ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන් කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද (11) ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දුවට පහරදීමේදී ලකුණු 21ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු අටකට කඩුලු හතරක් දවා දැක් වූ තුන් ඉරියව්වේ විශිෂ්ට දක්ෂතා මත එස්.එල්.සී. ග්‍රීන් කණ්ඩායමට ලකුණු 82ක පහසු ජයක් අත්කර ගැනීමට අවස්ථාව උදා විණි.
ග්‍රීන් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී රැස් කළ කඩුලු 8ට ලකුණු 183ට පිළිතුරු ලෙස යෙලෝ කණ්ඩායම ඕවර 15.1කදී සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 101කි.
එස්.එල්.සී. ග්‍රීන් මුලින් පන්දුවට පහරදෙද්දී ආරම්භක පිතිකරු ලෙස පැමිණි කමිල් මිෂාර පන්දු 23කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ ලකුණු 42ක් ද රවිඳු ප්‍රනාන්දු පන්දු 31කදී හතරේ පහක් හයේ දෙකක් සමඟ ලකුණු 47ක් ද රැස් කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.
මොවුනගේ හොඳම සබඳතා දෙකක් වුයේ දෙවන කඩුල්ලට කමිල් මිෂාර සහ භානුක රාජපක්ෂ (ලකුණු 19යි පන්දු 8යි හතරේ තුනයි හයේ පහරයි) එක්ව දෙවන කඩුල්ලට පන්දු 16කදී එක් කළ ලකුණු 29ත් සිව්වන කඩුල්ලට කමිල් මිෂාර සහ සහන් ආරච්චි පන්දු 29කදී එක් කළ ලකුණු 43ත් ය.
යෙලෝ කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ලකුණු අතරට පිවිසියේ කුසල් මෙන්ඩිස් පමණකි. මෙන්ඩිස් පන්දු 22කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 38ක් ලැබීය.
දුනිත් වෙල්ලාලගේ පන්දු 17කදී හතරේ දෙකක් සමඟ ලකුණු 18ක් රැස් කළ අතර සෙසු පිතිකරුවනට ලකුණු දහයේ සීමාව ඉක්මවීමට අවස්ථාව නොලැබිණි.
2 / 2
ලකුණු පුවරුව
එස්.එල්.සී. ග්‍රීන් කඩුලු 8ට 183යි (ඕවර 20) –
(රවිඳු ප්‍රනාන්දු 47, කමිල් මිෂාර 42, සහන් ආරච්චිගේ 21, රමේෂ් මෙන්ඩිස් 16, භානුක රාජපක්ෂ 19, දිල්ෂාන් මධුශංක 37/2, වනිඳු හසරංග 31/2)
එස්.එල්.සී. යෙලෝ ඕවර 15.1කදී 101යි –
(කුසල් මෙන්ඩිස් 38, දුනිත් වෙල්ලාලගේ 18, ධනංජය ලක්ෂාන් 10, සහන් ආරච්චිගේ 8/4, කසුන් රාජිත 20/2යි)
මැයි 12, 2024
සහන් ආරච්චිගේ තුන් ඉරියව් දක්ෂතා ග්‍රීන්ස් පිලට ජය ගෙන එයි