slc
logo
Home   |    News
ජූනි 11, 2024
කාන්තා ක්‍රිකට් දියුණු වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම නිසයි – චමරි අතපත්තු

sinhala editor

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. පසුගිය වසර එකහමාරක කාලය තුලදී ප්‍රබල කණ්ඩායම්වන එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඔවුන්ගේ භූමියේදීම පරාජය කරමින් ඉදිරියට පැමැණීමට හැකි වුයේ ක්‍රීඩිකාවන්ගේ එම කැපවීමේ ප්‍රතිඵලය නිසා බව ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානයට ද පාත්‍ර වූවාය. ලොව ජාත්‍යන්තර පිටියේ සියලුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු එක්දින තරගවලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් මෙම උසස්ම සම්මානයෙන් ඇය පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අනුග්‍රාහකයා හඳුන්වා දීම වෙනුවෙන් ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී චමරි අතපතක්තු අදහස් දැක්වූවාය. මෙරටට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා පිල අතර, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් මේ 15 වැනිදා සිට හම්බන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

“බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරගාවලිය ඉතා හොදින් අවසන් කිරීමට සූදානම්. කොදෙව් පිල පසුගිය කාලයේ ඉතා හොදින් දස්කම් දක්වා තිබෙනවා. කාන්තා ලෝක කුසලානයට පෙර අපට තරග 6ක් තිබෙනවා. එයින් 5ක් දිනා ගත්තොත් සෘජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න පුඵවන්. අපට හොඳ යොවුන් ක්‍රීඩිකාවන් ඉන්නවා. විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, හර්ෂිතා, නිලක්ෂි වගේ අය පැහැදිලි අනාගතයක් ඇති ක්‍රීඩිකාවන්. තරග දිනවිය හැකි පළපුරුදු ක්‍රීඩිකාවන් අප සතුයි. අප මුහුණ දෙන හැම තරගයක්ම අලුත් දවසක්“ චමරි පැවැසූවාය.

“අපේ කාන්තා ටීම් එක ඇතුලේ කාටවත් නෙගිටිව් දේවල් කතා කරන්න තහනම්. ඒක ක්‍රීඩිකාවන්ට පමණක් නොවෙයි. පුහුණුකරුවන්ගේ ඉදලා සියලු දෙනාටම පොදුයි. කණ්ඩායම තුළ අසුබවාදී දේ කතා නොකිරීමත් සාර්ථකත්වයට හේතුවක්“ චමරි අතපත්තු පැවැසූවාය.

“පසුගිය විස්සයි20 ලෝක කුසලානයේදී අපට අවසන් පූර්ව වටයට එන්න බැරි වුණා. මෙවර විස්සයි20 ලෝක කුසලානයට පෙර අපට තරග 12ක් තිබෙනවා. කොදෙව් සමඟ තරග 3ක්, අයර්ලන්තය සමඟ තරග 2ක් හා ආසියා කුසලානයේදී තරග 7ක් ලෝක කුසලානයට පෙර තියෙනවා. බංග්ලාදේශයේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන නිසා දඟ පන්දුවට තරමක් වාසි ලැබෙයි. අපේ දඟ පන්දු යැවීමේ අංශය හොදයි. පිතිකරණය තව ටිකක් දියුණු මට්ටමට ගෙන ආ යුතුයි“ ශ්‍රී ලංකා නායිකාව සඳහන් කළාය.

“ක්‍රිකට් ක්‍රීඩාව ඉතා අවිනිශ්චිත ක්‍රීඩාවක්. තරග පැවැත්වෙන ඇතැම් දිනවලදී කණ්ඩායමට අවශ්‍ය දේ වගේම අපි බලාපොරොත්තු වන දේ සිදු වන්නේ නෑ. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන දිනූ රටක්. ඒ නිසා ශක්තිමත් මානසිකත්වයක් ගොඩ නැඟී තිබෙනවා. දැන් අමෙරිකාවේ විස්සයි20 ලෝක කුසලානයට සහභාගීවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරි තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු දෙනා සුබ පැතුම් එක්කළ යුතුයි. ඉදිරි තරග ක්‍රීඩා කරන විලාශය අනුව ඉදිරියට යම තීරණය වෙනවා “ චමරි සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු රැමේෂ් රත්නායක මහතා පවැසූවේ කණ්ඩායමේ වෙනස්කම් ඉතා ක්‍රමානුකූලව සිදුවන බවයි.“ අපි නිතරම අලුත් ක්‍රීඩිකාවන්ට තැනක් දිය යුතුයි. ඒක හරිම පරිස්සමෙන් කළ යුතු දෙයක්. එංගලන්ත සංචාරයට ක්‍රීඩිකාවන් 17ක් ගියා. ඒ සියලු දෙනා ක්‍රීඩා කළා. එංගලන්ත සංචාරයේදීත් ගිය ක්‍රීඩිකාවන් සියලු දෙනාට තැනක් දුන්නා. මම නම් සඳහන් කරන්නේ නෑ. ඉතාම දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් අපට සිටිනවා. ඒ සියලු දෙනාට තැනක් දීම අපේ යුතුකමක්. අනාගතය බලලා ක්‍රීඩිකාවන් ආදේශ කරනවා“ රත්නායක මහතා පැවැසීය.

Active filters

Recent Posts

  • NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා […]
  • ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් […]
  • NSL එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් ඔක්තෝම්බර් 02 වැනිදා ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා […]
  • එන්එස්එල් එක්දින ක්‍රිකට් තරගාවලියේ
    කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ හෙට (2) මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය […]
  • ශ්‍රී ලංකා බාළිකාවන්ට ලකුණු 59 ක ජයක්
    ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් බාළිකා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි එක්දින තරගයෙන් නවසීලන්ත බාළිකා පිල හමුවේ ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee