slc
logo
Home   |    News
මැයි 9, 2024
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ‘Amul’ සවිය වෙයි

sinhala editor

ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් වන ‘Amul’ සමාගම කටයුතු කරනු ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග  ‘Amul’ සමාගම ඇතිකරගත් හවුල්කාරීත්වය විශිෂ්ඨ එකක් වන අතරම ජාත්‍යන්තර ක්‍රීඩාව සමග ඔවුන්ගේ සන්නාමයට වෙලෙඳ පොළ තුළ විශාල වර්ධනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර තරගාවලියක් තුළින් එය ක්‍රීඩා ලෝලීන්ට තවදුරටත් දැක බලා ගැනීමේ අවස්ථාවද උදාවනවා“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සදහන් කර සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ හවුල්කරුවකුවීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටින ‘Amul’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයෙන් මෙහ්තා මහතා සදහන් කර සිටින්නේ, මීට පෙරද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කළ අතර නැවතත් ඔවුන් සමග කටයුතු කිරීමට අවස්ථාව උදාවීම සතුටට කරුණක් වන බවයි. “අපි 2023 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග කටයුතු කළා. ඔවුන්ට යළිත් අනුග්‍රහය දැක්වීමට අවස්ථාව උදාවීම අපිට සතතුට කරුණක්. ඒ වගේම විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා“ යැයි මෙහ්තා මහතා සදහන් කර සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 03 වැනිදා සිය පළමු සටන දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ කරන අතර අනතුරුව ජුනි08 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, ජුනි 12 වැනිදා නේපාලයට එරෙහිවත් සහ ජුනි 17 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් මූලික වටයේ තරග වලට සහභාගිවනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 29 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය දූපත් යන රටවල් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar