slc
logo
Home   |    News
අගෝස්තු 21, 2024
මිලාන් රත්නායකට ටෙස්ට් වරම්

sinhala editor

.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් එකොළොස්දෙනා තරග ආරම්භයට දිනකට පෙර කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් ප්‍රසිද්ධියට පත් කළ අතර ඒ අනුව රත්නායක හෙට තරගයේදී මංගල ටෙස්ට් හිස් වැස්ම පැළඳීමට නියමිතය. දකුණතින් වේග පන්දු යවන මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගනු ලබන 166 වැනි ක්‍රීඩකයා වනු ඇත.

28 හැවිරිදි වියේ පසුවන රත්නායක පිතිකරුවන් හත් දෙනෙකු සමගින් ක්‍රීඩා කරනු ලබන කණ්ඩායමේ තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කරනු ඇත. සෙසු වේග පන්දු යවන්නන් ලෙසින් විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරති.

දේශීය තරග පිටියේ කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති මිලාන් පළමු පෙළ තරග 41 ක⁣ට ක්‍රීඩා කරමින් කඩුලු 80ක් දවා ගැනීමට සමත්ව සිටියි. රත්නායක මීට පෙර 2023 නවසීලන්ත සහ අයර්ලන්ත තරගමාලාව සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කළ නමුත් කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබිණ. 

කෙසෞ වෙතත් එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට මිලාන්ව තෝරා ගැනීම යනු දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ දිගින් දිගටම ඔහු දක්වන ස්ථාවර දස්කම් සඳහා වූ ත්‍යාගයක් ලෙසින්  සැලකිය හැක.

පසුගියදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති පෙරහුරු තරගය කඩුලු ශ්‍රී ලංකාව කඩුලු  7කින් පරාජයට පත් වූ බැවින් හෙට තරගය ඔවුන්ට දැඩි අභයෝගයක් බවට පත්වනු නොඅනුමානය. ශ්‍රී ලංකාව 2014 වසරේ ජුනි මාසයෙන් පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලබා නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න

නිශාන් මධුෂ්ක

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

ධනංජය ද සිල්වා (නායක)

කමිඳු මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

අසිත ප්‍රනාන්දු

විශ්ව ප්‍රනාන්දු

මිලාන් රත්නායක

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]

Pin It on Pinterest

USD United States (US) dollar