slc
logo
Home   |    News
මැයි 23, 2024
යොදාගත් පරිදිම එල්.පී.එල්. ඉදිරියට ඇදෙයි

sinhala editor

තරග පාවාදීම් සම්බන්ධව ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු අත්අඩංගුවට පත් වුවද ලබන ජූලි මස පැවැත්වීමට සැලසුම් කර පරිදිම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පියවර ගනු ලබන බව එහි සංවිධායක අයිතිය හිමි අයි.පී.ජී. ආයතනය නිවේදනය කර සිටියි. සාධාරණ මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහතිකය කිරීමට ඇති කැපවීම අලලා තරගාවලිය යොදාගත් පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් සම්පූර්ණ තරග කාලටසහන සමඟින් ඉදිරියට යනු ඇත.

දඹුල්ල කණ්ඩායම තෝරා ගැනීමේදී සිදුවූ තීන්දු තීරණ කිසිවක වෙනසකින් තොරව නව හිමිකාරීත්වයක් යටතේ තරගාලිය පැවැත්වීම කෙරෙහි තරග සංවිධායකයින් මේ වන විටත් අවධානය යොමු කොට තිබේ. දඹුල්ල කණ්ඩායමේ අඛණ්ඩ සහභාගිත්වය පිළිබඳව අවධානය යොමු කර තිබෙන අයි.පී.ජී. ආයතනය එම කටයුත්තේ අවසන් අදියරයට මේ වන විටත් පැමිණ සිටින බවද දැනුම් දී සිටියි.

තරගාවලයේ සංවිධාන අයිතිය හිමි අයි.පී.ජී. සමාගම සෑම විටම එය ඉහළම ප්‍රමිතියකින් යුක්තව පැවැත්වීම කෙරෙහි ඇති හැකියාව පිළිබඳව නිරන්තරයෙන්ම කැපවී සිටින ආයතනයකි. ඒ අනුව තරගාවලිය පුරාවම එහි අඛණ්ඩතාවය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් පවත්වනු ලබන බව එම අයාතනය සියලුම ක්‍රීඩකයින්ට, ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම පාර්ශ්වකරුවන්ට දැනුම් දී සිටියි.

“එල්.පී.එල්. තරගාවලියේ සංවිධායකයින් විදියට අයි.පී.ජී. සමාගම නිරන්තරයෙන්ම ඉහළම ප්‍රමිතීන් රඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අපි නොසැලී කැපව සිටිනවා පමණක් නොවෙයි. තරගාවලිය පුරා ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගරුත්වය ආරක්ෂා කරන බවට අපි සියලුම ක්‍රීඩකයින්ට, ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම සියලුම පාර්ශ්වකරුවන්ට සහතික වෙනවා“ යැයිද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අයි.පී.ජී. සමාගේ සභාපති අනිල් මොහාන් දැනුම් දී සිටියි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ලේදීත් අවසන් අදියර කොළඹදීත් පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

USD United States (US) dollar