සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ජුනි සහ ජූලි මාස වලදී එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදිනු ලබන එක්දින තරග 3 න් පළමු තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර සෙසු තරග දෙක පමණක් දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.
එක්දින තරගාවලිය ජූනි 28 වැනිදා චෙල්ම්ස්ෆෝඩ්හි ක්ලවුඩ් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. එම තරගයට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලෆ්බ්‍රෝ විශ්වවිද්‍යාලය ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට 25 වැනිදා සහභාගිවීමට නියමිතය වේ.
දෙවැනි සහ තෙවැනි තරග හෝව්හිදී පැවැත්වෙන අතර තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය ජූලි මස 08 වැනිදා සිට 11 වැනිදා දක්වා වෝර්ම්ස්ලිහිදීත් දෙවැන්න 16 වැනිදා සිට 19 වැනිදා දක්වා චෙල්ටෙන්හම් හිදීද පැවැත්වෙනු ඇත.
දිනය | තරගය | ක්‍රීඩාංගණය |
ජුනි 25 | පුහුණු තරගය | ලෆ්බ්‍රෝ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය |
ජුනි 28 | පළමු පන්දුවාර 50 තරගය | ක්ලවුඩ් කවුන්ටි ක්‍රීඩාංගණය |
ජූලි 01 | දෙවැනි පන්දුවාර 50 තරගය | කවුන්ටි ක්‍රීඩාංගණය හෝවේහිදී |
ජූලි 03 | තෙවැනි පන්දුවාර 50 තරගය | කවුන්ටි ක්‍රීඩාංගණය හෝවේහිදී |
ජූලි 8-11 | පළමු සිවුදින තරගය | වෝර්ල්ම්ස්ලිහිදී |
ජූලි 16-19 | දෙවැනි සිවුදින තරගය | චෙල්ට්න්හැම්හිදී |