ කිසිඳු තරගයක් පරාජයට පත් නොවී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් එකම කණ්ඩායම ලෙස ගාල්ල පිල අපරාජිතව ශූරතාව දිනා ගැනීම විශේෂත්වය වේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහා තරගයේදී ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දු පන්දු 84කදී හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 77ක් ලබාගත් අතර, ලක්ෂාන් එදිරිසිංහ පන්දු 57කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුවේය.
කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදීමට මහනුවරට ආරාධනා කළ හෙයින් මහනුවර පිල පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 316ක් ලබා ගත්තේය. එයට පිළිතුරු ලෙස ගාල්ල පිල පළමු ඉනිමේ ලකුණු 304ක් වාර්තා කළේය. පළමු ඉනිමේදී ලකුණු 12ක් ඉදිරියෙන් සිටි මහනුවර පිල දෙවැනි ඉනිම ලකුණු 163කට සීමා වූ මෙයින් අවසන් දිනයේදී ජයග්‍රහණය වෙනුවෙන් ඉලක්කය ලකුණු 175ක් විය.
මෙම තරගවාරයේදී කඩුලු 35ක් බිදහෙලා ඉදිරියෙන් සිටින නිශාන් පීරිස් මහනුවර පිල අමාරුවේ දමමින් ලකුණු 42කට කඩුලු 5ක් බිදහෙලීය. නිශාන් තරගාවලිය පුරා ඕවරයකදී අඩුම ලකුණු ලබා දෙමින් (2.41) පන්දු යැවීම ද විශේෂත්වයකි.
ගාල්ල පළමු ඉනිම ශක්තිමත් කළ රමේෂ් මෙන්ඩිස් ශතකයක් වාර්තා කළ අතර, ඔහු පන්දු 167කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 111ක් ලබා ගත්තේය. මෙම අවසන් මහා තරගයේදී මෙතෙක් අර්ධ ශතක 3ක් වාර්තාවූ අතර, මහනුවර පිලේ සහන් කෝසල, සිතාර ගිම්හාන හා අශේන් ඩැනියෙල් හා ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් එදිරිසිංහ එලෙස දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික මධ්‍යම පළාත් ක්‍රිකට් ලේකම් ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් ලේකම් ජානක පතිරණ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ අධිකාර්යය සාධන මධ්‍යස්ධානයේ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රදානයේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු දක්ෂතම පිතිකරුවන් ලෙසින් සම්මාන දිනා ගැනීම කැපී පෙනුණි. මෙහිදී ඔෂධ ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර එසේ සම දක්ෂතා දක්වමින් එම සම්මානයෙන් පිදුම් ලැබූ අතර එිහිදී මූලික තරග වටයේදී ඔෂද තරග 8 කදි ඉනිම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 67.3 ක් ද සහිත්ව ලකුණු 808 ක් පසිඳු තරග 8 කදී ලකුණු 67.3 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 807 ක් ද ලබා ගැනීමට සමත්ව සිටියහ. මොවුන් දෙදෙනාමට රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් පිරිනැමිණ.
අවසන් මහ තරගයේ වීරයා – රමේෂ් මෙන්ඩිස්
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – වනුජ සහන්
තරගාවලියේ දක්ෂතම පිතිකරුවන් – ඔෂද ප්‍රනාන්දු/පසිඳු සූරියබණ්ඩාර
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සොනාල් දිනූෂ
මහනුවර පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 316 (ඕවර් 99) – පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන 90, රවීන් යසස් 15, රවිඳු රත්නායක 10, අශේන් ඩැනියෙල් නොදැවී 50, ලසිත් ඇඹුල්දෙනිය 15, අතිරේක 8 ( ධනංජය ලක්ෂාන් 74/2, තිලංග උදේශන 56/2, අසංක මනෝජ් 46/3, ප්‍රවින් ජයවික්‍රම 48/1, රමේෂ් මෙන්ඩිස් 47/2)
ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 304 (ඕවර් 86.4) – සංගීත් කුරේ 12, ෂෙහාන් ප්‍රනාන්දු 33, ධනංජය ලක්ෂාන් 47, ලක්ෂාන් ඒදිරිසිංහ 19, විෂාද් රන්දික 19, රමේෂ් මෙන්ඩිස් 111, නිශාන් පීරිස් 17, තිලංග උදේශන 15, අතිරේක 26( සිතුම් දිසානායක 50/3, නිම්සර අතරගල්ල 66/3, ලසිත් ඇඹුල්දෙනිය 79/3, පුලින තරංග 19/1)
මහනුවර පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 163 (ඕවර් 71) – සිතාර ගිම්හාන 21, රවීන් යසස් 45, රවිඳු රත්නායක 27, අතිරේක 4 ( අසංක මනෝජ් 17/1, නිශාන් පීරිස් 42/5, ප්‍රවින් ජයවික්‍රම 35/2, රමේෂ් මෙන්ඩිස් 38/2)
ගාල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 178 (ඕවර් 27.4) – ඔෂධ ප්‍රනාන්දු නොදැවී 77, ලක්ෂාන් එදිරිසිංහ 56, ධනංජය ලක්ෂාන් 17, විශාද් රන්දික නොදැවී 14 ( නිම්සර අතරගල්ල 34/1)