slc
logo
Home   |    News
ජූලි 28, 2024
පළමු විස්සයි20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 43ක ජයක්

sinhala editor

සංචාරක ඉන්දීය පිල හා ශ්‍රී ලංකා පිල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී පන්දු 120කදී එල්ල වූ ලකුණු 214ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 170කට දැවී යෑම හේතුවෙන් ලකුණු 43ක ජයක් ඉන්දීය පිල අත්කර ගත්තේය. ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1-0ක් ලෙස ඉන්දීය පිල ඉදිරියට පැමිණියේය.

සිය පළමු විස්සයි20 තරගයට නායකත්වය දුන් චරිත් අසලංක කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ඉන්දීය පිලට ආරාධනා කළ හෙයින් ඉන්දියානුවෝ ඕවර් 20කට කඩුලු 7ක් දැවී ලකුණු 213ක් ලබා ගත්හ.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් මුල් කඩුල්ලට පන්දු 52කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත්වීමෙන් ශ්‍රී ලංකා පිලට ජයග්‍රාහී අඩිතාලමක් ගොඩනැගුණු අතර, කුසල් පන්දු 27කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූවේය. විස්සයි20 තරග 52කට සහභාගී වූ පැතුම් නිශ්ශංක සිය 11 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 48කදී හයේ 4ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය.

අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 14කදී හතරේ 3ක් සමඟ ලකුණු 20ක් ලබා ගත් අතර, ඔහුගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙන්නට විය. ශ්‍රී ලංකා පිල කඩුලු 3කට ලකුණු 149ක් ලෙස තිබුණද, අවසන් කඩුලු 7 ලකුණු 21ක් තුලදී දැවී යෑමෙන් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී ගියේය.

මෙම තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු යුගල ලෙස පිටියට පිවිසි සුබ්මන් ගිල් හා යසස්වි ජයිස්වාල් ඕවර් 6කදී ලකුණු 74ක සබඳතාවක් පළමු කඩුල්ලට ගොඩනැගූ අතර, ගිල් පන්දු 16කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 34ක් ලබා සිටියදී දවා ගැනීමට දිල්ෂාන් මධුසංඛ සමත් විය. ඒ සමඟම ජයිස්වාල් ලකුණු 40කට දැවී යද්දී පන්දු 21කට මුහුණදී හයේ 2ක් හා හතරේ පහර 6ක් එල්ලකොට තිබිණි. නායක සූර්යකුමාර් යාදෙව් හා රිෂාබි පාන්ට් පන්දු 43කදී ලකුණු 76ක් තෙවැනි කඩුල්ලට එක්කිරීමෙන් ලකුණු පුවරුව වේගයෙන් ඉහළ ගියේය.

සූර්යකුමාර් යාදෙව් පන්දු 26කදී හයේ2ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 58ක් ලබා සිය 20 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූවේය. රිෂාබි පාන්ට් පන්දු 33කදී හයේ පහරක් හා හතරේ පහර 6ක සමඟ ලකුණු 49ක් ලබා සිටියදී මතීෂ පතිරණ එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රීඩාගාරයට ගියේය. ඉන්දීය ඉනිමේ අවසන් කජුලු 3 ලකුණු 37කට දවැ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීමෙන් ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල විය.

සාර්ථක පන්දු යැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 40කට කඩුලු 4ක් බිදහෙලීමට සමත් වූවේය. දිල්ෂාන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු හා වනිඳු හසරංග කඬුල්ල බැගින් බිදහෙලූහ. හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, ගෞතම් ගාම්භීර් ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසත් මේ තරගාවලියේදී කටයුතු කරති.

ඉන්දියාව

යසස්වි ජයිස්වාල් ස්ටම්ප් කළා මෙන්ඩිස් ප. හසරංග     40

සුබ්මන් ගිල්  ඇ. ප්‍රනාන්දු ප. මධුසංඛ                                 34

සූර්යකුමාර් යාදෙව් ක.මුවා. කළා ප. පතිරණ                  58

රිෂාබ් පාන්ට් ප. පතිරණ                                                     49

හර්දික් පාණ්ඩ්‍යා ප. පතිරණ                                               09

රයන් පරාග් ක.මුවා. කළා ප. පතිරණ                                07

රින්කු සිං ප. ප්‍රනාන්දු                                                               01

අක්ෂා පටේල් නොදැවී                                                       10

අර්ෂදීප් සිං නොදැවී                                                                 01

අතිරේක                                                                            04

එකතුව ඕවර් 20කදී කඩුලු 7කට ලකුණු                                           213

කඩුලු බිඳ වැටීම: 1-74, 2- 74, 3- 150, 4- 176, 5 -192, 6-201, 7- 206

පන්දු යැවීම: දිල්ෂාන් මධුසංඛ 3- 0- 45- 1, අසිත ප්‍රනාන්දු 4- 0- 47- 1, මහීෂ් තීක්ෂණ 4- 0- 44- 0, වනිඳු හසරංග  4- 0- 28- 1, කමිඳු මෙන්ඩිස් 1- 0- 9- 0, මතීෂ පතිරණ 4- 0- 40- 4

ශ්‍රිී ලංකාව

පැතුම් නිශ්ශංක ප. පටෙල්                                                 79

කුසල් මෙන්ඩිස් ඇ. ජයිස්වාල් ප. අර්ෂදීප්                     45

කුසල් පෙරේරා ඇ. රවි බිෂ්නෝයි ප. පටෙල්                20

කමිඳු මෙන්ඩිස් ප. රයන් පරාග්                                        12

චරිත් අසලංක ඇ. ජයිස්වාල් ප. රවි බිෂ්නෝයි          00

දසුන් ශානක දුවද්දී දැවී ගියා (සිරාජ්/ පාන්ට්)                00

වනිඳු හසරංග ඇ. පරාග් ප. අර්ෂදීප්                                    02

මහීෂ් තීක්ෂණ ප. පරාග්                                                     02

මතීෂ පතිරණ ඇ. පටෙල් ප. සිරාජ්                                     06

අසිත ප්‍රනාන්දු නොදැවී                                                      00

දිල්ෂාන් මධුසංඛ ප. පරාග්                                                 00

අතිරේක                                                                            04

එකතුව ඕවර්  19.2කදී සියලු දෙනා දැවී ලකුණු                170                      

කඩුලු බිඳ වැටීම: 1-84, 2- 140, 3- 149, 4- 158, 5- 160, 6- 161, 7- 163, 8- 170, 9- 170, 10- 170

පන්දු යැවීම: අර්ෂදීප් සිං 3- 0- 24- 2, මොහොමඩ් සිරාජ් 3- 0- 33- 1, අක්ෂා පටෙල් 4- 0- 38- 2, රවි බිෂ්නෝයි 4- 0- 37- 1, හර්දික් පාණ්ඩ්‍යා 4- 0 41- 0, රයන් පරාග් 1.2- 0- 5- 3

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee