slc
logo
Home   |    News
ජූලි 31, 2024
කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

sinhala editor

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති අති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන්” සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ගරු ශම්මි සිල්වා මහතාගේ සහ විධායක කමිටුවේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 වසරේ ජූලි මස 27  වැනි සෙනසුරාදා දින පෙ.ව. 9.00 ට ආරම්භ කරන ලදී.

යෝජිත කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු වල සිට ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම දක්වා වන පූර්ණ වියදම ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණු ලබයි. මධ්‍ය තණතීරු 05 කින් සමන්විත මෙම ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතීරුවේ සිට ක්‍රීඩාංගණය වටා මීටර 60 ක දුරින් හතරේ සීමාව එළීමේ හැකියාවෙන් යුක්ත වේ. මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීමෙන් පසුව  දිස්ත්‍රික්  සහ සියලුම පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම මෙම ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු වලට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළුතර දිස්ත්‍රික්කයේ පාසල්  51 ක් සදහා කණිෂ්ඨ අංශයේ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල 59 ක් සහ පන්දු 1308 ක් ද, ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල 32 ක් සහ පන්දු 384 ක් බෙදා දෙනු ලැබීය. මේ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින වැය කරන ලද මුදල රැපියල් මිලියන 27 ක් වේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee