slc
logo
Home   |    News
අගෝස්තු 16, 2024
ටී-10 පළමු දිනය වර්ෂාවට ගහගෙන යයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ස්පෝර්ට් ෆියෙස්ටා ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 4 ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිිය.

අද දිනයේදී තරග 4 ක් කොළඹ තර්ස්ටන් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව තිබුණත් එම තරග 4 ම අතහැර දැමීමට සිදුවූයේ එකම පන්දුවක් හෝ නොයවා වීම කණගාටුදායක සිදුවීමක් විය.

අද පෙරවරුවේදී තර්ස්ටන් පිටියේදී කැන්ඩි සහ ජැෆ්නා අතර තරගය පෙරවරුවේදීත් ජැෆ්නා සහ කලම්බු අතර තරගය පස්වරුවේදීත් පැවැත්වීමට නියමිතව තිබුණ. අනෙක් ක්‍රීඩාංගණය වූ බ්ලූම්ෆීල්ඩ් පිටියේදී ගෝල් සහ දඹුල්ල අතර තරගය පෙරවරුවේදීත් කැන්ඩි සහ ගෝල් අතර තරගය පස්වරුවේදීත් පැවැත්වීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (17 වැනිදා) දිනයේදී තවත් තරග 4 ක් පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar