slc
logo
Home   |    News
මැයි 13, 2024
මුවර්ස් – බී.ආර්.සී. – නිගම්බු සහ එස්.එස්.සී, ජය වාර්තා කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරග හතරකදී මුවර්ස්, බී.ආර්.සී., නිගම්බු සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. මේ තරග හතර පැවැතියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සහ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණ දෙකේදීය.

පනාගොඩදී පැවැති බී.ආර්.සී. – චිලව් මේරියන්ස් තරගයේදී චිලව් මේරියන්ස් රැස් කළ ලකුණු 129 (ඕවර 20කදී) හඹායාමේදී බී.ආර්.සී. කණ්ඩායමේ තෙවන කඩුල්ලට රිසිර වීරසිංහ නොදැවී 48ක් ද දුෂාන් හේමන්ත ලකුණු 34ක් ද රැස් කර පන්දු 35කදී ලකුණු 59ක් සබඳතාවයකින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට අඩිතාලම දැමුහ.

ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර තරගයේදී එස්.එස්.සී. කඩුලු පහක ජයක් අත්කර ගත්තේ පන්දු 36ක්ම ඉතිරිව තිබියදීය. කලක් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වූ ධනුෂ්ක ගුණතිලක මෙදින එස්.එස්.සී. වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 26කට කඩුලු දෙකක් දවාලීමට සමත් විය.

  • නිගම්බු ලකුණු 17කින් ඒස් කැපිටල් පරාජය කරයි.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති නිගම්බු සහ ඒස් කැපිටල් අතර ‘සී‘ කොටසට අයත් තරගයෙන් නිගම්බු ලකුණු 17ක ජයක් අත්කර ගත්තේය.

නිගම්බු කණ්ඩායමේ මාධව වර්ණපුර ලකුණු 52ක් ද (පන්දු 37යි හතරේ හතරයි හයේ දෙකයි) හිමාෂ ලියනගේ ලකුණු 45ක් ද (පන්දු 35යි හතරේ පහයි හයේ දෙකයි) දිල්ෂාන් මුණවීර ලකුණු 38ක් ද (පන්දු 19යි හතුරේ තුනයි හයේ තුනයි) රැස් කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිගම්බු කණ්ඩායමේ දිල්ෂාන් මුණවීර සහ පසිඳු උස්හෙට්ටිගේ කඩුලු තුන බැගින් දවාලුහ. දිල්ෂාන් මුණවීර මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

නිගම්බු කඩුලු 9ට 152 (පන්දුවාර 20යි) – (මාධව වර්ණපුර 52, හිමාෂ ලියනගේ 45, දිල්ෂාන් මුණවීර 38, නිම්සර අතරගල්ල 32/2, තනුක දාබරේ 22/2)

 ඒස් කැපිටල් කඩුලු 8ට 135යි (ඕවර 20) – (රවීන් ද සිල්වා 38, පවන්ත වීරසිංහ 29, සකුන ලියනගේ 14, දිල්ෂාන් මුණවීර 20/3, පසිඳු උස්හෙට්ටිගේ 26/3)

  • එස්.එස්.සී. කඩුලු 5කින් ටැමිල් යුනියන් පරාජය කරයි.

එස්.එස්.සී. සහ ටැමිල් යුනියන් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තරගයෙන් එස්.එස්.සී. කඩුලු පහක ජයක් අත්කර ගත්තේය.

එස්.එස්.සී. කණ්ඩායමේ ලක්ෂිත මනසිංහ (24/3) සහ ක්‍රිෂාන් සංජුල (ලකුණු 43යි පන්දු 31යි හතරේ තුනයි හයේ තුනයි) මේ තරගයේදී කැපී පෙනුණු දක්ෂතා පෙන්වීය.

ටැමිල් යුනියන් ඕවර 15.4දී සියල්ල දැවී 97යි – (සඳුන් වීරක්කොඩි 25, ඊස්වර දිසානායක 21, අයන සිරිවර්ධන 11, ලක්ෂිත මනසිංහ 24/3, ධනුෂ්ක ගුණතිලක 26/2, නිපුන් ධනංජය 9/2)

 එස්.එස්.සී. ඕවර 14කදී කඩුලු 5ට 98යි – (ක්‍රිෂාන් සංජුල 43, අවිශ්ක ප්‍රනාන්දු 16, රනුද සෝමරත්න නොදැවී 11, ලක්ෂිත මනසිංහ නොදැවී 08, තරිඳු රත්නායක 25/2, තීෂාන් විතුෂාන් 24/1, අයන සිරිවර්ධන 19/2)

  • මුවර්ස් කඩුලු දෙකකින් බදුරලිය පරාජය කරයි.

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති ‘බී‘ කොටසට අයත් වූ මේ තරගයේදී මුවර්ස් කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම සහ මල්ෂා තරුපති පන්දු යැවීමේදීත් ඔමේෂ් මෙන්ඩිස් සහ රොහාන් සංජය පන්දුවට පහරදීමේදීත් දක්ෂතා දැක්වූහ.

  බදුරලිය කඩුලු 8ට 91යි (ඕවර 20යි) – (අලංකාර අසලංක 25, සසෙක නිර්මාල් 12, නිර්මාල් රත්නායක 08, යේසිත් රූපසිංහ 07, ප්‍රවීන් ජයවික්‍රම 17/2, මල්ෂා තරුපති 7/2යි)

 මුවර්ස් ඕවර 17.1කදී කඩුලු 8ට 92යි –  (ඔමේෂ් මෙන්ඩිස් 16, රොහාන් සංජය 14, මල්ෂා තරුපති 10, අලංකාර අසලංක 18/2, සසෙක නිර්මාල් 24/2යි)

  • බී.ආර්.සී. කඩුලු හයකින් චිලව් මේරියන්ස් පරාජය කරයි.

පනාගොඩදී පැවැති ‘බී‘ කොටසට අයත් වූ මේ තරගයේදී බී.ආර්.සී. කණ්ඩායම ලකුණු 130ක ජයග්‍රහණ ඉලක්කයක් හඹායද්දී බී.ආර්.සී. තෙවන කඩුල්ලට රිසර වීරසිංහ නොදැවී ලකුණු 48ක් ද (පන්දු 40යි හතරේ තුනයි) දුෂාන් හේමන්ත ලකුණු 34ක් ද (පන්දු 26යි හතරේ තුනයි හයේ එකයි) එක්ව පන්දු 35කදී ලකුණු 53ක සබඳතාවයක් රැස් කරමින් ජයග්‍රහණයට අඩිතාලම දැමුහ.  බී.ආර්.සී. කඩුලු හයකින් ජය ගත්තේ පන්දු 8ක් ඉතිරිව තිබියදීය.

චිලව් මේරියන්ස් ඕවර 20දී කඩුලු 7ට 129යි – (අයොන් ප්‍රනාන්දු නොදැවී 53, ලක්ෂිත් ලක්ෂාන් 22, අමෝද විදානපතිරණ 20, දිල්ෂාන් සංජීව 18, මලින්ද පුෂ්පකුමාර 25/2, දුෂාන් හේමන්ත 14/1යි)

බී.ආර්.සී. ඕවර 18.4දී කඩුලු 4ට 133යි – (රිසිර වීරසූරිය නොදැවී 48, දුෂාන් හේමන්ත 34, දුලාජ් අසේන් නොදැවී 20, ලසිත් ලක්ෂාන් 24/2, රජිඳ පුංචිහේවා 33/1යි)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee