බී.ආර්.සී. කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා (71) සහ චමින්ද බණ්ඩාර (16/4) පොලිස් ක්‍රීඩා සමාජය සමඟ අද (20) කොළඹ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ලකුණු රැස් කිරීමේදී සහ පන්දු යැවීමේදී දැක් වූ විශේෂ දස්කම් මත එම කණ්ඩායමට මේජර් අන්තර් සමාජ සීමිත ඕවර තරගයෙන් ඩක්වර්ත් ක්‍රමයෙන් ලකුණු පහක ජයක් අත්විය.
බී.ආර්.සී. සහ පොලීසිය අතර පැවැති මෙම තරගයේදී බී.ආර්.සී. ඕවර 44.1කදී සියල්ල දැවී රැස් කළ ලකුණු 154ට පිළිතුරු ලෙසින් පොලීසිය ඕවර 28කදී කඩුලු 9කට ලකුණු 134ක් රැස් කළ අතර අයහපත් කාලගුණය මත බී.ආර්.සී. කණ්ඩායමට ඩක්වර්ත් ක්‍රමයට ජය අත්වුයේ ලකුණු පහකිනි.
බී.ආර්.සී. කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා (ලකුණු 71) සහ ලිනල් සුබසිංහ (ලකුණු 34) තම කණ්ඩායමේ තෙවන කඩුල්ලට පන්දු 125කදී ලකුණු 58ක් රැස් කරමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට ක්‍රියා කළහ. මෙහිදී දිල්ෂාන් ද සොයිසා පන්දු 110කට මුහුණදී හතරේ පහරක් හයේ පහරක් සමඟ ලකුණු 71ක් ද ලිනල් සුබසිංහ පන්දු 73කදී හයේ පහරක් සමඟ ලකුණු 34ක් ද රැස් කළහ.
පොලීසිය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ 26 හැවිරිදි දකුණත් මඳ වේග පන්දු යවන ක්‍රීඩක හිමේෂ් රාමනායක කඩුලු පහක් දවාලුවේ ලකුණු 18ක් පමණක් ලබාදෙමිනි.
පොලීසිය ලකුණු 155ක් ජයග්‍රාහී ඉලක්කයක් කරායද්දී වරක් ලකුණු 29කට කඩුලු පහක් දැවී පත්ව සිටියේ අසීරු තත්ත්වයකටය. මේ අවස්ථාවේ හයවන කඩුල්ලට නදීර බාලසූරිය (51) සහ විෂාඩ් රන්දික (44) පන්දු 93කදී ලකුණු 93ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ජය මාවතට යොමු කළහ. මේ
2 / 2
පිතිකරුවන් දෙදෙනා දැවී යාමත් සමඟ (මුළු ලකුණු 122දී විෂාඩ් රන්දික) සහ (මුළු ලකුණු 124දී නදීර බාලසූරිය) පොලීසිය ඉනිම නැවත කඩා වැටිණි.
බී.ආර්.සී. කණ්ඩායමේ චන්දිම බණ්ඩාර පොලීසියේ පිතිකරුවන් සිව්දෙනකුම ලකුණු 16කට දවාලමින් දක්ෂතා දැක්වීය.
මොරටුවේදී පැවැති නුගේගොඩ සහ කුරුණෑගල යූත් අතර තරගයේදී නුගේගොඩ කණ්ඩායමේ ඩිලාන් ජයලත් නොදැවී 41ක් (පන්දු 69යි හතරේ හතරයි) සහ තිලකරත්න සම්පත් ලකුණු 22ක් ද (පන්දු 32 හතරේ තුනයි) රැස් කළහ.
මේ තරගය අතරමඟ නතර කෙරුණේ අයහපත් කාලගුණය මත තීරණයක් නොමැතිවය.
-
· බී.ආර්.සී. ලකුණු පහකින් (ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට) පොලීසිය පරාජය කරයි.
බී.ආර්.සී. සියල්ල දැවී 154 (ඕවර 44.1යි) – (දිල්ෂාන් ද සොයිසා 71, ලිනාල් සුබසිංහ 34, රන්දුනු ගංගානාත් 14, මොවින් සුබසිංහ 09, මුවින් අබිනාෂ් 09, හිමේෂ් රාමනායක 18/5, දිලුම් සුධීර 28/1යි)
පොලීසිය කඩුලු 9ට 134 (ඕවර 28යි) – (නදීර බාලසූරිය 51, විෂාඩ් රන්දික 46, ධනුජ ඉඳුවර 12, චමින්ද බණ්ඩාර 16/4, මොවින් සුබසිංහ 21/2, දුලාජ් අෂේන් 6/2යි
නුගේගොඩ – කුරුණෑගල යූත් තරගයේ තීරණයක් නෑ.
නුගේගොඩ කඩුලු 2ට 84 (ඕවර 21යි) – (ඩිලාන් ජයලත් නොදැවී 41, තිලකරත්න සම්පත් 22, අවිශ්ක පෙරේරා නොදැවී 13, කවික දිල්ෂාන් 15/2)