slc
logo
Home   |    News
අගෝස්තු 4, 2024
ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීමත් මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (අද (04 දා) රාත්‍රියේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. අද ලද ජයග්‍රහණයෙන් කියැවෙනුයේ ඉදිරි තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමට ඉඩ ප්‍රස්ථාව මේ වන විටත් අහිමිවී තිබෙන බවයි.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 241 ක ඉලක්කය හඹා ගිය ඉන්දියානුවන්ට පන්දුවාර 42.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. ඉන්දීය ඉනිමේ අවසන් පිතිකරුවා වූ අර්ෂ්දීප් සිං දුවද්දී දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වූයේ ඉන්දියාවට එරෙහිව වසර තුනකට පසුව වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේදී සුවිශේෂීම පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සි ලකුණු 33 කට කඩුලු 6 ක් දවා ලූයේ ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. ජෙෆ්රිගේ මෙම සම්බන්ධතාව ඉන්දියාවට සංසන්දනය කළ විට එය සනිටුහන් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නකු දක්වන ලද සිව්වැනි හොඳම පන්දු යැවීම ලෙසිනි. 2000 වසරේදී මුත්තයියා මුරලිදරන් ලකුණු 30 කට කඩුලු 7 ක් දවා ගැනීම අසල්වැසියන්ට එරෙහිව මෙතෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නකු වාර්තා කර ඇති ඉහළම දක්ෂතාව වේ.

වැන්ඩර්සේට අමතරව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු නායක චරිත් අසලංක ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉන්දියාව අසීරුතාවයකට ඇද දැම්මේය. මොවුන් දෙදෙනාගේ පන්දු යැවීම නිසා ඉන්දියානු පිලේ අවසන් කඩුලු 10 ම ලකුණු 111 ක් ඇතුළත බිඳ වැටුණේය.

එකවට කඩා වැටුණද ඉන්දීය ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් 97 ක් ගොඩ නැඟූ අතර එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වුණු රෝහිත් ෂර්මා පන්දු 44 කදී ලකුණු 64 ක් ලබා ගත්තේය. ඔහුගේ අනිත් සහායකයා වූ ශුබ්මන් ගිල් පන්දු 44 කදී ලකුණු 35 ක් දවා ගත්තේය.

මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් අද තරගයේදීත් නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 240 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඉදිරි පෙළ පිතිකරුවන් කිසිවකුත් දීර්ඝ ඉනිම් කරා යෑමට අපොහොසත් වද්දී යළිත් වරක් සාර්ථක වුණු දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් සහ අකිල ධනංජය සමඟ එක්ව ලකුණු 200 කට අඩුවෙන් ශ්‍රී ලංකා ඉනිම සටහන් වීමේ අවධානමෙන් මුදවා ගත්හ.

මෙහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 40 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ක් හ අකිල ධනංජය ලකුණු 15 ක් වශයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 94 කින් පෝෂණය කළහ. පෙර තරගයේ පරිදිම අද තරගයේදීත් මොවුන් ඉන්දියානු පන්දු යවන්නන් යවන ලද අවසන් පන්දුවාර 5 දී ලකුණු 40 ක් උදුරා ගැනීමට සමත්වූහ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ආරම්භය නම් එතරම් හොඳ නොවූයේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දැවී යෑම හේතුවෙනි. කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලට එක් වුණු කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව පන්දු 101 කදී ලකුණු 74 ක් එක් කළහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 240 යි

පැතුම් නිස්සංක 00, අවිශ්ක ප්‍රනාන්දුු 40, කුසල් මෙන්ඩිස් 30, සදීර සමරවික්‍රම 14, චරිත් අසලංක 25, ජනිත් ලියනගේ 12, දුනිත් වෙල්ලාලගේ 39, කමිදු මෙන්ඩිස් 40, අකිල ධනංජය 15, ජෙෆ්රි වැන්ඩර්සි 01*, වොෂිංටන් සුන්දර් 30/3, කුල්දීප් යාදව් 33/2

ඉන්දියාව පන්දුවාර 42.2 කදී සියලු දෙනා දැවී ලකුණු 208 යි

රෝහිත් ෂර්මා 64, ශුබ්මන් ගිල් 35, විරාට් කෝලි 14, ශිවම් ඩුබ් 00, අක්සාර් පටෙල් 44, ශ්‍රෙයාස් අයියර් 07, කේල් රාහුල් 00, වොෂිංටන් සුන්දර් 15, කුල්දීප් යාදව් 07*, මොහොමඩ් ශිරාජ් 04, අර්ශ්දීප් සිං 03, ජෙෆ්රි වැන්ඩර්සි 33/6, චරිත් අසලංක 20/3

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee