ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මධුවිත සාදයක් පැවැත්වූවේ යැයි සති අන්ත පුවත්පතක පළවුණු පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.
“Drinking Party Inside Team Hotel Before South Africa Match?” (දකුණු අප්‍රිකානු තරගයට පෙර කණ්ඩායම් හෝටලය ඇතුළත මධුවිත සාදයක්…?) යනුවෙන් ජූලි මස 07 වැනි දින පුවත්පතක පළ කර සිටියත් ඒ පිළිබඳව කරුණු සොයා බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවැනි කිසිදු සිදුවීමක් සිදුවී නොමැති බව තහවුරු කර සිටියි.
මෙවැනි අසත්‍ය පුවත් වාර්තා කිරීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි නිලධාරීන්ගේ මෙන්ම ක්‍රීඩකයින්ගේ කීර්තිනාමයට අසාධාරණ ලෙස හානි සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ විශ්වාස කර සිටියි.
එසේ නගන ලද අසත්‍ය චෝදනා හේතුවෙන් සිදුව ඇති හානිය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි ‘ප්‍රතිචාර දැක්වීමේ අයිතිය‘ යටතේ එම එය නැවැරදි කර යළිත් පළ කරන ලෙස එම පුවත්පතින් ඉල්ලා සිටියි.