පන්දු 17 කදී පසිඳු සූරිය බණ්ඩාර රැස් කරන ලද ලකුණු 53 ක් ඉනි හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ස්පෝර්ට්සි ෆියෙස්ටා ටී-10 ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායමට හැකියාව ලැබිණ.
ගාල්ල කණ්ඩායමට අවසන් පන්දු 22 දී ලකුණු 60 ක් ලබා ගත යුතු ව තිබුණු අතර ඉන් ලකුණු 53 ක්ම පසිඳුගේ පිත්තෙන් වාර්තාවීම කැපී පෙනිණ. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී කැන්ඩි කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ගාල්ල කණ්ඩායම පළමු වතාවට පැවැති ටී-10 ශූරතාව දිනා ගැනීමට සමත්විය.
දින 3 ක් මුලුල්ලේ මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණද පළමු දින 2 ම වර්ෂාවට සේදී යෑම නිසා එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. තෙවැනි දිනයේදීත් මූලික වටයේ තරග 2 ක් පැවැත්වීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් එම එම තරග 2 ද පැවැත්වීමේ අවස්ථාව නොලැබිණ. කෙසේ වෙතත් අවසන් මහ තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම සිදුකරනු ලැබුවේ කුසපත් ඇදීමකින් වන අතර එහිදී වාසනාවන්ත වීමට ගාල්ල සහ කැන්ඩි කණ්ඩායම් සමත්වූහ. මෙහිදී ළහිරු උදාරගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමත් දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායමත් අවසන් ම හ තරග වරම උදා කර ගත්හ.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 125 ක් රැස් කණ නමුදු එහ යඹා ගිය ගාලු ක්‍රීඩිකයෝ කඩුලු 4 කදී ලකුණු 128 ක් රැස් කරමින් ජයග්‍රහණය තමන් සතු කර ගත්හ. කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් පැවැත්වීමට අහන් වික්‍රමසිංහ සහ සහන් ආරච්චිගේ සමත් විය. එහිදී සහන් ආරච්චි ලකුණු 55 ක්ද අහන් වික්‍රමසිංහ ලකුණු 52 ක්ද ලබා ගත්හ.
ඉනිම හඹා යෑමේදී ගාල්ල කණ්ඩායමේ පන්දුවාර 4.5 කදී කඩුලු 3 ට ලකුණු 50 ක් ලබා අසීරු තත්ත්වයක පුස වුවත්, පිටියට පිවිසි ධනංජය ලක්ෂාන් සහ පසිඳු සූරියබණ්ඩාර ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යෑමේ මූලික කර්තව්‍යයට උර දුන්හ. මොවුන් දෙදෙනා පැමිණෙන විට ජයග්‍රහණය සඳහා පන්දු 31 කදී ලකුණු 76 ක් අවශ්‍යව තිබිණ. සුපිරි පිතිහරඹයක් දියත් කළ පසිඳු හතරේ පහරක් සහ හයේ පහර 6 ක් සමගින් නොදවී ලකුණු 53 ක් රැස් කරමින් තවත් පන්දු 4 ක් ඉතිරිව තිබියදී ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්විය. මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද පසිඳු පිදුම් ලැබීය.
මෙම තරගාවලියේ ජය සංඛේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ගාල්ල කණ්ඩායම – දුනිත් වෙල්ලාලගේ (නායක), යශෝධ ලංකා, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ඔෂද ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, පසිඳු සූරියබණ්ඩාර, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ගරුක සංකේත්, නිමේෂ් විමුක්ති, මල්ෂ තරුපති.
කැන්ඩි කණ්ඩායම පන්දුවාර 10 කදී කඩුලු 4 ට ලකුණු 125 යි
අහන් වික්‍රමසිංහ 52*, සහන් ආරච්චිගේ 55, ධනංජය ලක්ෂාන 22/2
ගාල්ල කණ්ඩායම පන්දුවාර 9.2 කදී කඩුලු 4 ට ලකුණු 128 යි
යශෝධ ලංකා 24, ඔෂධ ප්‍රනාන්දු 18*, ධනංජය ලක්ෂාන් 17, පසිදු සූරියබණ්ඩාර 53*, ලසිත් ඇඹුල්දෙණිය 24/2