slc
logo
Home   |    News
ජූලි 29, 2024
ඉන්දියානුවෝ කළින්ම තරගාවලිය ජය ගනියි

sinhala editor

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියානුවෝ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු 161 ක් ලබාගත් නමුත් අයහපත් කාලගුණය තරගයට හරස්වීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාවට පන්දුවාර 8 කදී ලකුණු 78 ක් ලෙස සංශෝධනය විය. එහිදී තම පිතිහරඹයේ තරම පෙන්වූ ඉන්දියානුවෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදීම තරගයේ ජය වාර්තා කළේ තවත් කඩුලු 7 ක් අත ඉතිරිව තබාගෙනය.

අද තරගයේදී පසු පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවය මෙම තරග පරාජයට හේතු විය. පළමු තරගයේදී පන්දු 32 කින් කඩුලු 9 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අද තරගයේදී පන්දු 30 ක් ඇතුළත ලකුණු 31 කදී කඩුලු 7 ක් අහිමි කර ගත්තේය. පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 කට ලකුණු 130 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම කඩා වැටීම නිිසා ඉතිරි පන්දු 30 ට රැස් කරගත හැකි වූයේ ලකුණු 31 ක් පමණි. ඒ අතරතුර කඩුලු 7 ක් බිඳ වැටිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ඇරැමි පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පිලිවෙළින් ලකුණු 32 ක් සහ 53 ක් වාර්තා කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 26 ක් රැස් කළේය.  වනිඳු හසරංග සහ දසුන් ශානක දෙදෙනාම පන්දු දෙකකදී දැවී ගියේ වගකීම් විරහිත ආකාරයෙනි.

ඉන්දියාව වෙනුවෙන් පිටියට පිවිසි යයස්වි ජයිස්වාල් ලකුණු 30 ක්, සූර්යකුමාර් යාදව් ලකුණු 26 ක් සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 22* ක් වශයෙන් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 161 යි

පැතුම් නිස්සංක 32, කුසල් මෙන්ඩිස් 10, කුසල් පෙරේරා 53, කමිඳු මෙන්ඩිස් 26, චරිත් අසලංක 14, දසුන් ශානක 00, වනිඳු හසරංග 00, රමේෂ් මෙන්ඩිස් 12, මහීෂ් තීක්ෂණ 2, මතීෂ පතිරණ 1*, රවී බිෂ්නෝයි 26/3, අර්ශ්දීප් සිං 24/2, අක්ෂා පටෙල් 30/2, හර්දික් පාණ්ඩ්‍යා 23/2

ඉන්දියාව පන්දුවාර 6.2 කදී කඩුලු 3 ට ලලකුණු 81 යි

යයස්වි ජයිස්වාල් 30, සංජු සැම්සන් 00, සූර්යකුමාර් යාදව් 26, හර්දික් පාණ්ඩ්‍යා 22*, රිෂාබ් පාන්ට් 2*,

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee