slc
logo
Home   |    News
ජූලි 9, 2024
අසත්‍ය පුවත නිවැරදි කරන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මධුවිත සාදයක් පැවැත්වූවේ යැයි සති අන්ත පුවත්පතක පළවුණු පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

“Drinking Party Inside Team Hotel Before South Africa Match?” (දකුණු අප්‍රිකානු තරගයට පෙර කණ්ඩායම් හෝටලය ඇතුළත මධුවිත සාදයක්…?) යනුවෙන් ජූලි මස 07 වැනි දින පුවත්පතක පළ කර සිටියත් ඒ පිළිබඳව කරුණු සොයා බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවැනි කිසිදු සිදුවීමක් සිදුවී නොමැති බව තහවුරු කර සිටියි.

මෙවැනි අසත්‍ය පුවත් වාර්තා කිරීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි නිලධාරීන්ගේ මෙන්ම ක්‍රීඩකයින්ගේ කීර්තිනාමයට අසාධාරණ ලෙස හානි සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ විශ්වාස කර සිටියි.

එසේ නගන ලද අසත්‍ය චෝදනා හේතුවෙන් සිදුව ඇති හානිය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි ‘ප්‍රතිචාර දැක්වීමේ අයිතිය‘ යටතේ එම එය නැවැරදි කර යළිත් පළ කරන ලෙස එම පුවත්පතින් ඉල්ලා සිටියි.

 

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවේ තණතිලි විශිෂ්ටයි – ඔමාර්සායි
    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක හත පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි ගෝල් […]
  • කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ
    කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු […]
  • තණතීරු ගැන පැතුම්ගේ අදහස
    මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල සික්සර්ස් […]
  • අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්
    දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් […]
  • පළමු තරගයේම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වීම ගැන සතුටුයි – ප්‍රභාත් ජයසූරිය
    කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ දිනේෂ් චන්දිමාල් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමේ වැදගත්කම දැන සිටි අපගේ කණ්ඩායම (ගෝල් මාවල්ස්) එය ඉටු කර […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo